26. බ්‍රාහ්මණ වර්ගය
1. ප්‍රසාද බහුල බ්‍රාහ්මණයාගේ කථා පුවත
“ජීන්ද සොතන්ති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටිය දී ප්‍රසාද බහුල බ්‍රාහ්මණයෙක් අරමුණු කරගෙන දේශනා කළහ.
ඔහු වනාහි බුදුන්ගෙන් ධර්මය අසා ප්‍රසන්න වූ සිත් ඇත්තේ තම නිවසේ දහසක් පමණ භික්ෂූන්ට නිතර බත් තබා භික්ෂූන් පැමිණි වේලාවේ දී පාත්‍රය ගෙන පින්වතුනි පැමිණෙත්වා පින්වතුනි වාඩි වෙන්න හොන්තා අරහන්තො පින්වත් රහතුන් වහන්ස යනුවෙන් නිතර රහත් යන වචනය යොදාම කථා කරයි. මෙම භික්ෂූන් වහන්සේලා අතර පුහුදුන් භික්ෂූන් මෙතෙම අපි රහතුන් වහන්සේලා යයි සිතයි එයින් නොසතුටු වූහ. රහතුන් වහන්සේලා අය මෙතෙම අප රහත් ව සිටින බව දැන දැනම කරන කතාවකැයි මෙලෙස සියල්ලෝම සැක ඇති නිසා ඔහුගේ ගෙදරට නො ගියාහුය ඔහු දුකට පත්ව දොම්නස් වහන්සේලා නො එන්නේ ඇයිදැයි විහාරයට ගොස් බුදුන් වැද මේ කරුණ දැනුම් දුන්හ. බුදුරදුන් භික්ෂූන් අමතා මෙලෙස වන්නේ කෙසේදැයි විමසා ඔවුන් විසින් එම අර්ථය දැනුම් දුන්විට මහණෙනි ඔබට මේ අදණ්ඩවාදය පිළිගත හැකිද? ස්වාමීනි අපට ඉවසිය හැකි නොවේ. මෙසේ ඇති කල්හි, මහණෙනි, මිනිසුන්ගේ ඇති බලවත් ප්‍රසාදය නිසා මෙසේ ආමන්ත්‍රණය කරයි. එය ප්‍රසාදය නිසා ආමන්ත්‍රණයේ වරදක් නැත. එසේම මේ බ්‍රාහ්මණයා රහතන් වහන්සේලාට අධික ප්‍රේමයක් ඇත. මේ නිසා තොපද තෘෂ්ණා ශ්‍රෝතසය සිඳ දමා රහතන් බවට පත්වීම වටී යයි පවසා මෙම ගාථාව දේශනා කළහ.
තන්හා මහ වතුර වියලනු වෙහෙස ගෙන
නන් කාමයන් දුරුකළ මැන සිතට එන
සියළුම සකර දම් පිළිබඳ නැසුම දැන
බමුණානති නිවන් සුව සෙත විඳිනු මැන
නන් කාමයන් දුරුකළ මැන සිතට එන
සියළුම සකර දම් පිළිබඳ නැසුම දැන
බමුණානති නිවන් සුව සෙත විඳිනු මැන
බමුණ පරාක්‍රමය කොට තෘෂ්ණා ශ්‍රෝතය සිඳ දමන්න කාමයන් දුරලන්න. සහකාරයන්ගේ විනාශය දැන නිවණ දකිනෙක් වන්න.
එහි පරක්කම නම් තෘෂ්ණා ශ්‍රෝතසය අප්‍රමාදීව උත්සාහයෙන් සිඳීමට නොහැකිය. එහෙයින් ඥාණ යුක්තව මහත් උත්සාහයෙන් වීර්යයෙන් උත්සාහ දරා සොතං එම ශ්‍රෝතසය සිඳින්න. කාමෙපනුද වස්තුකාම ක්ලේශ කාමයන් ඉවත් කරව. බ්‍රාහ්මණයා රහතන් වහන්සේලාට ඇමතීමකි. සංඛාරානං පංචස්ඛන්ධයන්ගේ ක්‍ෂය වීම දැන අකතඤ්ඤුති මෙසේ ඇතිවිට ඔබ, නිර්වාණය දනගැනීම අක නම් වේ.
දෙසුම අවසන බොහෝදෙන මාර්ගඵලයන්ට පත්වුහ.
2. බොහෝ භික්ෂූන්ගේ කථා පුවත
“යදා දවයෙසු ධම්මෙසු” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී බොහෝ භික්ෂූන් නිමිතිකර ගෙන දේශනා කළහ.
එක් දිනක් තිස්නමක් පමණ වූ දිසාවාසී භික්ෂූහු පැමිණ බුදුන් වැඳ වාඩිවූහ. සැරියුත් තෙරුණුවෝ මේ භික්ෂූන්ගේ රහත්බවට හේතු සම්පත් දැක බුදුන් වෙත එළඹ සිටගෙනම මෙම ප්‍රශ්න විමසුහ. ස්වාමීනි “දෙව ධම්මා” කියනු ලැබේ මේ ධර්ම දෙක කුමක්ද? අනතුරුව බුදුරදුන් “දෙවෙ ධර්ම” නම් සාරිපුත්ත සමථ - විපස්සනාවන්ට කියනු ලැබේ.
සමත විදසුන් බවුන්ව වඩමින්
සතර සත්තය දැනුම ලබමින්
සතර යෝගම නසා දමමින්
නිවෙති බමුණෝ නිවන ලබමින්
සතර සත්තය දැනුම ලබමින්
සතර යෝගම නසා දමමින්
නිවෙති බමුණෝ නිවන ලබමින්
යම් කලෙක බ්‍රාහ්මණ තෙමේ සමථ විදර්ශනා ධර්මයන්හි පරතෙරට ගියේද එකල චතුරාර්ය සත්‍ය දන්නා වූ ඔහුගේ සියළු සංයෝජන විනාශයට යෙත්.
මෙහි යදා - යන යම් කලෙකද සෙසු ධර්ම දෙකෙහි ධම්මෙසු - සමථ විදර්ශනා ධර්මයන්හි යෙදෙන ක්ෂීණාශ්‍රවයා පාරශු පරතෙරට ගියේ වෙයි. අථස්ස සංසාර වෘත්තයෙහි සංයෝජන බිඳදමු සබ්බෙ සියළු කාමාදි සංයෝග, සංයෝගා අත්ථං ගච්ඡන්ති මෙසේ සියළු කාම ඕඝ ආදිය දැන ඒවා ක්‍ෂය කොට නිවණට යන්නේය. යන අර්ථයි.
දේශනාව අවසානයේ සියළු භික්ෂූහු රහත් ඵලයට පත්වූහ.
3. මාරයාගේ කථා පුවත
“යස්ස පාරං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී මාරයා නිමිති කර ගෙන දේශනා කළහ.
මාරයා එක් දිනක් එක්තරා පුරුෂයෙක් ලෙසට බුදුන් වෙත එළඹ විමසුවේය. ස්වාමීනි - පාරං - පාරං - යනුවෙන් කියනු ලැබේ. මේ පාර - නම් කුමක්ද? බුදුරදුන් මේ මාරයා යයි දැන පව්කාරය - ඔබට එතෙර වීමෙන් කවර ප්‍රයෝජනයක්ද? එය වීතරාගීන් විසින් ප්‍රාර්ථනා කළයුතු දෙයකි.
එගොඩ මෙගොඩ ද දෙගොඩ නැතිකොට
කෙලෙස් ගිනිදැල් නිවා අළු කොට
කෙලෙස් බැමෙන් මිදුනු දනහට
බමුණු යන නම ලැබෙයි වහරට
කෙලෙස් ගිනිදැල් නිවා අළු කොට
කෙලෙස් බැමෙන් මිදුනු දනහට
බමුණු යන නම ලැබෙයි වහරට
යමෙකුට එතර ද මෙතරද - මෙතෙරද - එතෙරද නැත්තේද. පහසු කෙලෙස් විඩා ඇති, සියළු කෙළෙසුන්ගෙන් මිදුණු ඒ රහතන් වහන්සේට මම බ්‍රාහ්මණයයි කියමි.
එහි පාරං යනු ආධ්‍යාත්මික ආයතන සයයි. (ඇස- කන - දිව - නහය - කය - සිත) අපාරජං යනු බාහිර ආයතන සයයි. (රූප - ශබ්ද - රස - ගන්ධ - ස්පර්ශ - ධම්ම) පාරා පාරං මේවා නිසා ඇතිවන බියයි, න වීජ්ජති යනු යම් කෙනෙකුට මේ සියල්ල පිළිබඳව මමය මගේය යන ග්‍රහණය නැතිවීම, සංකිලේසයන්ගෙන් වෙන්වීම. වීතදදරං. සියලු ක්ලේශයන්ගෙන් වෙන්වීම විසංයුත්තං තං අහං බ්‍රාහමණං වදාමි. ඔහු බ්‍රාහ්මණයෙකැයි මම කියමි යන අර්ථයි.