17. අක්කෝස හාරද්වාජ පිළිබඳ වූ කථා පුවත
“අක්කොසං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ සිටිය දී අක්කෝස භාරද්වාජ නිමිති කරගෙන දේශනා කළහ.
ඔහුගේ සොහොයුරා භාරද්වාජ බමුණාට ධනඤ්ජානි නම් වූ බැමිණියක් වුවාය. ඕ තොමෝ සෝවාන් වූ තැනැත්තියකි. ඕ කිවිසුම් යන විටද - කසින විටද පැකිළෙන (හැපෙන) විටද “නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස” යන මේ උදානය පවසයි. ඇය එක් දිනක් බමුණා ආහාර ගන්නා විටකදී පැකිළී (හැපී) මහ හඩින් එලෙසම උදානය පැවසුවාය. බමුණා කිපී වසලිය තී එතැන මෙතැන හැපී ඒ මුඩු මහණගේ ගුණ කියයි. කියා වසලිය දැන් මම එහි ගොස් තිගේ ඒ ශාස්තෘවරයාට වාදය ආරෝපණය කරන්නෙමියි වාද ආරෝපණය කර ඔහු පරදවමියි කීය එසේ නම් යන්න බමුණ ! මම ද ගොස් බලාසිටිමි. යම් කෙනෙක් බුදුන්ට වාදනගාද දිනු කෙනෙක් නැත තාද එහි ගොස් වාදනගවා ඔහු බුදුන් වෙත ගොස් නොවැඳ එකත්පස සිටියේ ප්‍රශ්න අසමින් මෙම ගාථාව පැවසීය.
කුමක් නිසා සුවසේ සිටීද කුමක් නිසා ශෝක නොකෙරේද කවර එක ධර්මයක්හු නැසීම යහපත්ද?
ක්‍රෝධය නසා සුවසේ සිටී. ක්‍රෝධය නසා ශෝක නොකෙරේ. විෂක් බඳු වූ විපතට මුල් වූ ක්‍රෝධය නැසීමම ආර්යයෝ පසසති එයද දමා ශෝක නොකරති.
ඔහු බුදුන් කෙරෙහි පැහැදී පැවිදි වී රහත් බවට පත්වුණි. අනතුරුව ඔහුගේ බාල සොහොයුරා ද භාරද්වාජ ද සහෝදරයා පැවිදිවී යයි අසා කිපී අවුත් බුදුන්ට අසභ්‍ය වූ ඵරුස වචනවලින් නින්දා කළේය. ඔහුද බුදුන්ගේ ආගන්තුකයින් විසින් ගෙනා දෙයක් බාර නොගන්නා උපමාව දක්වා සැසඳු විට බුදුන් කෙරෙහි පැහැදී පැවිදි වී රහත් බවට පත්වුණි. අනෙක් සුන්දරික භාරද්වාජද විලිඞ්ගක භාරද්වාජද යන කණිටු සහෝදරයන් දෙදෙනා බුදුන්ට ආක්‍රෝෂ කරන්නට අවුත් බුදුන් විසින් හික්මවා පැවිදි කරවා රහත්බවට පත්වුණි.
එක් දවසක් දම්සභාවේ කථාවක් ඉපදවුහ. ඇවැත්නි බුදු ගුණ ආශ්චර්ය වේ. සහෝදරයන් සිව් දෙන ආක්‍රෝෂ කරද්දීම බුදුහු කිසිවක් නොකියා ඔවුන් පැවිද්දෙහිම පිහිටුවීය. තථාගතයන් වහන්සේ පැමිණ කිනම් කථාවකින් යුතුව සිටියේ දැයි විමසා මෙය පැහැදිලි කළ විට මහණෙනි මම ක්ෂාන්ති බලයෙන් යුතු වූ නිසා දුෂ්ටයින්ට දුෂ්ට නොවී මහජනයාට පිහිට වීමි පවසා මේ ගාථාව වදාළහ.
තරහ සිත නැති කොට
කොරෝදය දා ඉවතට
ඉවසීම බල කොට
සිටින්නා බමුණාය හැමවිට
යම් පුද්ගලයෙක් දශ ආක්‍රෝශ ද වධබන්ධන ද දුෂ්ට නොවුයේ ඉවසාද, ක්‍ෂාන්තිය බලය කොට ඇත්ද නැවත නැවත උපදනා එම ක්ෂාන්තියම බලය කොට ඇති අන්තිම සිරුර දරණ තැනැත්තා බ්‍රාහ්මණ යයි මම කියමි.
එහි අදුට්ඨොති මේ දශ ආක්‍රෝෂ වස්තූන්ගෙන් අක්‍රෝෂ කරද්දීද අත් ආදියෙන් තලන කල්හිද, අනුබන්ධන ආදී බැදුම් ආදියේදී යම් කෙනෙක් ක්‍රෝධ නොවන සිත් ඇතිව ඉවසාද ක්ෂාන්ති බලයෙන් යුතුවු බනනී බලං නැවත නැවත ඇතිවන්නා වූ ක්‍ෂාන්ති බලය නම් වූ බලාණිකං බල ඇණියෙන් යුත් ඔහු බ්‍රාහ්මණයයි කියමි
දේශනය අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී ඵලයන්ට පත්වුහ.
18. සැරියුත් තෙරුන් පිළිබඳ කථා පුවත
“ අක්කොධ නං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළු වනාරාමයේ වැඩ සිටියදී සැරියුත් තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
එදින සැරියුත් තෙරුණුවෝ පන්සියයක් භික්ෂූන් වහන්සේලා සමග පිඩු පිණිස හැසිරෙමින් නාලක ගමේ මවගේ ගේ දොරට වැඩම කළහ. අනතුරුව ඇය වාඩිකරවා දානය බෙදමින් ආක්‍රෝෂ කළාය. අනුන්ගේ ඉඳුල් බත් කන්නා කැඳ බොන්නා, අනුන්ගේ ගෙවල්වලින් හුනුසහල්වලින් සෑදු කැඳ බොන්නට ඉඳුල් බත් කන්නට අසූ කෝටියක් ධනය අත්හැර පැවිදි වූයේය. ඔබ විසින් පරිභෝග කළ යුතු දෑ නසන ලදී භික්ෂූන්ට ද බත්දෙමින් තොප විසින් මගේ පුතා තමන්ගේ සුළු උපාසක කරන ලදී දැන් අනුභව කරන්නැයි කියයි. තෙරුන් වහන්සේ භික්ෂාව ලබාගෙන විහාරයටම වැඩම කළහ. ඉක්බිති ආයුෂ්මත් රාහුල තෙරණුවෝ බුදුන් පිණ්ඩපාතයෙන් විමසුහ. අනතුරුව බුදුහු මෙසේ පැවසුහ. රාහුල කොහි ගියේද? ආර්යයන් වහන්සේගේ නිවසට ගියෙමි. ඔබේ ආර්යයන් කවුද? උපාධ්‍යයන් වහන්සේ ගැන කීවෙමි. ආර්ය උපාධ්‍යායන් වහන්සේ කිපුනේ නැත. කුමක් කියාද? මේ දෙය කියන ලදී උපාධ්‍යයන් සමග ඔබ කුමක් කීවේද, කිසිවක් නැත. ස්වාමීනි. මෙය අසා භික්ෂූන් ධර්ම සභාවේ කථාවක් ඇති කළහ. ඇවැත්නි සැරියුත් තෙරුන්ගේ ගුණ මෙලෙස උන්වහන්සේගේ මෑණියන් ආක්‍රෝශ කරන විට ක්‍රෝධ මාත්‍රයක් හෝ නොවීය. බුදුරදුන් පැමිණ කිනම් කථාවකින් යුතුව සිටියේදැයි විමසා මේ පිළිබඳව යයි පැවසුවිට මහණෙනි ! රහතන් වහන්සේලා නම් ක්‍රෝධයෙන් තොර යයි පවසා මෙම ගාථාව පැවසුහ.