18. සැරියුත් තෙරුන් පිළිබඳ කථා පුවත
“ අක්කොධ නං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළු වනාරාමයේ වැඩ සිටියදී සැරියුත් තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
එදින සැරියුත් තෙරුණුවෝ පන්සියයක් භික්ෂූන් වහන්සේලා සමග පිඩු පිණිස හැසිරෙමින් නාලක ගමේ මවගේ ගේ දොරට වැඩම කළහ. අනතුරුව ඇය වාඩිකරවා දානය බෙදමින් ආක්රෝෂ කළාය. අනුන්ගේ ඉඳුල් බත් කන්නා කැඳ බොන්නා, අනුන්ගේ ගෙවල්වලින් හුනුසහල්වලින් සෑදු කැඳ බොන්නට ඉඳුල් බත් කන්නට අසූ කෝටියක් ධනය අත්හැර පැවිදි වූයේය. ඔබ විසින් පරිභෝග කළ යුතු දෑ නසන ලදී භික්ෂූන්ට ද බත්දෙමින් තොප විසින් මගේ පුතා තමන්ගේ සුළු උපාසක කරන ලදී දැන් අනුභව කරන්නැයි කියයි. තෙරුන් වහන්සේ භික්ෂාව ලබාගෙන විහාරයටම වැඩම කළහ. ඉක්බිති ආයුෂ්මත් රාහුල තෙරණුවෝ බුදුන් පිණ්ඩපාතයෙන් විමසුහ. අනතුරුව බුදුහු මෙසේ පැවසුහ. රාහුල කොහි ගියේද? ආර්යයන් වහන්සේගේ නිවසට ගියෙමි. ඔබේ ආර්යයන් කවුද? උපාධ්යයන් වහන්සේ ගැන කීවෙමි. ආර්ය උපාධ්යායන් වහන්සේ කිපුනේ නැත. කුමක් කියාද? මේ දෙය කියන ලදී උපාධ්යයන් සමග ඔබ කුමක් කීවේද, කිසිවක් නැත. ස්වාමීනි. මෙය අසා භික්ෂූන් ධර්ම සභාවේ කථාවක් ඇති කළහ. ඇවැත්නි සැරියුත් තෙරුන්ගේ ගුණ මෙලෙස උන්වහන්සේගේ මෑණියන් ආක්රෝශ කරන විට ක්රෝධ මාත්රයක් හෝ නොවීය. බුදුරදුන් පැමිණ කිනම් කථාවකින් යුතුව සිටියේදැයි විමසා මේ පිළිබඳව යයි පැවසුවිට මහණෙනි ! රහතන් වහන්සේලා නම් ක්රෝධයෙන් තොර යයි පවසා මෙම ගාථාව පැවසුහ.
දුතඟදර සිල්වත්
නොකිපෙන කෙනා ගුණවත්
දරණ අන්තිම අත්
ඔහුම බමුණෙකුවේය දැනුවත්
නොකිපෙන කෙනා ගුණවත්
දරණ අන්තිම අත්
ඔහුම බමුණෙකුවේය දැනුවත්
නොකිපෙන සුළු වූ ධෘතාඞග වෘත ඇති සිල්වත් වූ. තෘෂ්ණ ස්නේහයෙන් තෙත් නොවු දැමුන තැනැත්තා ශරිර ඇති තැනැත්තා මම බ්රාහ්මණයයි කියමි.
එහි වතවත්තං ධුතඞ්ග ගුණවලින් සමන්විත වූ, සිව්පිරිසිදු ශීලෙන් යුතු සීලවන්තං - තණ්හා ස්නේහයෙන් තෙත් නොවූ, අනුස්සුතං සය ඉඳුරන් දමනය කළ දන්තං සසර කෙළවර අන්තිම ආත්මභාවයේ සිටි, අනතිමතං සාරීරං තං අහං බ්රාහ්මණං ඔහු බ්රාහ්මණයා යයි මම කියමි.
දේශනාවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී ඵලවලට පැමිණියාහුය.
19. උප්පලවණා තෙරණිය පිළිබඳ කථා පුවත
“වාරිපොක්ඛර පත්තොවා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටිය දී උප්පල වණ්ණා තෙරණියන් නිමිති කරගෙන දේශනා කළහ.
කථා වස්තුව මධුවා මඤ්ඤතී බාලෝ යන ගාථා වර්ණනාවේ විස්තර කෙරෙයි.
ඉන් පසු කාලයේදී මහජනයා ධර්මසභාවේ දී කථාවක් ඇතිකළහ. රහතුන් වහන්සේලා ද කාම සේවනයේ යෙදෙති. ඇයි නොයෙදෙන්නෙ ඔවුහු ගස් නොවේ තුඹස් නො වේ මස් ලේ සහිත ශරීර ඇත්තෝයි. එනිසා ඔවුන්ද කාම සැපය විදගනිති. බුදුරදුන් පැමිණ කිනම් කථාවකින් යුතුව සිටියෝදැයි විමසා මේ පිළිබඳව යයි පැවසුවිට මහණෙනි රහතන් වහන්සේලා කාමසුව නො විඳිති. කාම සේවනය නො කරති. යම් සේ නෙළුම් කොළයේ වැටුන ජලබිඳුව සේ නො ඇලේ. නොපිහිටයි. වැටී පෙරලී යයි. මේ ලෙසට රහතන් වහන්සේගේ සිතේ විවිධ වූ කාමයෙහි නොඇලේ. නොපිහිටයි. එකිනෙකට සම්බන්ධ කර ධර්මදේශනා කරන්නේ මෙම ගාථාව පැවසුහ.
නො ඇලෙන පරිදි අබ ඇට ඉදි කටු මුණෙක
නො රැදෙන පරිදි දියබිදු මුදු අල පතෙක
පස්කම් සුව පතා එහි නො ඇලෙන කලෙක
බමුණා ඔහුම යයි සඳහන් වෙයි ගයෙක
නො රැදෙන පරිදි දියබිදු මුදු අල පතෙක
පස්කම් සුව පතා එහි නො ඇලෙන කලෙක
බමුණා ඔහුම යයි සඳහන් වෙයි ගයෙක
නෙළුම් කොළයේ ජලය ඉදිකටු මූණෙහි අබ ඇටයක් නොරඳන මෙන් යමෙක් කාමයන්හි නො ඇලේද ඔහු බ්රාහ්මණ යයි කියමි.
එහි යො න මපති මේ ලෙසට යමෙක් අභ්යන්තරයේ ද්විධවූ කාමයෙහි නොඇලේද යම් තැනක කාමය නොපිහිටාද ඒ විරාගී තැනැත්තා ....... බ්රාහ්මණ යනුවෙන් හදුන්වමි.
දේශනය අවසානයේ බොහෝදෙන සෝවාන් ආදී මාර්ගඵලයන්ට පත්වුහ.
20. එක්තරා බ්රාහ්මණයෙකු පිළිබඳ කථා පුවත
“යො දුක්ඛස්ස” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටිය දී එක්තරා බමුණෙක් නිමිති කරගෙන දේශනා කළහ.
එක්තරා දාසයෙක් - ශික්ෂා පද ප්රඥාප්ති පැනවීමට පෙර පළා ගොස් පැවිදි වී අර්හත්වයට පත්වුණි. බ්රාහ්මණයා ඔහු බලා නොදැක එක් දිනක් බුදුන් හා පිඬුසිගා පිවිසෙන දොරටුව අතර දැක සිවුර දැඩිව අල්ලා ගත්තේය. බුදුන් නතර වී ඇයි බ්රාහ්මණ යයි විමසුවේය. භවත් ගෞතමයෙන් මේ මගේ දාසයෙකි. බ්රාහ්මණය මොහු පන්නභාරය පන්නභාර කී විට බ්රාහ්මණයා රහත් යයි සැලකුවේය. එනිසා දෙවනුවද පින්වත් ගෞතමයනියි පැවසූවිට බුදුරජාණන් වහන්සේ එසේය බ්රාහ්මණය බහා තැබූ බර ඇති යනුවෙන් පවසා මෙම ගාථාව දේශනා කළහ.