29. මහා මොග්ගල්ලාන තෙරුන් පිළිබඳ වූ කථා පුවත
“යස්සාලයා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටියදී මහමුගලන් තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
කථා පුවත පෙරයි. මෙහි දී බුදුහු මුගලන් තෙරුන්ට තෘෂ්ණා නොමැතිව බව පෙන්වා දී මේ ගාථාව දේශනා කළහ.
තණ්හාවෙන් තොරව
සැක රහිත නැණ ඇතිවම
නිවණට පැමිණි දන
බමුණු උතුමෝම වෙති නිබඳව
යම් කෙනෙකුට තෘෂ්ණාව නැත්ද අට තැන දැන සැක නැතිව නිවනට බැස එයට පිළිවෙළින් පැමිණ තැනැත්තාට මම බ්‍රාහ්මණ යයි කියමි.
“තත්ථ ආලයන්ති”- එහි ආලය තෘෂ්ණාවයි. අඤ්ඤාය අකථංකථි අෂ්ඨවිධ යථාස්වභාවයෙන් දැන සැකය අත් හරින ලද, අමතොගධ අනු පපත්තං නිවණට බැස පිළිවෙලින් පැමිණි තැනැත්තා බ්‍රාහ්මණයායි.
දේශනාව අවසානයේ බොහෝ දෙනෙකුට මාර්ග ඵල ලැබුණි.
30. රේවත තෙරුන්ගේ කථා පුවත
“යොධ පුඤ්ඤවා ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ පුර්වාරාමයේ වැඩ සිටියදී රේවත තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
කථා පුවත “ගාමෙවා යදිවා රඤඤෙ” යන ගාථා වර්ණනයෙන්ද විස්තර කෙරෙයි.
එක් දිනක් භික්ෂූන් වහන්සේලා ධම් සභා මණ්ඩපයේ දී කථාවක් ඇති කළහ. අහෝ සාමණේරයන්ගේ ලාභය, අහෝ පින, එක් අයෙක් විසින් පන්සියයක් භික්ෂූන් සඳහා පන්සියයක් කුළු ගෙවල් කරන ලදී ශාස්තෲන් වහන්සේ වැඩමවා කළ කථාව ගැන භික්ෂූන්ගෙන් විමසා දැනගත් පසු මහණෙනි මගේ පුතුට පින් ද පව් ද නැත. මේ කර්ම දෙකම ප්‍රහීණ කර තිබේ. යයි පවසා මේ ගාථාව දේශනා කළහ.
පින් පව් දෙක නසා
සෝ රජස් හැම වනසා
කෙලෙස් වැනසු නිසා
වර ඔහුද බමුණෙකි කියමි නොලසා
යම් කෙනෙක් පින ද පව ද යන දෙකම දුරුකළේ ද ඉක්මවූයේ ද ශෝක කිරිම් නැති, රජ සේ නැති පිරිසිදු වූ ඔහු බ්‍රාහ්මණයෙකි.
එහි උභො යනු පින් ද පව් ද යන දෙකම දුරුකළ යන අර්ථයි. සඞගං යනු රාගාදී වෙනස්කම්, උපච්චගා ඉක්මවා, තමහං සංසාර වෘත්ත මූල සෝකයෙන්, අසොකං - අභ්‍යන්තරයේ රාග රජස් ආදීන්ගේ අභාවයෙන්, විරජං උපක්ලේශ රහිතව. සුද්ධං තමහං බ්‍රාහ්මණං පිරිසිදු වූ තැනැත්තා බ්‍රාහ්මණයෙකැයි කියමි යන අර්ථයි.
දේශනාවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.
31. චන්ද්‍රාභ තෙරුන්ගේ පුවත
“චන්දංවාති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටිය දී චන්දාභ තෙරුන් පිළිබඳව මෙම දේශනය කළහ.
එහි අනුපිළිවෙල කථාව මෙසේය. පෙර බරණැසවාසී එක් වෙළෙන්දෙක් ප්‍රාන්ත දේශයකට ගොස් ගම්දොර නිවසක් හදාගෙන කැලෑවේ ගොපලු දරුවන්ගෙන් විමසීය. මේ ගමේ පබ්බතපාද කාර්මික මිනිසෙක් සිටීද? ... ඔහුගේ නම කුමක්ද අසවල් නමයි භාර්යාවගේ හා ඇගේ දරුවන්ගේ නම් මොනවාද? මේ මේ යයි කීවාහුය. ඔහුගේ නිවස තිබෙන්නේ කොහේද? අසවල් තැනයි. හෙතෙම දරුවන් විසින් දෙන ලද සලකුණු අනුව යහපත් රථයක වාඩිවී ඔහුගේ නිවසට ගොස් රථයෙන් බැස ගෙට පිවිස නම කියා ස්ත්‍රීය කැඳවීය. ඇය අපේ එක් ඥාතීයෙකු වන්නේ යයි වේගයෙන් අවුත් අසුනක් පැනවීය. ඔහු එහි වාඩි වී නම කියා මගේ මිතුරා කොහේදැයි විමසුවේය. ස්වාමියා ඔහු වනයට ගියේය. මගේ අසවල් පුතා අසවල් දුව කොයිද සියල්ලන්ගේ නම් කියන විට විමසා මේ ඔවුන්ගේ ඇදුම් හා පැළදුම්ද දුන්නේය. මගේ මිතුරා වනයෙන් පැමිණි විට මේ වස්ත්‍ර ආභරණ දෙන්නැයි පැවරුවේය. ඇය ඔහුට උදාර ලෙස සත්කාර ස්වාමියා පැමිණිවිට මොහු පැමිණි බව හා සියල්ලන්ගේ නම් කියා මේ මේ දේ දෙන ලදයි පැවසුවාය. ඔහු ද කළ යුතු දැ කළේය.