2. බොහෝ භික්ෂූන්ගේ කථා පුවත
“යදා දවයෙසු ධම්මෙසු” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී බොහෝ භික්ෂූන් නිමිතිකර ගෙන දේශනා කළහ.
එක් දිනක් තිස්නමක් පමණ වූ දිසාවාසී භික්ෂූහු පැමිණ බුදුන් වැඳ වාඩිවූහ. සැරියුත් තෙරුණුවෝ මේ භික්ෂූන්ගේ රහත්බවට හේතු සම්පත් දැක බුදුන් වෙත එළඹ සිටගෙනම මෙම ප්‍රශ්න විමසුහ. ස්වාමීනි “දෙව ධම්මා” කියනු ලැබේ මේ ධර්ම දෙක කුමක්ද? අනතුරුව බුදුරදුන් “දෙවෙ ධර්ම” නම් සාරිපුත්ත සමථ - විපස්සනාවන්ට කියනු ලැබේ.
සමත විදසුන් බවුන්ව වඩමින්
සතර සත්තය දැනුම ලබමින්
සතර යෝගම නසා දමමින්
නිවෙති බමුණෝ නිවන ලබමින්
යම් කලෙක බ්‍රාහ්මණ තෙමේ සමථ විදර්ශනා ධර්මයන්හි පරතෙරට ගියේද එකල චතුරාර්ය සත්‍ය දන්නා වූ ඔහුගේ සියළු සංයෝජන විනාශයට යෙත්.
මෙහි යදා - යන යම් කලෙකද සෙසු ධර්ම දෙකෙහි ධම්මෙසු - සමථ විදර්ශනා ධර්මයන්හි යෙදෙන ක්ෂීණාශ්‍රවයා පාරශු පරතෙරට ගියේ වෙයි. අථස්ස සංසාර වෘත්තයෙහි සංයෝජන බිඳදමු සබ්බෙ සියළු කාමාදි සංයෝග, සංයෝගා අත්ථං ගච්ඡන්ති මෙසේ සියළු කාම ඕඝ ආදිය දැන ඒවා ක්‍ෂය කොට නිවණට යන්නේය. යන අර්ථයි.
දේශනාව අවසානයේ සියළු භික්ෂූහු රහත් ඵලයට පත්වූහ.
3. මාරයාගේ කථා පුවත
“යස්ස පාරං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී මාරයා නිමිති කර ගෙන දේශනා කළහ.
මාරයා එක් දිනක් එක්තරා පුරුෂයෙක් ලෙසට බුදුන් වෙත එළඹ විමසුවේය. ස්වාමීනි - පාරං - පාරං - යනුවෙන් කියනු ලැබේ. මේ පාර - නම් කුමක්ද? බුදුරදුන් මේ මාරයා යයි දැන පව්කාරය - ඔබට එතෙර වීමෙන් කවර ප්‍රයෝජනයක්ද? එය වීතරාගීන් විසින් ප්‍රාර්ථනා කළයුතු දෙයකි.
එගොඩ මෙගොඩ ද දෙගොඩ නැතිකොට
කෙලෙස් ගිනිදැල් නිවා අළු කොට
කෙලෙස් බැමෙන් මිදුනු දනහට
බමුණු යන නම ලැබෙයි වහරට
යමෙකුට එතර ද මෙතරද - මෙතෙරද - එතෙරද නැත්තේද. පහසු කෙලෙස් විඩා ඇති, සියළු කෙළෙසුන්ගෙන් මිදුණු ඒ රහතන් වහන්සේට මම බ්‍රාහ්මණයයි කියමි.
එහි පාරං යනු ආධ්‍යාත්මික ආයතන සයයි. (ඇස- කන - දිව - නහය - කය - සිත) අපාරජං යනු බාහිර ආයතන සයයි. (රූප - ශබ්ද - රස - ගන්ධ - ස්පර්ශ - ධම්ම) පාරා පාරං මේවා නිසා ඇතිවන බියයි, න වීජ්ජති යනු යම් කෙනෙකුට මේ සියල්ල පිළිබඳව මමය මගේය යන ග්‍රහණය නැතිවීම, සංකිලේසයන්ගෙන් වෙන්වීම. වීතදදරං. සියලු ක්ලේශයන්ගෙන් වෙන්වීම විසංයුත්තං තං අහං බ්‍රාහමණං වදාමි. ඔහු බ්‍රාහ්මණයෙකැයි මම කියමි යන අර්ථයි.
දේශනාවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලවලට පැමිණියාහු
4. එක්තරා බ්‍රාහ්මණයකුගේ කථා පුවත
“ඣායි” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටියදී එක්තරා බ්‍රාහ්මණයෙකු නිමිති කරගෙන දේශනා කළහ.
මෙම බ්‍රාහ්මණයා මෙලෙස සිතුවේය. තථාගතයන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයින්ට බ්‍රාහ්මණ නමින් පවසයි. මම ද ජාති ගෝත්‍රයෙන් බ්‍රාහ්මණයෙකි. එනිසා මටද එසේ ඇමතීම සුදුසුය. ඔහු බුදුන්වෙත එළඹ මේ කරුණ විමසුවේය. මම ජාති ගෝත්‍ර මාත්‍රයෙන් බ්‍රාහ්මණ යයි නො කියමි. උතුම් වූ අර්හත්වයට පත්වූ නිසාම මම මෙලෙස කියමියි පැවසු ශාස්තෲන් වහන්සේ මෙම ගාථාව වදාළහ.
ඇලී දැහැනෙහි කෙලෙස් නැතිකොට
කරන කටයුතු දුකින් මිදුම ට
පැමිණි අයහට රහත් පලයට
බමුණු යයි මම කියමි තිරකොට
ධ්‍යාන වඩන, රාගාදි රජස් නැති, වනයේ එකලාව වාසකරන කතකිච්චං මගින් කරන ලද කටයුතු ඇති, ආශ්‍රම නැත්තාවු උතුම් අර්හත්වයට පත්වු තැනැත්තා බ්‍රාහ්මණ නම්
එහි ඣායි කසිණ වැඩීමෙන් ද ත්‍රිලක්ෂණ භාවනා වැඩීමෙන් ද ධ්‍යානයන්ට පැමිණි, කාම රජස්වලින් වෙන්ව විරජං මාසීනං වනයෙහි හුදෙකලාව විසීම, කතකිච්චං සිවිමගින් සොළොස් කෘත්‍යයන් පුරා ඇතිබව. අනාසවනං ආසවයගෙන් දුරුවීම, උත්තමත්ථං අර්හත්භාවයට අනුපත්තං අහං බ්‍රාහමණං පැමිණි තැනැත්තාම බ්‍රාහ්මණයයි කියමි.
දේශනාවසානයේ ඒ බ්‍රාහ්මණයා සෝවාන් ඵලයෙහි පිහිටියේය. පැමිණි සිටි පිරිසට ද දේශනාව සාර්ථක වුයේය.
5. ආනන්ද තෙරුන් පිළිබඳ කථා පුවත
“දිවා තපති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ මාතු ප්‍රාසාදයේ වැඩ සිටියදී ආනන්ද තෙරුන්ට දේශනා කළහ.
පසේ නදී කොසොල් රජු වස් පවාරණය කරන දිනයේදි සියළු අබරණවලින් සැරසී සුවඳ මල් ආදිය ගෙන විහාරයට ගියේය. එකෙනෙහි කාළුදායි තෙරුන් ධ්‍යානයට සම වැදී පිරිස කෙළවර වැඩ සිටියේ වෙයි. උන්වහන්සේගේ සිරුර මනවඩන රන්වන් සිරුරක් විය. එකෙණෙහි සඳ උඩට නැගේ. සුර්යයා අවරට යයි. ආනන්ද තෙරණුවෝ - සඳ එළියත් හිරු රැසත් බලා රජුගේ ද- කාළුදායි තෙරුන්ගේ හා තථාගතයන් වහන්සේගේ ද ශරිර ශෝභාව බලා විහිදි සියළු ශෝභාවන් පරදවා බුද්ධ ශරිරය ශෝභාවත් බව දැක තෙරුන් බුදුන් වැද ස්වාමීනි මම අද ආලෝකය බලද්දි ඒ සියළු ආලෝකයන්ට වඩා ඔබ වහන්සේගේ ශෝභාව රුචි වේ. ඔබ වහන්සේගේ ශරිර ශෝභාව සියළු ශෝභාවත් පරදවා බබළයි. යනුවෙන් පැවසුහ. අනතුරුව තථාගතයන් වහන්සේ ආනන්ද හිරු දිවාකල බබළයි. සඳ රාත්‍රියේ බබළයි. රජු ආභරණවලින් හා සන්නද්ධ වූයේම බබළයි. රහතන් වහන්සේ ජන සමුහයෙන් වෙන් වී ඇතුළත සමාපත්තිය තුළින්ම ධ්‍යානයෙන්ම බබළයි බුදුවරු නම් දිවා රෑ දෙකේම පස් තේජසින් බබළයි. යනුවෙන් පවසා මෙම ගාථාව වදාළහ.