19. උප්පලවණා තෙරණිය පිළිබඳ කථා පුවත
“වාරිපොක්ඛර පත්තොවා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටිය දී උප්පල වණ්ණා තෙරණියන් නිමිති කරගෙන දේශනා කළහ.
කථා වස්තුව මධුවා මඤ්ඤතී බාලෝ යන ගාථා වර්ණනාවේ විස්තර කෙරෙයි.
ඉන් පසු කාලයේදී මහජනයා ධර්මසභාවේ දී කථාවක් ඇතිකළහ. රහතුන් වහන්සේලා ද කාම සේවනයේ යෙදෙති. ඇයි නොයෙදෙන්නෙ ඔවුහු ගස් නොවේ තුඹස් නො වේ මස් ලේ සහිත ශරීර ඇත්තෝයි. එනිසා ඔවුන්ද කාම සැපය විදගනිති. බුදුරදුන් පැමිණ කිනම් කථාවකින් යුතුව සිටියෝදැයි විමසා මේ පිළිබඳව යයි පැවසුවිට මහණෙනි රහතන් වහන්සේලා කාමසුව නො විඳිති. කාම සේවනය නො කරති. යම් සේ නෙළුම් කොළයේ වැටුන ජලබිඳුව සේ නො ඇලේ. නොපිහිටයි. වැටී පෙරලී යයි. මේ ලෙසට රහතන් වහන්සේගේ සිතේ විවිධ වූ කාමයෙහි නොඇලේ. නොපිහිටයි. එකිනෙකට සම්බන්ධ කර ධර්මදේශනා කරන්නේ මෙම ගාථාව පැවසුහ.
නො ඇලෙන පරිදි අබ ඇට ඉදි කටු මුණෙක
නො රැදෙන පරිදි දියබිදු මුදු අල පතෙක
පස්කම් සුව පතා එහි නො ඇලෙන කලෙක
බමුණා ඔහුම යයි සඳහන් වෙයි ගයෙක
නො රැදෙන පරිදි දියබිදු මුදු අල පතෙක
පස්කම් සුව පතා එහි නො ඇලෙන කලෙක
බමුණා ඔහුම යයි සඳහන් වෙයි ගයෙක
නෙළුම් කොළයේ ජලය ඉදිකටු මූණෙහි අබ ඇටයක් නොරඳන මෙන් යමෙක් කාමයන්හි නො ඇලේද ඔහු බ්රාහ්මණ යයි කියමි.
එහි යො න මපති මේ ලෙසට යමෙක් අභ්යන්තරයේ ද්විධවූ කාමයෙහි නොඇලේද යම් තැනක කාමය නොපිහිටාද ඒ විරාගී තැනැත්තා ....... බ්රාහ්මණ යනුවෙන් හදුන්වමි.
දේශනය අවසානයේ බොහෝදෙන සෝවාන් ආදී මාර්ගඵලයන්ට පත්වුහ.
20. එක්තරා බ්රාහ්මණයෙකු පිළිබඳ කථා පුවත
“යො දුක්ඛස්ස” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටිය දී එක්තරා බමුණෙක් නිමිති කරගෙන දේශනා කළහ.
එක්තරා දාසයෙක් - ශික්ෂා පද ප්රඥාප්ති පැනවීමට පෙර පළා ගොස් පැවිදි වී අර්හත්වයට පත්වුණි. බ්රාහ්මණයා ඔහු බලා නොදැක එක් දිනක් බුදුන් හා පිඬුසිගා පිවිසෙන දොරටුව අතර දැක සිවුර දැඩිව අල්ලා ගත්තේය. බුදුන් නතර වී ඇයි බ්රාහ්මණ යයි විමසුවේය. භවත් ගෞතමයෙන් මේ මගේ දාසයෙකි. බ්රාහ්මණය මොහු පන්නභාරය පන්නභාර කී විට බ්රාහ්මණයා රහත් යයි සැලකුවේය. එනිසා දෙවනුවද පින්වත් ගෞතමයනියි පැවසූවිට බුදුරජාණන් වහන්සේ එසේය බ්රාහ්මණය බහා තැබූ බර ඇති යනුවෙන් පවසා මෙම ගාථාව දේශනා කළහ.
දුක දුකෙහි වෙනසත්
මේ අත්හිම දකිත් නම්
බහා පව් කඳ බරින් මිදුනා
ඔහුම බමුණෙක් වේය පවසත්
මේ අත්හිම දකිත් නම්
බහා පව් කඳ බරින් මිදුනා
ඔහුම බමුණෙක් වේය පවසත්
යම් කෙනෙක් ජීවතය ක්ෂය වේයයි දැන ගනීද තම දුක නැසීම පිළිබඳ දැන ගනීද වහා තැබු බර ඇත්තේද කෙලෙසුන්ගෙන් මිදුනා වූ ඒ තැනැත්තා බ්රාහ්මණයයි මම කියමි.
එහි දුක්ඛස්සාති දුක්ඛස්ඛන්ධයයි පන්නභාර නම් බිම තබන ලද ස්බන්ධ භාරයයි. යෝග හතරෙන් හා සියළු කෙලෙස්වලින් විසං යුත්ත වෙන් වූ, විෂයන්ත වූ ඔහු බ්රාහ්මණයයි කියමි.
දේශනාවසානයේ බ්රාහ්මණයා සෝවාන් ඵලයේ පිහිටියේය. පැමිණි අයටද දෙසුම සාර්ථක විය.
21. ඛේමා තෙරණිය පිළිබඳ වූ කථා පුවත
“ගම්භීර පඤ්ඤාං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ගිජුකුළු පර්වතයේ වැඩසිටිය දී ඛේමා භික්ෂුණිය නිමිති කරගෙන දේශනා කළහ.
එක් දිනක් පළමු යාමය අවසානයේ සක්දෙවිඳු දෙව් පිරිස සමග පැමිණ බුදුන් සමීපයේ සිහිකටයුතු ධර්ම කථා අසමින් වාඩි විය. මේ අවස්ථාවේදී ඛේමා තෙරණිය බුදුන් දකිමියි අහසින් පැමිණ සක් දෙවිඳු දැක අහසේ සිටියදීම බුදුන් වැඳ නැවතුනාය. සක්දෙවිදු ඇය දැක ස්වාමීනි මැය කවුදැයි විමසුවේය. ඇය එමින් සිට අහසේ සිටම වැඳ පැවතුනි. බුදුහු මහරජ මගේ දියණියන් ඛේමාය. ඇය මහා ප්රාඥයහ. මග්ගා මග්ග ඤාණයෙහි ඉතා දක්ෂ යයි පවසා මෙම ගාථාව පැවසුහ.
විදසුන් නැණ සමග
කඳ පිළිබඳ නුවණ
ගැඹුරින් ඇති රහත් නම
උතුම් බමුණෙක් වේ මැයි.
කඳ පිළිබඳ නුවණ
ගැඹුරින් ඇති රහත් නම
උතුම් බමුණෙක් වේ මැයි.
ප්රඥාවන්ත වූ ගැඹුරු නුවණ ඇති. මග නොම දැනුමෙහි සමත් රහත්ඵලයට පත් තැනැත්තා මම බ්රාහ්මණ යයි පවසමි.
එහි ගම්භීර පඤ්ඤන්ති - ගැඹුරුවූ ස්ඛන්ධ ආදීන්හි ප්රඥාවෙන් යුතුවූ ප්රඥාව ඇති ධර්මෝජ ප්රඥාවෙන් යුත් මෙධාවිං මෙය දුගතියයි. මෙය සුගතියයි. මෙය නිර්වාණ මාර්ගයයි. මෙය නොමගයි ආදී වශයෙන් මගෙහිද නොමගෙහිද දක්ෂ වූ බැවින්, මග්ගා මස්ස කොවිදං. අරහත්භාවයට උත්තමත්ථං අනුපප්තතං තමහං බ්රාහ්මණං පැමිණි ඔහු බ්රාහ්මණ යයි මම කියමි.
දේශනය අවසානයේ බොහෝ දෙන සෝතාපන්න ඵල ආදියට පත්වුවාය.
22. පබ්භාරවාසි තිස්ස තෙරුන් පිළිබඳ වූ කථා පුවත
“අසංසට්ඨං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටිය දී පබ්භරවාසී තිස්ස තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
උන්වහන්සේ බුදුන්ගෙන් කර්මස්ථාන ගෙන වනයට පිවිස හොඳ සුදුසු සෙනසුනක් බලන්නේ. එක් කඳු බෑවුමක ගල්ලෙනක් වෙත පැමිණුනි. පැමිණි වේලාවේදීම උන්වහන්සේගේ සිත එකග බවක් ලදහ. උන්වහන්සේ මට මෙහි වාසය කිරීමෙන් පැවිදි කාර්යය සාක්ෂාත් කිරීමට හැකිවන්නේ යයි සිතුවේය. ලෙනෙහි අධිගෘහිත දෙවියා ද සිල්වත් භික්ෂුවක් පැමිණියේය. මුන් වහන්සේ හා එකම තැන වාසය කිරීම දුකකි. මේ තෙමේ මෙහිම එක් රැයක් ඉඳ පිටත්ව යන්නේ යයි සිතා පුතුන් රැගෙන නික්මෙති. තෙරුන් වහන්සේ දෙවන දවසේ අළුයම ගොදුරු ගමට පිඩු පිණිස පිවිසුනි. අනතුරුව එක් උපාසිකාවක් දුටු විගස පුත්ර ස්නේහයක් ලැබ ගෙයි වාඩි කරවා වළදවා තමන් නිසා තුන් මාසයක් වාසය කිරීමට ඉල්ලා සිටියාය. ඔහු ද මැය නිසා භවනිස්සර කිරීමට හැකිවේයයි සිතා අරාධනය පිළිගෙන එම ලෙනටම වැඩම කළේය. දෙවිදුව ද තෙරුන් එනු දැක ඒකාන්තයෙන් කිසිවෙක් විසින් ආරාධනා කරන ලද්දේ වෙතැයි හෙට හෝ අනිද්දා හෝ යන්නේයයි සිතුවාය