13. එක්තරා භික්ෂුවකගේ කතා පුවත
“දුප්පබ්බජ්ජං ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ විශාලාවේ වැඩ සිටියදී එක්තරා වජ්‍ජි පුත්‍රක භික්ෂුවක් නිමිති කරගෙන දේශනා කළහ. එක්තරා වජ්‍ජි පුත්‍රක භික්ෂුවක් විශාලා නුවර එක්තරා වන ලැහැබක වාසය. කරයි. එසමයෙහි විසාලා නුවර මුළු රාත්‍රියේම උත්සවයක් පැවතුනි. එම උත්සව අවස්ථාවේ විසාලාවේ කරන ලද තුර්ය වාදන ගායන ශබ්දයන් අසා අඩමින් එම අවස්ථාවේදී මේ ගාථාව පැවසුහ -
කැලයේ ඉවත විසිකරන ලද දරලීයක් සේ හුදකලාවම මම ආරණ්‍යයේ වාසය කරමි. මෙබඳු පව්කාරයන්ට දිලිසෙන රාත්‍රියක් කොයින්ද?
ඔහු වනාහි වජ්‍ජි රටේ රාජ පුත්‍රයෙකි. වාරයට පැමිණි රාජ්‍ය තනතුර අත්හැර දමා පැවිදි වුයේය. විසාලා මහනුවර චාතුර්මහාරාජික දෙව්ලොව සමග ඒකාබද්ධකලාක් මෙන් මුළු නුවර ධජ පතාකාදියෙන් සරසා ඉල්මස පුරපසළොස්වක් පොහෝදින මුළු රාත්‍රි උත්සව පවතිනවිට බෙර ආදී තූර්ය වාදනය වනවිට වීණා ආදී වාදක ශබ්දය අසා යම් විශාලාවේ හත්දහස් සත්සියයක් රජවරු එම රටේ යුවරාජ සේනාපති ආදීන් අලංකාර කළ සිරුරු ඇතිව නැකැත් කෙළි සඳහා වීථියට බැසගත් විට. සැටරියනක් මහා සක්මනේ සක්මන් කරමින් සිටිද්දී අහස මැද සිටි පුන් සඳ දැක සක්මන් මළුවේ කෙළවර ඵලකය නිසා එහි ආධාරයෙන් සිටියේ අලංකාර වස්ත්‍රාභරණයන්ගෙන් විරහිතව, වනයේ විසිකරන ලද දර කැබැල්ලක් සේ තම ආත්මභාවය බලා අතීතය මතක් වී, මට වඩා ළාමක කෙනෙක් තවත් ඇත්දැයි සිතන්නේ, ප්‍රකෘති වසයෙන්, ආරක්‍ෂක ගුණ ඇති භික්ෂුව තුළ ඇතිවු අකමැත්ත උකටලී බව දුටු එම වන රොදේ අධිගෘහිත දෙවියා මේ භික්‍ෂුව සංවේගයට පත්කරමියි යන අදහසින් එකකො ත්වං අරඤ්ඤො විහරයි.
වනයේ අත්හත්හැර දමන ලද දරකඩක් ලෙස ඔබ හුදෙකලාව වනයේ වාසය කරයි. ස්වර්ගගාමී වු නිදොස් වු ඔබවහන්සේ කෙරෙහි. බොහෝදෙනෙක් විසින් ප්‍රියකරණු ලැබේ. නිරයේ ඉපැත්ම අත්හැර ස්වර්ගගාමී වන්නේය.
මේ කියන ලද ගාථාව අසා දෙවැනි දිනයේ දි බුදුන් වෙත එළඹ වැඳ වාඩි වූහ. ශාස්තෲන් වහන්සේ එම පුවත දැන ගිහිගෙයි විසීමේ දුක්ඛිතබව ප්‍රකාශ කිරීමට ෂඩ්විධ දුක් කැටිකොට මේ ගාථාව පවසා වදාළහ -
මහණකම අමාරුයි - ඇලීමත් එහි අසීරුයි.
අමාරුයි තව ටිකක් නො ගැලපෙන්නන් හා විසීමත්
මේ හැමට වඩාමත් අමාරුයි වාසෙ ගිහිගේ
කළයුතු එකම දේ රහත් වීමෙන් නිවීමයි.
පැවිද්ද අපහසුය. සිත් ඇලවීම දුකසේ කළයුතුය විසිම අපහසුය ගිහිගේ එයට වඩා දුක් සහිතය අසමාන අදහස් ඇත්තවුන් හා විසීම අපහසුය. දික් වු සසර මගට පිළිපන්නෝ දුක විසින් ලුහු බඳිනු ලබතී. එනිසා දික් වු සසර ගමන් කරන්නෙක් හෝ, පසුපස එළවා ගෙන එන දුක් ඇතෙක් නොවිය යුතුය.
එහි දුප්පඛ්ඛජ්ජන්ති - අල්පවූහෝ මහත්වු භෝගයන් ද ඥාති සමුහයා ද අත්හැර මේ සසුනේ උරදි පැවිදිවීම නම් දුකකි. දුරභිරමං” යනු මෙසේ පැවිදි වුවහු විසින් භික්ෂාවෙන් ජීවිතය ගෙවීම ගැටෙමින් උත්සාහ කරමින් අපමණ සීලක්ඛන්ධය රැකීම ධම්මානු ධර්ම ප්‍රතිපත්ති පූරණයෙහි ඇලීම දුකකි. දුරාවාසා යම් හෙයකින් ගිහි ගෙයක වාසය කරන්නේ රජවරුන්ට රාජ කෘත්‍යය ඉසුරුමත් අයට ඊශ්වර කෘත්‍ය දැරිය යුතුය පරිජනයන්ට මෙන්ම ධාර්මික බ්‍රාහ්මණයන්ට සංග්‍රහ කළයුතුය. මෙසේ ඇතිවිට ගෘහ වාසයද සිදුරු කළයක් සේ මහා සමුද්‍රයක් සේ පිරවිය නොහැකිය. මේ නිසා ගිහිගෙයි විසීම දුරාවාසය විසීම දුකකි. මේ කරුණින්ම දුකයි යන අරථයි. දුක්ඛා සමාන සංවාසො ජාති ගෝත්‍ර කුලභෝගාදියෙන්ද පැවිද්දෝ සීලාචාර, බහුශ්‍රැත ආදී සමානයෝ ඔබ කවුද මම කවුද ආදිය කියා අධිකරන විභාග කෙරේ ඔවුන් අසමාන නම් වේ. එවැනි අසමාන අය හා එකට විසීම දුකක් වේ යනු අර්ථයි. දුක්ඛානුපති තද්ධගු” යමෙක් වට්ට සංඛ්‍යාත දුරගමනට පිළිසන්නහු (දුරගමන) සසර ගමන දුකට වැටීමකි. එනිසා නචඞගු - යනු යම් හෙයකින් දුකට අනුපතිත බවම දුකකි. සසර නැමති දිගු ගමන යාම සඳහා නොවන්නේ කියන ලද ආකාරයට දුකෙන් අනුපතිත වුවද නොවේ යන අර්ථයි.
දෙසුම අවසන එම භික්ෂුව පඤ්ච ස්ථානයන්හි දක්වන ලද දුකෙහි කළකිරුනේ පඤ්ච ඕරම්භාගිය ආදී සංයෝජන පළවා අර්හත්වයෙහි පිහිටියේය.
14. චිත්ත ගෘහපති පිළිබඳ කථා පුවත
“සද්ධොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී විත්ත ගෘහපති නිමිති කරගෙන දේශනා කළහ.
කථා වස්තුව බාලවර්ගයේ “අසතං භාවන මිච්ඡෙය්‍ය” යන ගාථා වර්ණනය විස්තර කරන ලදි ගාථාවද එසේම කියන ලදී.
ස්වාමීනි කුමක්ද ඔබ වහන්සේ වෙතට පැමිණි නිසා මොහුට ලාභ සත්කාර ලැබුනේද නැත හොත් අන්තැනක ගියද උපදීද? ආනන්ද මාලඟට ආවාවු අයටද අන්තැනක ගිය තැනැත්තන්ටද ලාභ උපදී. මේ උපාසක තෙමේ ශ්‍රද්ධාවය ප්‍රසන්නය. සීල සම්පන්නය. මෙබඳු අය යම් යම් දිසාවක් සේවනය කරයිද ඒ ඒ තැන ලාභසත්කාර උපදවයි. කියා මේ ගාථාව පැවසුහ.