2. දොස සූත්ර වර්ණනාව
වුත්තං හෙතං -පෙ- දොසං යනු දෙවන සූත්රය යි. මේ එහි පෙර නොකියන ලද පදවල වර්ණනාව යි. මේ සූත්රයෙහි දී මෙසේ පෙර නොකියන ලද පද වර්ණනා කරන්නා සේ මෙයින් පසුවද හැමතැනදීම පෙර නොකී පද වැනුම ම කරන්නෙමු. මේ සූත්රය ද්වේෂ බහුල පුද්ගලයන්ගේ අදහස් බලා ද්වේෂය සන්සිඳීම පිණිස දේශනා කළ හෙයින් ‘දොසං භික්ඛවෙ එකධම්මං පජහථ’ යනුවෙන් ආයේය.
එහි දොසං යනු ‘අනත්ථං මේ අචරීති ආඝාතො ජායති’ ‘මට අවැඩ පිණිස හැසිරුණේ යයි ද්වේෂය උපදියි ආදී ක්රමයෙන් සූත්රයෙහි කියන ලද නවය ද ‘අත්ථං මෙ නාචරි’ ‘මට වැඩ පිණිස නොහැසිරුණේය’ යනාදී එයට ප්රතිවිරුද්ධ වශයෙන් ඇති වූ නවයදැයි යන දහඅට ද කණු කටු ආදියෙහි හැපීමෙන් ඇතිවන අස්ථාන කෝපය සමග දහනවයක් වූ ආඝාත වස්තු අතරින් එක්තරා ආඝාත වස්තුවකින් උපන් ආඝාතයක් (ක්රෝධයක්). ඒ ද්වේෂය වනාහි එය කරණකොට කිලිටි වෙයි. නැතහොත් තමා කිලිටි වෙයි. නැතහොත් කිලිටිවීම් මාත්රයම ද්වේෂය යි කියනු ලැබේ. ඒ ද්වේෂය දණ්ඩෙන් පහර ලත් සර්පයකු මෙන් චණ්ඩ බව ලක්ෂණ කොට ඇත්තේය. සිරුරට විෂක් වැටුණු කලක මෙන් දැඟලීම කෘත්ය (රසය) කොට ඇත්තේ ය. නැතහොත් තම හදවත ලැව්ගින්නක් මෙන් දැවීම කෘත්ය කොට ඇත්තේය. ලබන ලද අවස්ථාවක් ඇති සතුරකු මෙන් කෙලෙසීම (දූෂණය) වැටහෙන ආකාර කොට ඇත්තේය. විෂවලින් අනන ලද ගොමුත්රය (පූතිමුත්ත) මෙන් මුලින් කියන ලද ආඝාත වස්තු ආසන්න කාරණය කොට ඇත්තේය.
පජහථ යනු සහමුලින් නසව්. එහි
‘පඤ්චිමෙ භික්ඛවෙ ආඝාත පටිවිනයා යත්ථ භික්ඛුනො උප්පන්තො ආඝාතො සබ්බසො පටිවිනෙතබ්බො කතමෙ පඤ්ච: යස්මි භික්ඛවෙ පුග්ගලෙ ආඝාතො ජායෙථ මෙත්තා තස්මිං පුග්ගලෙ භාවෙතබ්බා -පෙ- කරුණා උපෙක්ඛා -පෙ- අසති අමනසිකාරො තස්මිං පුග්ගලෙ ආපජ්ජිතබ්බො, එවං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො, යස්මිං භික්ඛවෙ පුග්ගලෙ ආඝාතො ජායෙථ කම්මස්සකතා එව වා තස්මිං පුග්ගලෙ අධිට්ඨාතබ්බා - කම්මස්සකො අයමායස්මා කම්මදායාදො භවිස්සතී’ති.
‘මහණෙනි, යම් අරමුණක භික්ෂුවට උපන් ආඝාතය (ද්වේෂය) සියලු ආකාරයෙන් දුරු කළයුතු නම් එබඳු වූ මේ ආඝාතය දුරුකරන උපාය පහක් ඇත. ඒ පහ කුමක් ද?
1. මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපන්නේ නම් ඒ පුද්ගලයා කෙරෙහි මෛත්රිය වැඩිය යුතුය. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි උපන් ආඝාතය දුරු කළ යුතුය.
2. මහණෙනි, යම් පුද්ගලයෙකු කෙරෙහි ආඝාතය උපන්නේ නම් ඒ පුද්ගලයා කෙරෙහි කරුණාව වැඩිය යුතුය. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි උපන් ආඝාතය දුරුකළ යුතුය.
3. මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපන්නේ නම් ඒ පුද්ගලයා කෙරෙහි උපේක්ෂාව වැඩිය යුතුය. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි උපන් ආඝාතය දුරුකළ යුතුය.
4. මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපන්නේ නම් ඒ පුද්ගලයා කෙරෙහි උපේක්ෂාව වැඩිය යුතුය. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි උපන් ආඝාතය දුරුකළ යුතුය.
5. මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපන්නේ නම් මේ ආයුෂ්මත් තෙමේ කර්මය තමා අයත්කොට ඇත්තේ වෙයි. කර්මය දායාද (කර්ම විපාක කොටස ගන්නෙක්) වන්නේ යයි ඒ පුද්ගලයා කෙරෙහි කර්මය ස්වකීය (තමා අයත්) කොට ඇති බව මෙනෙහි කළ යුතුය.
මෙසේ ආඝාතය දුරුකරන කරුණු පහ වදාරණ ලද්දේම ය.
‘පඤ්චිමෙ ආවුසො ආඝාත පටිවිනයා යත්ථ භික්ඛුනො උප්පන්නො ආඝාතො’ සබ්බසො පටිවිනෙතබ්බො කතමෙ පඤ්ච: ඉධාවුසො එකච්චො පුග්ගලො අපරිසුද්ධ කාය සමාචාරො හොති අපරිසුද්ධ වචී සමාචාරො එවරූපෙපි ආවුසො පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො’ ති.
‘ඇවැත්නි, යම් අරමුණක භික්ෂුවට උපන් ආඝාතය සියලු ආකාරයෙන් දුරුකළ යුතු නම් එබඳු වූ ආඝාතය දුරුකරන උපාය පහක් ඇත. ඒ පහ කුමක්ද? ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් අපිරිසිදු වූ කායික හැසිරීම් ඇත්තේ වෙයි. අපිරිසිදු වූ වචන කතා කරන්නේ වෙයි. ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහි ද ආඝාතය දුරුකළ යුතුය’
යනාදී ක්රමයෙන් ආඝාතය දුරුකරන කරුණු පහ වදාරණ ලදී. ඒවා අතරින් ආඝාතය දුරුකරන යම්කිසි විධියකින් නුවණින් සලකා බැලිය යුතුය.
‘උභතො දණ්ඩකෙන චෙපි භික්ඛවෙ කකචෙන චොරා ඔචරකා අංගමංගානි මකන්තෙය්යුං තත්රාපි යො මනො පදූසෙය්ය න මෙ සො තෙන සාසනකරො’ති
තව ද, ‘මහණෙනි, ඉදින් පහත් හැසිරීම් ඇති සොරු, දෙපස දඬු ඇති කියතකින් ශරීර අවයව කපන්නාහු ද එහිදී ද යමෙක් සිත දූෂිත කරන්නේ නම් එයින් හෙතෙම මගේ අනුශාසනය කරන්නෙක් නොවේ.’ යනු ශාස්තෲන් වහන්සේගේ අවවාදයයි.
‘යමෙක් කිපුණු තැනැත්තාට පෙරළා කිපේ ද එයින් ඔහුට ම පව සිදු වේ. කිපුණු තැනැත්තාට පෙරළා නො කිපෙන තැනැත්තා දුකසේ ජයගත හැකි ක්රෝධ යුද්ධය දිනයි.
යමෙක් කිපුණු අන් අයෙකු දැන සිහි ඇතිව ඉවසා ද ඔහු තමාටත් අනිත් තැනැත්තාටත් යන දෙදෙනාට ම යහපත සදයි.’
‘මහණෙනි, වෛරී පුද්ගලයන්ට ප්රිය වූ වෛරී පුද්ගලයන්ට ප්රයෝජනවත් වූ මේ කරුණු හත ක්රෝධ කරන ස්ත්රිය වෙත හෝ පුරුෂයා වෙත හෝ පැමිණෙයි. ඒ හත කුමක්ද?
1. මහණෙනි, මෙලොව සතුරා (තමාගේ) සතුරාට මොහු ඒකාන්තයෙන් දුර්වර්ණ වන්නේ නම් මැනවැයි මෙසේ සතුටු වෙයි. එයට හේතුව කුමක්ද? සතුරා සතුරාගේ වර්ණවත් බවට සතුටු නොවෙයි. මහණෙනි, මේ පුරුෂයා ක්රෝධයෙන් යුක්තය. ක්රෝධයෙන් මැඬගත්තේය. ක්රෝධය අනුව ගියේය. හෙතෙම යම් ලෙසකින් හොඳින් ස්නානය කොට සුවඳ විලවුන් මනාව ඇඟ තවරාගෙන කෙස් රැවුල් කපා සුදු ඇඳුම් ඇඳ සිටියත් ක්රෝධයෙන් මැඬුණේ දුර්වර්ණම වෙයි. මහණෙනි, සතුරාට ප්රිය වූ සතුරාට ප්රයෝජනවත් වූ මේ පළමු කරුණ ක්රෝධ කරන ස්ත්රීන් වෙත හෝ පුරුෂයා වෙත හෝ පැමිණෙයි.
2. තවද මහණෙනි, මොහු ඒකාන්තයෙන් දුකසේ නිදන්නේ නම් මැනවැයි මෙසේ සතුටු වෙයි.
3. තවද මහණෙනි, මොහු ඒකාන්තයෙන් බොහෝ ධනය ඇත්තෙක් නොවන්නේ නම් මැනවැයි මෙසේ සතුටු වෙයි.
4. තවද මහණෙනි, මොහු ඒකාන්තයෙන් බොහෝ සම්පත් ඇත්තෙක් නොවන්නේ නම් මැනවැයි මෙසේ සතුටු වෙයි.
5. තවද මහණෙනි, මොහු ඒකාන්තයෙන් බොහෝ පිරිවර (හෝ කීර්තිය) ඇත්තෙක් නොවන්නේ නම් මැනවැයි මෙසේ සතුටු වෙයි.
6. තවද මහණෙනි, මොහු ඒකාන්තයෙන් බොහෝ මිතුරන් ඇත්තෙක් නොවන්නේ නම් මැනවැයි මෙසේ සතුටු වෙයි.
7, තවද මහණෙනි, මොහු කය බිඳීමෙන් මරණින් පසු අපාය දුගති විනිපාත නම් වූ නිරයට පැමිණෙන්නේ නම් මැනවැයි මෙසේ සතුටු වෙයි.
3. තවද මහණෙනි, මොහු ඒකාන්තයෙන් බොහෝ ධනය ඇත්තෙක් නොවන්නේ නම් මැනවැයි මෙසේ සතුටු වෙයි.
4. තවද මහණෙනි, මොහු ඒකාන්තයෙන් බොහෝ සම්පත් ඇත්තෙක් නොවන්නේ නම් මැනවැයි මෙසේ සතුටු වෙයි.
5. තවද මහණෙනි, මොහු ඒකාන්තයෙන් බොහෝ පිරිවර (හෝ කීර්තිය) ඇත්තෙක් නොවන්නේ නම් මැනවැයි මෙසේ සතුටු වෙයි.
6. තවද මහණෙනි, මොහු ඒකාන්තයෙන් බොහෝ මිතුරන් ඇත්තෙක් නොවන්නේ නම් මැනවැයි මෙසේ සතුටු වෙයි.
7, තවද මහණෙනි, මොහු කය බිඳීමෙන් මරණින් පසු අපාය දුගති විනිපාත නම් වූ නිරයට පැමිණෙන්නේ නම් මැනවැයි මෙසේ සතුටු වෙයි.
එයට හේතුව කුමක්ද? මහණෙනි, සතුරෙක් සතුරෙකුගේ සුගති ගමනින් සතුටු නොවෙයි. මහණෙනි, මේ පුරුෂයා ක්රෝධයෙන් යුක්ත වූයේ ක්රෝධයෙන් මැඬගත්තේ, ක්රෝධය අනුව ගියේ කයින් දුසිරිත් කරයි. වචනයෙන් දුසිරිත් කරයි. මනසින් දුසිරිත් කරයි. ක්රෝධයෙන් යුක්ත වූ හෙතෙම කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට මනසින් දුසිරිත් කොට කය බිඳීමෙන් මරණින් පසු අපාය - දුගති විනිපාත නම් වූ නිරයට පැමිණෙයි.’