14. එක් බ්රාහ්මණයෙක් පිළිබඳ කථා පුවත
“න චා හං” යන මේ ධර්ම දේශනය ගාස්තෘන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටිය දී එක් බ්රාහ්මණයෙක් නිමිති කරගෙන දේශනා කළහ.
ඔහු වනාහි ගෞතමයෝ තම ශ්රාවකයන් බ්රාහ්මණ යනුවෙන් හඳුන්වති. මම ද බ්රාහ්මණ යෝනියේ උපන් කෙනෙකි. මට ද එලෙස ඇමතීම සුදුසුය. මෙසේ කියා බුදුන් වෙත එළඹ මේ පිළිබඳව විමසුහ. අනතුරුව බුදුරදුන් බමුණු කුලයේ උපන් පමණින් මම බ්රාහ්මණ යයි නොකියමි. යම් කෙනෙක් රා - දොස් පළිබෝධ නැති. දූ දරු කෙත්වත් ආදී ග්රහණයක් නැති කෙලෙස් නැති තැනැත්තා බ්රාහ්මණ නමින් හඳුන්වෙමියි වදාර මේ ගාථාව දේශනා කළහ.
බමුණු කුලයක උපත ලදුවත්,
බමුණු මව්කුස උපත ලදුවත්
ඔහුට බමුණෙක් නොකිය යුතුමයි
කෙලෙස් බර හෝ වාදියෙකි හේ
කෙලෙස් බිදකුදු සිතේ නැත්නම්
මාන ලෝහාදිය නොවේනම්
ඔහුම බමුණෙකු වීය පිරිසිදු
ඔහුම රහතුන් වේය නිකෙලෙස්
බමුණු මව්කුස උපත ලදුවත්
ඔහුට බමුණෙක් නොකිය යුතුමයි
කෙලෙස් බර හෝ වාදියෙකි හේ
කෙලෙස් බිදකුදු සිතේ නැත්නම්
මාන ලෝහාදිය නොවේනම්
ඔහුම බමුණෙකු වීය පිරිසිදු
ඔහුම රහතුන් වේය නිකෙලෙස්
මම බමුණු යෝනියෙන් උපන් බැමිණියකගේ කුසේ උපන් තැනැත්තා බමුණෙකුයයි නොකියමි. ඉදින් බමුණා රාගාදි පළිබෝධ සහිත කරදර ඇත්තේ ද හෙතෙම බ්රාහ්මණ නොවේ. පළිබෝධ නැති තෘෂ්ණා වශයෙන් ගැනීම නැති තැනැත්තා බ්රාහ්මණ නමින් හදුන්වමි.
එහි යොනිජං - ස්ත්රී යෝනියකින් උපන් මත්තිසම්භවං බ්රාහ්මණ මවකගේ කුසින් උපන් - හොවාදිනි - යමෙක් හෝ හෝ යනුවෙන් ආමන්ත්රණය ආදිය කියමින් හැසිරෙන්නේද හෙතෙම භෝවාදී නම්, සචෙ රාගාදී කරදරවලින් සකිඤ්චනො - මම වනාහි රාගාදියෙන්, අකිඤචනං සතර උපාදානයන් විසින් අනාදානං නොගන්නා, අයම උතුම්ය බ්රාහ්මණං වදාමි - බ්රාහ්මණ යයි කියමි.
දේශනාවසානයේ එම බ්රාහ්මණයා සෝවාන් ඵලයේ පිහිටියේය. පැමිණි අයට ද දෙසුම සාර්ථක විය.
15. උග්ගසේන කථා පුවත
“සබ්බ සංයොජනං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනයේ වැඩ සිටියදී උග්ගසේන නම් සිටුවරයා නිමිති කරගෙන දේශනා කළ සේක.
මෙහි කථාවස්තුව “මුඤ්ච පුරෙ මුඤ්ච පච්ඡතො” යන ගාථාව විස්තර කිරීමේ දී දක්වන ලදී.
එකල භික්ෂූන් පිරිසක් ශාස්තෲන් වෙත පැමිණ, උග්ගසේන බිය නොවෙමි ආදී අභූත දේ හා අනන් මනන් කියන්නේ යයි දක්වා සිටි කල්හි මා පුත් උග්ගසේන සිඳහල සංයෝජන ඇති, පුද්ගලයකු නිසා බිය නොවේ. යයි වදාරා මේ ගාථාව වදාළහ.
බිඳ දා සසර බැමි
ඉක්ම වූ කෙලෙසුන් ඉමි
සංයෝජනද දැමී
ඔහුම බමුණා කියා පවසමි.
ඉක්ම වූ කෙලෙසුන් ඉමි
සංයෝජනද දැමී
ඔහුම බමුණා කියා පවසමි.
යමෙක් සියළු දස සංයෝජන සිඳදමා තැති නොගෙන සිටින්නේද රාගාදි සංයෝගයන් ඉක්ම වූ. කෙළෙසුන්ගෙන් වෙන් වූ ඒ තැනැත්තා බ්රාහ්මණ යයි කියමි.
තත්ථ එහි සබ්බ සංයොජනං - දසවිධ සංයෝජන න පරිතස්සති - තෘෂ්ණාව නිසා බිය නොවේ. තමහං - ඒ මම රාගාදී සංගයන් ඉක්ම වූ සඞ්ගා තිගං - සතර ඕඝ දුරුකළ වූ, තැනැත්තා බ්රාහ්මණයයි කියමි.
දේශනය අවසානයේ බොහෝ දෙන මාර්ගඵල ලැබූහ.
16. බ්රාහ්මණයින් දෙදෙනා පිළිබඳ කථා පුවත
“ජෙත්වා නන්ධිං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටිය දී බ්රාහ්මණයින් දෙදෙනෙක් නිමිති කරගෙන දේශනා කරන ලදී.
ඔවුන් අතර එක් අයෙක් චුල්ලරෝහිත නමින් හැඳින්වේ. අනෙකා මහාරෝහිත නම් ඔවුන් එක් දිනක් මගේ ගොනා බලවත්ය ඔබේ ගොනා දුබලයයි විවාද කර අපේ විවාදයෙන් වැඩක් නැත කරත්තය පදවා දැනගන්නෙමුයි අචිරවතී ගංතෙර කරත්ත වැලිවලින් පුරවා ගොණුන් යෙදුහ. මේ අවස්ථාවේ දී භික්ෂූන් වහන්සේලාද එහි ස්නානය සඳහා ගොස් සිටියහ. බ්රාහ්මණයෝ කරත්ත දෙකේ ගොනුන් බැන්දහ. කරත්තය නිසලවිය. තෝන් ලණුව කැඩුනි. භික්ෂූන් මෙය දැක විහාරයට ගොස් මේ කරුණ දැනුම් දුන්හ. බුදුහු මහණෙනි බාහිර වූ වරපට යම් කෙනෙක් සිඳීද භික්ෂුවක් විසින් ආධ්යාත්මික ක්රෝධය නැමති යොත සිඳ, තෘෂ්ණා නමැති වරපට සිදීම වටීයයි කියා මේ ගාථාව දේශනා කළහ.