ධම්මපද අටුවාව
පළමුවන කොටස
ග්‍රන්ථ ආරම්භ කථා
මහ මෝහ අඳුරෙහි
ගිළුණු ලොවක කෙළවර දුටු
දිලෙන ඉදු බල යුතු
කිසිවකු දහම් පහනක්
දැල්විණි නම් උතුම් ලෙස
ගිළුණු ලොවක කෙළවර දුටු
දිලෙන ඉදු බල යුතු
කිසිවකු දහම් පහනක්
දැල්විණි නම් උතුම් ලෙස
සිරිමත් ඒ බුදුන්ගේ
දෙපා පියුම් නැමද සිට
එතුමන්ගේ දහමටද
සඟරුවනටද පුදකොට
දෙපා පියුම් නැමද සිට
එතුමන්ගේ දහමටද
සඟරුවනටද පුදකොට
දහම අදහම පිළිබඳ
ඒ ඒ කරුණු උදෙසා
දහම කෙළවරටම පත්
බුදුහු යම් ධම්මපදයක්
මැනවින් දෙසු සේක් නම්
ඒ ඒ කරුණු උදෙසා
දහම කෙළවරටම පත්
බුදුහු යම් ධම්මපදයක්
මැනවින් දෙසු සේක් නම්
කරුණාවෙන් මෙහෙය වී
දෙව්මිනිසුන්ට හිතවු
ප්‍රීතිය ප්‍රමුදිත බව වඩවන
යම් දහමක් දෙසුහු නම්
දෙව්මිනිසුන්ට හිතවු
ප්‍රීතිය ප්‍රමුදිත බව වඩවන
යම් දහමක් දෙසුහු නම්
පරපුරෙන් ගෙන ආ ඒ
නිපුණවු අරුත් පහදන විදි
හෙළ දිවයිනෙහි මෙතෙක් කල්
හෙළ බසින්ම පැවතුණේ වේ.
නිපුණවු අරුත් පහදන විදි
හෙළ දිවයිනෙහි මෙතෙක් කල්
හෙළ බසින්ම පැවතුණේ වේ.
එය සෙසු දනන්හට
හිත සුව පිණිස නොයෙදේ
එයින් ලොවට වැඩක් වේනම්
ඉතා යෙහෙකැයි සලකා
හිත සුව පිණිස නොයෙදේ
එයින් ලොවට වැඩක් වේනම්
ඉතා යෙහෙකැයි සලකා
මෙවැනි පැතුම් ඇතිවු
දැමුණු සමචාරීවූ
කුමරකසුප් නම් ලත්
තිර සිත් ඇති තෙරණුවන්
දැමුණු සමචාරීවූ
කුමරකසුප් නම් ලත්
තිර සිත් ඇති තෙරණුවන්
දහම කල් පවතිනු වස්
සිතා කළ ඇරයුම ලෙස
එම බසත්, බහුලව කළ
විස්තරද පිළිවෙළද හැර
සිතා කළ ඇරයුම ලෙස
එම බසත්, බහුලව කළ
විස්තරද පිළිවෙළද හැර
හෙළ අරුත් පහදන
ගාථා ව්‍යඤ්ජන පද හා
බහුල විස්තර හැර මෙය
පෙළ බසට නගා ලන්නෙම්
ගාථා ව්‍යඤ්ජන පද හා
බහුල විස්තර හැර මෙය
පෙළ බසට නගා ලන්නෙම්
ඒ සැම විමසා බලා
සෙස්ස අරුත් වශයෙන් ගෙන
පැණවතුන්ගේ මනසට
අරුත් දහම් ඇසුර හා
ප්‍රීති සොම්නස එළවමින්
වෙනත් බසකින් ලියා ලන්නෙම්.
සෙස්ස අරුත් වශයෙන් ගෙන
පැණවතුන්ගේ මනසට
අරුත් දහම් ඇසුර හා
ප්‍රීති සොම්නස එළවමින්
වෙනත් බසකින් ලියා ලන්නෙම්.
1. යමක වර්ගය
1. චක්ඛුපාල තෙරුන්ගේ වස්තුව
මේ ධර්මදේශනාව කොහේදී දේශනා කරන ලද්දක්ද? සැවැත්නුවරදීය. කවුරුන් අරභයාද? චක්ඛුපාල තෙරුන් අරභයාය.
සැවැත්නුවර මහාසුවණ්ණ නම් කෙළෙඹියෙක් සිටියේය. ඔහු විවිධ සැපසම්පත් ඇති මහධනවතෙකි. දූපුතුන් නැත්තෙකි. දිනක් ඔහු නානතොටුපළට ගොස් ආපසු එන අතරමඟ අතුපතරින් ගැවසීගත් එක් වනස්පති වෘක්ෂයක් දැක, මේ වෘක්ෂය කිසියම් මහානුභාව සම්පන්න දෙවියෙකු අධිගෘහිත (වාසයකරන) ගසෙකියි සිතීය. එසේ සිතා ඒ ගස යට හොඳින් පිරිසිදු කොට ප්‍රාකාරයක් බැඳ, වැලි අතුරුවා ධජ පතාක ඔසවා ඒ වනදෙටුරුක අලංකාර කරවා, ඉඳින් පුතෙක් හෝ දුවක් ලැබුණොත් ඔබට මහත්වූ සත්කාර සම්මාන කරන්නෙමි’යි ප්‍රාර්ථනා කොට ගියේය.
ඉන්පසු ඔහුගේ බිරිඳගේ කුස ගැබක් පිහිටියේය. ඕතොමො ගැබක් පිහිටි බව තම සැමියාට දැන්වුවාය. කෙළෙඹියා ඈට ගැබ්පෙරහැර දුන්නේය. ඈ දසමසක් ඇවෑමෙන් පුතෙකු වැදුවාය. සිටුවරයා තමා විසින් පාලනය කළ වනස්පතිය නිසා ලත් හෙයින් පුතාට ‘පාල’ යන නම තැබීය. ඈ පසු කලෙක තවත් පුතෙකු ලැබුවාය. ඔහුට ‘චුල්ලපාල’ යන නම තබා වැඩිමලාට ‘මහාපාල’ යන නම තැබීය. ඔවුහු සුදුසු වියට පත්කල්හි ගෘහබන්ධනයට (විවාහයට) ඇතුළත් වූහ.
එසමයෙහි දම්සක් දේශනා පැවැත්වු බුදුරජාණන්වහන්සේ ජනයා සගමොක්මගෙහි පිහිටුවමින් පිළිවෙළින් වැඩමවා, අනේපිඬු සිටුහු විසින් පනස්හතර කෝටියක් ධනය වියදම්කොට කරවනලද ජේතවනාරාමයෙහි වැඩවාසය කරනසේක. තථාගතයන් වහන්සේ මවුපසින් අසූවක් පමණ පවුල්වල අයද, පියපසින් අසූවක් පමණ කුලවල අයද, යන අසූවේ කුලදෙකක නෑයන් දහස්ගණනක් විසින් කරනලද විහාරයෙහි එකම වසක් විසුසේක. අනේපිඬුසිටුහු විසින් කරනලද ජේතවනාරාමයෙහි එකුන්විසි (19 ක්) වසක්ද, විසිහත් කෝටියක වියදමින් විශාඛාව විසින් කරවනලද පූර්වාරාමයෙහි සවසක්ද විසුසේක. ඒ දෙකුලයේ අයගේ ගුණමහත්වය ගැන සලකා මෙසේ සැවැත්පුර විසිපස්වසක් පමණ වස් විසූසේක.
අනේපිඬු සිටුතුමාත්, විශාඛා මහාඋපාසිකාවත් නිතිපතා දවසට දෙවරක් බුද්ධෝපස්ථානය සඳහා විහාරයට යති. එසේ යනවිට ‘ළඳරුසාමණේරුවරු විහාරයට ගිය විට අපේ අත් දෙස බලත්’ යයි සිතා හිස් අතින් කිසිවිටෙකත් නොගියහ. පෙරබත් වේලාවේ (උදේ වරුවේ) යනවිට කෑයුතු දේවල් ගෙන්වාගෙන යති. පසුබත් වේලෙහි නම් පස්වැදෑරුම් බෙහෙත්ද, අටවැදෑරුම් පානවර්ගද රැගෙන යති. ඒ දෙදෙනාගේ ගෙවල්වල භික්ෂුන් දහසක් දෙනා වෙනුවෙන් නිතරම ආසන පනවා ඇත. යම් භික්ෂුනමක් ආහාරපාන බෙහෙත් ආදී යමක් කැමැත්තේ නම් ඒ සියල්ල තමන් කැමති හැටියකට එහි සමීපාදනයවී තිබිණි.
ඔවුන් අතරින් අනේපිඬුසිටුහු විසින් එකම එක දවසක්වත් බුදුරදුන්ගෙන් ප්‍රශ්න අසා නැත. ‘තථාගතයන්වහන්සේ බුදුවරයෙකු නිසා සියුමැලිය. ක්ෂත්‍රිය කුලයේ කෙනෙකු නිසාත් සියුමැලිය. මේ ගෘහපතියා මට උපකාර කරන්නෙකියි සිතා දහම් දෙසනවිට උන්වහන්සේට ක්ලාන්ත ගතිය ඇතිවිය හැකිය’ ආදී කරුණු සලකා බුදුන් කෙරෙහි අධිකමාත්‍ර ආදරය නිසා එසේ ප්‍රශ්න නොඅසනලදී.
බුදුරජාණන්වහන්සේ එගෙට වැඩමවා ආසනයේ වැඩ සිටි හැටියේම, මේ සිටුවරයා මා නොරැකියයුතු තැන රකියි, මා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් අබරණින් සැරසු මගේ හිස කපාදී, දෑස් ගළවාදී, හදවත උගුල්ලාදී, ප්‍රාණාසම අඹුදරුවන් දන්දී පාරමී සම්පුර්ණ කෙළේ දහම් දෙසීම සඳහාමයි. එහෙත් මොහු මා නොරැකියයුතු තැන රකීය’යි සිතා කුමක් හෝ දම්දෙසුමක් කරනසේක්මය.