24. විසිතුන් වැනි වු සතර සාමණේරයන් පිළිබඳ වූ කථා පුවත
“අවිරුද්ධං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී සාමණේරවරුන් සිව් නමක් පිළිබඳව දේශනා කළහ.
එක් බැමිණියක් භික්ෂූන් සතර නමක් උදෙසා බත් උයා මහල්ලක බ්රාහ්මණයින් සිව් දෙනෙක් උදෙසීම පිණිස වඩමවා ගෙන එන්නයි තවත් බමුණෙකුට කීය. ඒ බමුණා විහාරයට ගොස් මට බ්රාහ්මණයන් සතර නමක් දෙන්නැයි පැවසුවේය. එහි සංකිච්ච පණ්ඩිත සෝපාක - රේවත යන සත්ත්වයන් ඇති සාමණේර රහතන් වහන්සේලා පැමිණියාවුහ. බැමිණිය මහ උසස් අසුන් පනවා බලා සිට සාමණේර තෙරවරු දැක කෝපයට පත්ව ලිපට දැමු ලුණු සේ කටකට ගා වෙවුලුවේ විහාරයට ගොස් තමන්ගේ මුණුබුරන් තරම්වත් නැති පොඩිවුන් සතර දෙනෙක් ගෙන ආවේයයි ඔවුන්ට ඒ ආසනවල වාඩි වීමට ඉඩ නොදී පහත් පුටු අතුරා මේ අසුන්වල වාඩිවෙන්නැයි කියා බ්රාහ්මණය යන්න මහළු භික්ෂූන් බලා ගෙන එන්නැයි පිටත් කළාය. බමුණා ගොස් සැරියුත් තෙරුන් දැක වඩින්න අපේ නිවසට වඩින්නැයි කැඳවාගෙන ආවේය. තෙරුන් පැමිණ සාමණේර භික් ෂූන් දැක මේ බ්රාහ්මණයින් විසින් දානය ලබන්නට ඇතැයි විමසා නො ලද බව අසා සතර නමකට ආහාර පිළියෙළ කළ බව අසා මගේ පාත්රය ගෙන එන්නැයි ඉල්ලාගෙන ආපසු වැඩම කළහ. බැමිණිය ද මෙසේ වූයේ කිමදැයි විචාරා, සතර දෙනකුට පිළියෙළ කළ දානය බැවින් ආපසු ගිය බව දැන, වහා ගොස් වෙනත් මහළු භික්ෂූන් සතර නමක් වඩමවාගෙන එන්නයි යැවීය. එහිගිය බමුණා මුගලන් තෙරුන් දැක එලෙසට කියා කැඳවාගෙන ආවේය. උන්වහන්සේ ද සාමණේරවරු දැක එලෙසටම කියා පාත්රය ගෙන වැඩම කළේය. අනතුරුව ඇය බමුණාට මෙසේ කීවාය. බ්රාහ්මණ බමුණු අරමකට ගොස් එක් මහළු බමුණෙක් කැඳවාගෙන එන්නැයි
මේ අතර සාමණේරවරු ද උදේ අළුයම සිට කිසිවක් නොලැබ කුසගින්නෙන් පෙළී වාඩිවී සිටියහ. උන්වහන්සේලාගේ ගුණ තෙදින් සක් දෙවිදුන්ගේ අසුන උණුවිය. ඔහු බලන්නේ ඔවුන් අළුයම සිට ක්ලාන්ත බව දැන මවිසින් එහි යාම කළ යුතුයයි ජරා ජීර්ණ මහළු බමුණෙකු ලෙසට වෙස්වලාගෙන එම බමුණන්ගේ උතුම් ආසනයේ වාඩි වුයේය. බ්රාහ්මණයා ඔහු දැක දැන් බැමිණිය සතුටුවේයයි සිතා නිවසට කැඳවාගෙන ගියේය. බැමිණිය ඔහු දැක සතුටුවී ආසන දෙකක ඇතිරිලි එක අසුනකට දමා ආර්යය මෙහි වාඩිවෙන්නයි පැවසුවේය. සක් දෙවිඳු ගෙට පිවිස සාමණේරවරු සිව්නමට පසඟ පිහිටුවා වැඳ ඔවුන්ගේ ආසන කෙළවර බද්ධ පර්යංකයෙන් වාඩි විය. මෙහිදි බැමිණිය බමුණාට ඔබ බ්රාහ්මණයෙක් නමුත් මොවුන්ගේ පියා සමාන කෙල්ලෙක් ගෙන ආවේය. නමුත් ඔහු තම මුණුබුරන් සමාන පොඩි අයට වඳියි. මට මොහුගෙන් වැඩක් නැත. බැහැර කරන්නැයි කීවාය. ඔහු කඳින්ද අතින්ද කිහිල්ලෙන්ද අල්ලාගෙන ඇද දමන්නට හැදුවත් නැගිටින්නට ද කැමති නොවීය.
අනතුරුව බැමිණිය එන්න බ්රාහ්මණය නුඹ එක අතකින් ගන්න මම අනිකෙන් ගනිමියි දෙදෙනාම අත්දෙක අල්ලාගෙන පිටට තලමින් දොරින් එළියට කළහ. සක් දෙවිදුද හුන් තැනම සිටියේ අත පෙරලුවේ ඔවුන් නැවතී වාඩිවී සිටිනු දැක කෑගසමින් එළවා දැමුහ. එකෙනෙහි ශක්රයා තමන් සක් දෙවිදුබව පෙන්වීය. අනතුරුව ඔවුන්ට ආහාර දුන්නාහුය. සාමණේරවරු පනවන ලද ආහාර ගෙන එක් නමක් කැනිමඩල බිඳ වැඩියේය. එක් නමක් පියම් සේ උඩ කොටසද අනෙක් නම පසු භාගය ද එක් නමක් පොළවට කිමිදී සක් දෙවිඳු ද තවත් තැනකින් නික්ම ගොස් පස් ආකාරයකින් නික්ම ගියාහුය. එතැන් පටන් එම නිවස සිදුරු පහේ ගෙදර ලෙසට නම් කෙරුණි.
සාමණේරවරු ද ගිය විට භික්ෂූන් වහන්සේලා ඈත කුමක්වීදැයි විමසූහ. අපෙන් නො අසන්න අප දුටුතැන් සිට බැමිණිය ක්රෝධයෙන් පෙළුනේ පනවන ලද අසුන්වල අපට වාඩිවීමට ද ඉඩ නො දී වහවහා මහළු බ්රාහ්මණයින් ගෙන එන ලෙසට කීවාය. අපේ උපාධ්යායන් වහන්සේ පැමිණ ආපසු වැඩම කළහ. අනෙක් මහළු බ්රාහ්මණයෙක් ගෙන එන ලෙසට පැවසු නිසා මුගලන් තෙරුණුවෝ ගෙන්වූහ. උන්වහන්සේ ද අපට දැක නික්මී ගියහ. පසුව බ්රාහ්මණ ආරාමයෙන් මහළු බමුණෙක් ගෙන්වීය. ඔහු බ්රාහ්මණ වේශයෙන් ආ සක් දෙවිඳු විය. ඔහු ගිය විට අපට ආහාර දුන්හ. මෙසේ කරන අයට ඔබ නො කිපුණේද නැත නො කිපුණෙමු. භික්ෂූන් මෙය අසා තථාගතයන් වහන්සේට දැනුම් දුන්හ. ස්වාමීනි මේ අය නො කිපුණේයයි අභූත බොරුවක් කියති. තථාගතයන් වහන්සේ රහතුන් වහන්සේලා නම් විරුද්ධවන්නවුන්ට ද විරුද්ධ නොවෙතියි පවසා මෙම ගාථාව පැවසුහ.