3. සූකර ජාතකය (153)
චතුප්පදො අහං සම්ම යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක් එක්තරා මහලු තෙරනමක් අරබයා වදාළ සේක. එක් දිනක් රාත්රියෙහි බණ ඇසීම පවතිද්දී බුදුරජාණන් වහන්සේ ගඳකිළි දොරටුවෙහි මැණික් සෝන පුවරුවෙහි වැඩසිට භික්ෂු සංඝයාට අවවාද දී ගඳකිළියට පිවිසිකල්හි දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වැද තමන් වහන්සේගේ විහාරයට වැඩි සේක. මුගලන් මහතෙරුන් වහන්සේද තම විහාරයටම වැඩමවා මොහොතක් විවේක ගෙන සැරියුත් තෙරුන් වහන්සේ සමීපයට අවුත් ප්රශ්න විමසූ සේක. ඇසූ ඇසූ ප්රශ්න දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ අහසෙහි පුන්සඳමඬල ඔසවා පාන්නාක් මෙන් විසඳා ප්රකට කළ සේක. සිව් පිරිසිඳ බණ අසමින් හුන්නාහුය. එහිදී එක් මහලු තෙරනමක් ඉදින් මම මේ පිරිස් වැද සැරියුත් තෙරුන් වහන්සේ කැළඹී යන පරිදි පැන විචාරන්නෙමි. මේ පිරිස මහත් බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙකැයි දැන සත්කාර සම්මාන කරන්නාහු යයි සිතා පිරිස් අතරින් නැගිට සැරියුත් මහරහතන් වහන්සේ ළඟට ගොස් එකත්පසෙක හිඳගෙන ඇවැත්නි! සැරියුත් තෙරුන් වහන්ස! අපිත් එක් ප්රශ්නයක් අසන්නෙමු. අවකාශ දෙනු මැනවි, මට විසඳුමක් දෙන සේක්වා. ආවෙඨිකායෙ වා නිබ්බෙඨිකායෙ වා නිග්ගහෙ වා පග්ගහෙ වා විසෙසෙ වා පටිවිසෙසෙ වා යනුවෙන් කටට ආ දෙයක් කීය. සැරියුත් මහතෙරුන් වහන්සේ ඔහු දෙස බලා මේ මහලු භික්ෂුව ආසාවලින් පිරුණු ලාභ සත්කාර කෙරෙහි ගිජු වූ හිස්වූ කිසිවක් නොදන්නෙකැයි ඔහු සමග කථා නොකොටම ලජ්ජාවෙන් විජිනිපත තබා ආසනයෙන් බැස විහාරයට වැඩි සේක. මුගලන් මහතෙරුන් වහන්සේද තමන්ගේ විහාරයටම වැඩි සේක.
මිනිස්සු නැගිට අපට මිහිරි ධර්මය අසන්නට ඉඩ නුදුන් බාධා කළ මේ දුෂ්ට මහල්ලා අල්ලා ගනුයි ලුහුබැන්දාය. හෙතෙම පලා යන්නේ විහාරය කෙළවර බිඳීගිය පුවරු ඇති වැසිකිළි වලෙක වැටී අසූචි තැවරී ගොඩ ආවේය. මිනිස්සු ඒ දැක විපිලිසර වූවෝ බුදුරජාණන් වහන්සේ වෙත ගියාහුය. බුදුරජාණන් වහන්සේ ඔවුන් දැක උපාසකවරුනි! අවේලාවෙහි කුමක් නිසා ආවාහුදැයි විමසූ සේක. මිනිස්සු ඒ සිද්ධිය උන්වහන්සේට දන්වා සිටියහ. බුදුරජාණන් වහන්සේ උපාසකවරුනි! ඒ මහලු භික්ෂුව උඩඟු ස්වරූප ඇතිව තමන්ගේ තරම නොදැන බලවතුන් සමග ගැටෙන්නට ගොස් අසූචි තවරා ඇත්තේ දැන් පමණක් නොවේ. පෙරත් උඩඟු ස්වරූප ඇතිව තමන්ගේ තරම නොදැන මහ බලවතුන් සමග ගැටෙන්න ගොස් අසූචි තවරා ගත්තේ යයි වදාරා ඔවුන් විසින් ඉල්ලන ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී අප මහා බෝසතාණන් වහන්සේ සිංහ යෝනියේ ඉපදී හිමවතෙහි පර්වත ගුහාවක වාසය කළ සේක. ඊට නුදුරෙහි එක් විලක් ඇසුරුකොට බොහෝ ඌරෝ වාසය කළාහුය. ඒ විලම ඇසුරුකොට තවුසෝ ද පන්සල්වල වාසය කළහ. ඉක්බිති දිනක් සිංහයා මීගව ඇත් ආදීන්ගෙන් එකෙකු මරා ඇති තරම් මස් කා ඒ විලට බැස පැන් බී ගොඩට ආවේය. ඒ අවස්ථාවෙහි එක්තරා මහත ඌරෙක් ඒ විල නිසා (ඇසුරුකොට) ආහාර සොයා ගනියි. සිංහයා ඌ දැක වෙනත් දවසෙක මූ කන්නෙමි, මා දුටුවොත් නැවත නොඑන්නේ යයි සිතා ඌගේ නොපැමිණීමේ බියෙන් විලෙන් ගොඩවී එක් පැත්තකින් (නොපෙනී) යන්නට පටන් ගත්තේය. ඌරා එය බලා මූ මා දැක මට බියෙන් එළඹෙන්නට (මුණගැසෙන්න) නොහැකි වන්නේ බියේ පලායයි. අද මා විසින් මේ සිංහයා සමග ගැටෙන්නට වටින්නේ යයි හිස ඔසවා ඌ යුද්ධය සඳහා කැඳවමින්
චතුප්පදො අහං සම්ම! ත්වම්පි සබ්බ චතුප්පදො,
එහි සීහ! නිවත්තස්සු කින්නු භීතොව පලායසී.
එහි සීහ! නිවත්තස්සු කින්නු භීතොව පලායසී.
යන පළමු ගාථාව කීවේය.
“යහළුව! මම සිව්පාවෙක්මි. නුඹද සිව්පාවෙකි. සිංහය! එනු නවතිනු. කුමක් නිසා බියෙන් පලා යන්නෙහිද?
සිංහයාගේ ඌරාගේ කථාව අසා සිට යහලු සූකරය! අද අපට නුඹ හා යුද්ධයක් (ගැටුමක්) නැත. මෙයින් දින හතක් ගියතැන මේ ස්ථානයේදී යුද්ධය වේවායි කියා ගියේය. ඌරා සිංහයා සමග යුද කරන්නෙමියි ඉතා සතුටුව ඒ පුවත නෑයන්ට දැන්වීය. ඔවුහු ඔහුගේ කථාව අසා බියෙන් තැති ගෙන දැන් නුඹ අප සියල්ලෝම නස්නෙහිද? තමන්ගේ බලය නොදැන සිංහයා සමග යුද්ධ කරන්නට කැමති වුනාද? සිංහයා අවුත් අප සියල්ලෝම මරණයට පමුණුවන්නේය. සැහැසි ක්රියාවක් නොකරවයි කීවාහුය. ඌරා බියෙන් තැතිගෙන දැන් කුමක් කරම්දැයි විචාළේය. යහලු සූකරය! නුඹ ඒ තාපසයන් අසූචි දමන ස්ථානයට ගොස් අසූචි දින හතක්ම සිරුරෙහි තවරාගෙන සිරුර වේලවාගෙන හත්වෙනි දින සිරුර පිනිබිංඳුවලින් තෙමාගෙන සිංහයාගේ ඒමට පළමුවෙන් පැමිණ සුළඟ හමන අයුරු දැන උඩු සුළඟෙහි සිටුව. පිරිසිදුකම කැමැති සිංහයා නුඹේ ශරීරයේ ගඳ ආඝ්රාණය කොට තොපට ජය දී යන්නේ යයි කීවාහුය. ඌරා එසේ කොට සත්වෙනි දවසේ අසූචි ගාගෙන ඇති බව දැන යහලු සූකරය! උඹ සිතූ උපාය ඉතා හොඳයි. ඉදින් නුඹ අසූචි තවරා නොගත්තේ නම් මෙහිම තා මරණයට පමුණුවන්නෙමි. දැන් වනාහි නුඹේ සිරුර කටින් හපන්න නොහැකිය. පාදයෙන් පහර දෙන්නවත් නොහැකිය. තට ජය දෙමියි කියා,