14. චිත්ත ගෘහපති පිළිබඳ කථා පුවත
“සද්ධොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී විත්ත ගෘහපති නිමිති කරගෙන දේශනා කළහ.
කථා වස්තුව බාලවර්ගයේ “අසතං භාවන මිච්ඡෙය්‍ය” යන ගාථා වර්ණනය විස්තර කරන ලදි ගාථාවද එසේම කියන ලදී.
ස්වාමීනි කුමක්ද ඔබ වහන්සේ වෙතට පැමිණි නිසා මොහුට ලාභ සත්කාර ලැබුනේද නැත හොත් අන්තැනක ගියද උපදීද? ආනන්ද මාලඟට ආවාවු අයටද අන්තැනක ගිය තැනැත්තන්ටද ලාභ උපදී. මේ උපාසක තෙමේ ශ්‍රද්ධාවය ප්‍රසන්නය. සීල සම්පන්නය. මෙබඳු අය යම් යම් දිසාවක් සේවනය කරයිද ඒ ඒ තැන ලාභසත්කාර උපදවයි. කියා මේ ගාථාව පැවසුහ.
සීලය සැදැහැ ගුණ
දන්දීම - දන සම්පත
තියෙන කෙනෙකුට
නිතැතින් ලැබේ බුහුමන්.
ශ්‍රද්ධාවෙන් සීලයෙන් යුත් කීර්තිමත් ධනධාන්‍ය දී ලෞකික ධනයෙන් හා ශ්‍රද්ධා ශිලදී ආර්ය ධනයෙන් යුත්තවු යමෙක් යම් යම් ප්‍රදේශයක් භජනය කරයිද ඒ ඒ තැනගේ පුදන ලද්දේවෙයි.
එහි සද්ධො - යනු ලෞකික ලෝකෝත්තර වු ශ්‍රද්ධාවෙන් යුතු වුයේ සීලෙනා යනු අනගාරික සීලය - අනගාරික සීලය දෙයාකාර සිල් වලින් මෙහි අගාරික සීලය අදහස් කරන ලදී. ඉන් යුතු වුයේ යන අර්ථයි - යසො භොග සමප්පිනො යම් ඒ අනේ පිඬු සිටුවරයා ආදී පන්සියයක් උපාසකවරු පිරිවැරුවේ. ගිහි සැප කීරතිය හා සප්තවිධ ආර්ය ධන සංඛ්‍යාත දුවිධ භෝගයන්ගෙන් සමන්නාගත වුයේ යන අර්තයි. යංයං පදෙසංති නැගෙන හිර ආදී දිසාවන් මෙබඳු කුල පුත්‍රයෙක් සේවය කරයිද ඒ ඒ තැන්වල මෙබඳු ලාභ සත්කාරයෙන් පුදන ලද්දේ වෙයි යන අර්ථයි.
දේශනාවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී ඵලයන්ට පැමිණියහ.
15. චුල්ල සුභද්‍රාවගේ කථා පුවත
“දුරෙ සන්තොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටියදී අනේ පිඬු සිටුවරයාගේ දු වූ චුල්ල සුභද්‍රාව නිමිති කරගෙන දේශනා කරන ලදී.
අනේ පිඬු සිටුවරයාගේ ළමා අවදියේ සිට උග්ගනගරවාසී උග්ගනම් සිටු පුත්‍රයෙක් මිත්‍රව සිටියේය. ඔවුහු එකම ආචාර්ය කුලයක ශිල්ප ඉගෙන ගනිද්දී එකිනෙකා මෙසේ කථිකා කරගත්හ. අපි වයසට ගිය කල දු පුතුන් ඉපදුනවිට යමෙක් පුතුට දුවක් සොයයිද අනෙකා විසින් දියණිය දියයුතුය. යනුවෙනි. මේ දෙදෙනාම වැඩුන පසු ඒ ඒ නගරවල සිටුතනතුරුවලට පත්වුහ. මෙ අතර එක්කලෙක උග්ග සිටුවරයා වෙළදාමේ යෙදෙන්නේ පන්සියයක් රැගෙන සැවැත් නුවරට ගියේය. අනේ පිඬු සිටුවරයා තමාගේ දු චුල්ල සුභද්‍රා කැඳවා දරුව ඔබේ පියාවන උග්ගසෙට්ඨි පැමිණියේය. ඔහුට කළයුතු සියළු කාර්යයන් ඔබට පැවරේයයි අණ කළේය. ඇය යහපතැයි පිළිගෙන ඔහු පැමිණ දින සිට සිය අතින්ම බත් ව්‍යඤජන ආදිය පිළියෙල කරයි. මඳ විලවුන් ආදිය සපයා දෙයි. භෝජන කාලයේ දී ඔහුට ස්නානය සඳහා ජලය පිළියෙළ කරයි. නාන තැන්සිට සියළු කටයුතු මැනවින් ඉටු කරයි.
උග්ග සිටුවරයා ඇගේ ආචාර සම්පත්තිය දැක පැහැදුන සිත් ඇත්තේ එක් දිනක් අනේ පිඬු සිටුවරයා සමග සතුටු කථාවේ යෙදෙමින් සිටියේ අපි තරුණ අවදියේ දී මෙබඳු කථිකාවක් කළෙමු. සිහිකොට චූල සුභද්‍රාව තමන්ගේ පුතුට යෝජනා කළේය. ඔහු ප්‍රකෘතියෙන්ම මිථ්‍යා දෘෂටිකය. එනිසා බුදුන්ට මේ කරුණු දක්වා - සිටිවිට බුදුහු උග්ග සිටුවරයාගේ උපනිශ්‍රය සම්පත් දැක අනුමත කළ විට, බිරිඳ සමග කතිකාකොට ඔහුගේ වචනය පිළිගෙන දවසක් තබා දුවනිය විශාඛාවට බාර දී උනන්දු කරවන්නේ ධනංජය සිටුවරයාමෙන් මහත් සත්කාර කොට සුභද්‍රාවට කථා කොට දරුව නැන්දාගේ කුලගෙයි වසන අයනම් ඇතුළත ගිනි පිටකිරීම නොකළ යුතුය. ආදි ධනඤජය සිටුවරයා විසාඛාවට දෙන ලද ක්‍රමයටම අවාද දසය දී. ඉදින් මගේ දුවගේ දොසක් ඇතිවේද තොප විසින් ශුද්ධ කල යුතුයයි කෙළෙඹියන් අටදෙනෙක් වෙන්කරදී ඇය පිටත්ව යන දිනයේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මහදන් දී පෙර භවයේදී දියණිය කළ සුචරිත ඵල විභූතිය ලොවට හෙළි කොට දක්වන්නාක් මෙන් මහත් සත්කාරයෙන් දුවණිය පිටත්කළ හැරියේය. ඇය අනුපිළිවෙලින් උග්ග නගරයට පැමිණි කළ නැන්දනියන් ගේ කුළයේ අය සමග මහජනයා පෙරගමන් කළහ.