28. සැරියුත් තෙරුන් පිළිබඳ වූ කතා පුවත
“ආසා යස්සා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටියදී සැරියුත් තෙරුන් නිමිති කර ගෙන දේශනා කළහ.
තෙරුන් වහන්සේ පන්සියයක් භික්ෂූන් පිරිවරා ජනපදයේ එක් විහාරයකට ගොස් වස් සමාදන් වුහ. මිනිස්සු තෙරුන් දැක බොහෝ වස්සාවාසික පිළියෙළ කළහ. තෙරුන් වහන්සේ වස් පවරා සියළුම වස්සාවාසිකය ලැබෙන්නට පෙරම බුදුන් වෙත යන්නේ. එහි රැදී සිටි භික්ෂූන්ට මෙසේ කීහ. මිනිසුන් විසින් වස්සාවාසික ගෙන ආවොත් ඒවා පිළිගෙන කොටස් කොට බෙදා අප ගිය තැනට එවන්න. එසේ නැතිනම් තැන්පත් කොට තබා පණිවුඩයක් එවන්නැයි කියා බුදුන් වෙතට ගියේය. භික්ෂූන් වහන්සේලා කථාවක් ඇති කළහ. අදත් සැරියුත් තෙරුන්ට තෘෂ්ණාව ඇත. සැරියුත් තෙරුන් මිනිසුන් විසින් වස්සාවාසික දුන් විට තමන්ගේ අන්තේවාසික සද්ධිවිහාරික භික්ෂූන්ට වස් සිවුරු යවන්නැයි කියා තබා තමන්ටද පණිවිඩයක් යවන්නැයි භික්ෂූන්ට පවසා පැමිණියේය. යයි කථාවක් ඉපිද වුහ. බුදුන් පැමිණ කිනම් කථාවකින් යුතුව සිටියෝදැයි විමසා භික්ෂූන්ගෙන්ම කරුණ දැනගත්පසු නැත. මහණෙනි මගේ පුතුට තෘෂ්ණාවක් නැත. මිනිසුන්ට පුණ්‍යයෙන්ද දහර සාමණේරයන්ට ධාර්මික ලාභයෙන් ද පරිහානියක් වේයයි මෙසේ පවසා තිබේ.
බව විබව තන් හා
දුරු කොට කෙලෙස් පන්නා
ඇති රහත් උතුමෝ
බමුණු වේ මැයි දන්නා.
යමෙකුට මෙලොව පරලොවද ආසාවෝ නොමැතිද තෘෂ්ණා රහිත වූ කෙලෙස් වලින් තොරවු උන්වහන්සේම මම බ්‍රාහ්මණයයි කියමි.
එහි ආසා නම් තෘෂ්ණාවයි. නිරාසයං තෘෂ්ණා නොමැති බවයි. විසංයුත්තං සියළු කෙලෙසුන්ගෙන් තොර බවයි.
දේශනාව අවසානයේ බොහෝ දෙනා සෝවාන් ආදී මාර්ග ඵල අවබෝධ කර ගත්හ.
29. මහා මොග්ගල්ලාන තෙරුන් පිළිබඳ වූ කථා පුවත
“යස්සාලයා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටියදී මහමුගලන් තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
කථා පුවත පෙරයි. මෙහි දී බුදුහු මුගලන් තෙරුන්ට තෘෂ්ණා නොමැතිව බව පෙන්වා දී මේ ගාථාව දේශනා කළහ.
තණ්හාවෙන් තොරව
සැක රහිත නැණ ඇතිවම
නිවණට පැමිණි දන
බමුණු උතුමෝම වෙති නිබඳව
යම් කෙනෙකුට තෘෂ්ණාව නැත්ද අට තැන දැන සැක නැතිව නිවනට බැස එයට පිළිවෙළින් පැමිණ තැනැත්තාට මම බ්‍රාහ්මණ යයි කියමි.
“තත්ථ ආලයන්ති”- එහි ආලය තෘෂ්ණාවයි. අඤ්ඤාය අකථංකථි අෂ්ඨවිධ යථාස්වභාවයෙන් දැන සැකය අත් හරින ලද, අමතොගධ අනු පපත්තං නිවණට බැස පිළිවෙලින් පැමිණි තැනැත්තා බ්‍රාහ්මණයායි.
දේශනාව අවසානයේ බොහෝ දෙනෙකුට මාර්ග ඵල ලැබුණි.
30. රේවත තෙරුන්ගේ කථා පුවත
“යොධ පුඤ්ඤවා ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ පුර්වාරාමයේ වැඩ සිටියදී රේවත තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
කථා පුවත “ගාමෙවා යදිවා රඤඤෙ” යන ගාථා වර්ණනයෙන්ද විස්තර කෙරෙයි.