23. එක්තරා භික්ෂුවක් පිළිබඳ කථා පුවත
“නිධායා” ආදී මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටිය දී එක්තරා භික්ෂුවක් නිමිති කරගෙන දේශනා කළහ.
එම භික්ෂුව බුදුන් වෙතින් කර්මස්ථාන ගෙන අරණ්‍යයෙහි උත්සාහ කරමින් රහත්බවට පත්ව ලබන ලද ගුණය බුදුන්ට දැනුම් දෙමියි ඉන් නික්මුණහ. මේ අතර එක් ගමක එක් ස්ත්‍රියක් ස්වාමියා සමග කලහ කර ගෙයින් පිටවී යන්නේ තම ගෙදරට යන්නෙමියි. මගට පිළිපන්නේ අතර මගදී මේ තෙරුන් දැක මොහු සමග යන්නෙමියි පසුපසින් ගියාය. තෙරුන් වහන්සේ ඇය නො දුටුවේය. අනතුරුව ඇගේ සැමියා ගෙට ආවේ ඇය නොදැක ඇගේ නිවසට යන්නට ඇතැයි සිතා ලුහුබඳින්නේ ඇයට හුදකලාව මේ වනය පසුකිරීමට නොහැකියයි කවුරුන් නිසා යන්නේදැයි බලන්නේ තෙරුන් දැක ඔහු මැය රැගෙන යන්නේ යයි සිතන්නේ තෙරුන්ට තර්ජනය කළේය. අනතුරුව එම ස්ත්‍රිය මේ තෙරුන් වහන්සේ මා නො දුටුවේය. මා හා කථා නො කළේය. කිසිවක් නො කීවේය. හෙතෙම කිමෙක්ද, ඔබව මොහු විසින්ම ගෙන ගියත් ඔබ ඇත්ත කියන්නේ ද, ඔබට කළයුතු දේ මොහුට කරමියි උපන් ක්‍රෝධය ඇත්තේ ස්ත්‍රිය සමග ආඝාතයෙන් තෙරුන්ට තලා ඇය රඳවාගෙන නැවතුනි. තෙරුන්ගේ මුළු සිරුර හටගත් ගඩු ඇත්තේ විය. අනතුරුව විහාරයට ගිය විට භික්ෂූන් සිරුර සංවිධානය කරමින් ගඩු දැක මේ කුමක්දැයි විමසුහ. උන්වහන්සේ තමන්ට සිදුවූ දෙය ඔවුන්ට පැවසුහ. අනතුරුව භික්ෂූන් වහන්සේලා ඇවැත්නි, ඒ පුරුෂයා මෙලෙස පහර දෙන විට කුමක් කීවේද ඇයි කෝපයක් ඇතිවුයේ නැත්ද නැත. ඇවැත්නි මට කෝපයක් ඇති නොවීයයි පැවසුවිට බුදුන් වෙත ගොස් මෙම තොරතුරු පැවසුහ. මට ක්‍රෝධය ඇති නොවූවේ යයි අභූතයන් කියයි. අන් දෙයක් පවසයි. බුදුහු ඔවුන්ගේ කථා අසා මහණෙනි රහතන් වහන්සේලා නම් බැහැර කරන ලද දඩුවම් ඇත්තේ පහර දුන් විටද ක්‍රෝධ නොකරයි යනුවෙන් පවසා -
බියෙන් තැති ගත් නොගත්
සතුන් නොමරන හා නොමරවන
උතුම් මිනිසා මෙලොවේ
බමුණෙකි රහත් උතුමෙකි.
සතුන් නොමරන හා නොමරවන
උතුම් මිනිසා මෙලොවේ
බමුණෙකි රහත් උතුමෙකි.
යමෙක් තැති ගන්නා වූද තැති නොගන්නා වුද සත්ත්වයන් කෙරෙහි කාය දණ්ඩය බහා තබා තෙමේ කිසිවෙක් නො මරාද අනුන් ලවා නො මරවාද ඔහුට මම බ්‍රාහ්මණයයි කියත්.
එහි නිධායා යනු - බහා තබා තසෙසු ථාවරෙසු තණ්හාවෙන් බිය වූ තෘෂ්ණ අභාවයෙන් ස්ථිර වූ යමෙක් න හන්ති නොනසාද මෙසේ සියළු සත්ත්වයන් කෙරෙහි පහවූ ක්‍රෝධය බහා තබා ඇති උතුමා මම - බ්‍රාහ්මණ යනුවෙන් හඳුන්වමි.
දෙසුම අවසානයේ බොහෝ දෙන සෝවාන් ඵලාදියට පත්වූහ.
24. විසිතුන් වැනි වු සතර සාමණේරයන් පිළිබඳ වූ කථා පුවත
“අවිරුද්ධං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී සාමණේරවරුන් සිව් නමක් පිළිබඳව දේශනා කළහ.
එක් බැමිණියක් භික්ෂූන් සතර නමක් උදෙසා බත් උයා මහල්ලක බ්‍රාහ්මණයින් සිව් දෙනෙක් උදෙසීම පිණිස වඩමවා ගෙන එන්නයි තවත් බමුණෙකුට කීය. ඒ බමුණා විහාරයට ගොස් මට බ්‍රාහ්මණයන් සතර නමක් දෙන්නැයි පැවසුවේය. එහි සංකිච්ච පණ්ඩිත සෝපාක - රේවත යන සත්ත්වයන් ඇති සාමණේර රහතන් වහන්සේලා පැමිණියාවුහ. බැමිණිය මහ උසස් අසුන් පනවා බලා සිට සාමණේර තෙරවරු දැක කෝපයට පත්ව ලිපට දැමු ලුණු සේ කටකට ගා වෙවුලුවේ විහාරයට ගොස් තමන්ගේ මුණුබුරන් තරම්වත් නැති පොඩිවුන් සතර දෙනෙක් ගෙන ආවේයයි ඔවුන්ට ඒ ආසනවල වාඩි වීමට ඉඩ නොදී පහත් පුටු අතුරා මේ අසුන්වල වාඩිවෙන්නැයි කියා බ්‍රාහ්මණය යන්න මහළු භික්ෂූන් බලා ගෙන එන්නැයි පිටත් කළාය. බමුණා ගොස් සැරියුත් තෙරුන් දැක වඩින්න අපේ නිවසට වඩින්නැයි කැඳවාගෙන ආවේය. තෙරුන් පැමිණ සාමණේර භික් ෂූන් දැක මේ බ්‍රාහ්මණයින් විසින් දානය ලබන්නට ඇතැයි විමසා නො ලද බව අසා සතර නමකට ආහාර පිළියෙළ කළ බව අසා මගේ පාත්‍රය ගෙන එන්නැයි ඉල්ලාගෙන ආපසු වැඩම කළහ. බැමිණිය ද මෙසේ වූයේ කිමදැයි විචාරා, සතර දෙනකුට පිළියෙළ කළ දානය බැවින් ආපසු ගිය බව දැන, වහා ගොස් වෙනත් මහළු භික්ෂූන් සතර නමක් වඩමවාගෙන එන්නයි යැවීය. එහිගිය බමුණා මුගලන් තෙරුන් දැක එලෙසට කියා කැඳවාගෙන ආවේය. උන්වහන්සේ ද සාමණේරවරු දැක එලෙසටම කියා පාත්‍රය ගෙන වැඩම කළේය. අනතුරුව ඇය බමුණාට මෙසේ කීවාය. බ්‍රාහ්මණ බමුණු අරමකට ගොස් එක් මහළු බමුණෙක් කැඳවාගෙන එන්නැයි