21. ප්‍රකීර්ණක වර්ගය
1. ගංගා රෝහණ කථා පුවත
“මත්තාසුඛ පරිව්වාගා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ සිටියදි තමන්ගේ පෙර කර්මය නිමිති කරගෙන දේශනා කළහ.
එක් සමයක විසාලාව සමෘධිමත් විය. සම්පූර්ණ වු බොහෝ ජනයාගෙන් පිරි පැවතුනි. එහි වරින් වර රජ කරන ක්‍ෂත්‍රියයෝම හත් දහස් හත්සිය හැත්තෑ (7777) හතක් වු වුහ. ඔවුන්ගේ වාසය සඳහා එමපමණ ප්‍රාසාද හා කුළු ගෙවල් උයන්වල විසීම සඳහා ආරාම පොකුණු දවුහ. මේ මහනුවර පසුකලෙක දුර්භික්ෂයක් විය. ශෂ්‍ය දුබලවිය. එහි සාගත හේතුවෙන් පළමුව දුගී මිනිස්සු කළුරිය කළහ. තැන තැන දමන ලද ඔවුන්ගේ මිණි කුණු වල ගඳින් අමනුෂ්‍යයෝ නගරයට පිවිසුනහ. අමනුෂ්‍ය උපද්‍රවයෙන් බොහෝ දෙනෙක් මියගියහ. ඔවුන්ගේ මළකුණු ගඳ පිළිකුලනිසා සත්ත්වයන්ට අභිවාතක රෝගය උපනි. මේ ලෙසට දුර්භික්ෂ බය අමනුෂ්‍ය බය රෝග බය යන තුන් බිය ඇතිවිය.
නුවර වැස්සෝ රැස්වී රජුට කිවාහුය. මහරජ මේ නුවර තුන්බිය ඇතිවිය. මින්පෙර ධාර්මික රජවරුන්ගේ කාලයේදී මෙබඳු බයක් නම් ඇති නොවීය. රජු සත්ථාගාරයේ සියල්ලන් එක් රැස් කරවා රජවරුන්ට මෙසේ කීවාහුය. ඉදින් අප අතර අධාර්මික බවක් (නොදැහැමි බවක් තිබේ නම් එය සොයා බැලිය යුතුය. විසාලාව වැසි සියළු ප්‍රවේනිත් සොයන්නේ රජුන්ගේ කිසි දොසක් නොදැක මහරජ ඔබගේ දෝෂයක් නැතැයි කියා කෙසේ නම් මේ බිය සංසිඳවනෙමු. දැයි සම්මන්ත්‍රණය කළහ. එහිදී ඇතැම් කෙනෙක් බලි පුද කිරිමෙන් ආයාචනය කරමුයි එය මංගල ක්‍රියාවක්බව පැවසු විට එය පවත්වා වැළැක්වීමට නොහැකි වේ. ඇතැම් කෙනෙක් ෂට් ශාස්තෘවරු මහානුභාව සම්පන්නය. ඔවුහු මෙහි පැමිණි පමණකින් තුන් බිය දුරුවනේන්යයි පැවසුහ. තවත් කෙනෙක් සම්මා සම්බුදුන් වහන්සේ ලොව පහළ විය. උන්වහන්සේ සියළු සතුන්ගේ යහපත සඳහා ධර්මය දේශනා කරති. මහා ඍද්ධිමය මහත් ආනුභාව සහිතය. උන්වහන්සේ මෙහි වැඩමකළවිට තුන් බිය පහවීමට හේතුවේයයි පැවසූහ. ඔවුන්ගේ වචනය පිළිබඳව සියල්ලෝම සතුටු වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහේ වාසය කරත්දැයි විමසුහ. ඒ දිනවල බුදුහු වස් සමාදන් විමට ආසන්න නිසා බිම්බිසාර රජුට ප්‍රතිඥා දී වේළුවන විහාරයේ වැඩ සිටිති. මේ කාලයේදී බිම්බිසාර හා එක්ව සෝවාන් ඵලයට පත් මහාලි නම් ලිච්ඡවී රජ එම පිරිසේ සිටියේ විය.
විශාලා නගර වැසියෝ මහත් පුද පඬුරු සාදා බිම්බිසාර රජුට දැනුම් දි බුදුන් වහන්සේ මෙහි වැඩමකර වනැයි. මහාලි ලිච්ඡවි ද පුරෝහීත ප්‍රත්‍රයාද යැවූහ. ඔවුන් ගොස් රජුට පඬුරුදි එම පුවත දැනුම් දී මහරජ බුදුන් වහන්සේ අපේ නගරයට වැඩමවනු මැනවැයි ඉල්ලා සිටියහ. රජු තෙපිම එය දැනගත්වායි නොපිළිගන්න. ඔවුහු බුදුවෙත එළඹ වැඳ ඉල්ලා සිටියහ. ස්වාමීනි - විශාලා මහනුවර තුන්බිය ඇතිවී තිබේ. ඔබවහන්සේ එහි වැඩම කළ කල්හි මේ උවදුරු දුරු වන්නේ ය. ස්වාමීනි වඩිනු මැනව. බුදුහු ඔහුගේ වචනය අසා ආවර්ජනා කරන්නේ විශාලාවට ගොස් රතන සුත්‍රය දේශනා කළවිට ඒ ආරක්ෂාව කෙළ දහසක් සක්වල පැතිරෙන්නේය සූත්‍ර දේශනය අවසන අසූහාරදහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය වන්නේය ඒ බිය දුරුවේයයි ද දැන ඔවුන්ගේ ආරාධනය පිළිගත්හ.
බිම්බිසාර රජ බුදුන්ගේ විශාලා නුවර ගමන පිළිගත්යයි අසා නුවර ඝෝෂාවක් කර බුදුන් වෙත එළඹ බිම ස්වාමීනි ඔබ වහන්සේ විශාලා නුවරට යාම පිළිගත්තේදැයි විමසා මහරජ එසේයයි පැවසුවිට එසේ නම් ස්වාමීනි වඩින්න. මර්ගය පිළිසකර කරමියි පවසා රජගහ නුවරට හා ගංගාමට අතර වූ යොදුන් පහක මාර්ගය සමකරවා යොදුනක් යොදුනක් දුර විහාර කරවා බුදුන් ගමන් කරන වේලාවන් දැනුම් දුන්හ. බුදුහු පන්සියයක් භික්ෂූන් සමග මගට පිළිපන්හ. රජු යොදුනක් දුර දනක් පමණට දුරට පස් පෑ මල් විසුරුවා කොඩි - පතාක - කෙසෙල් ආදීන් ඔසවා බ්‍රහ්ම - ඡත්‍ර - අධිඡත්‍ර කොට දෙකක් එක් එක් භික්ෂුවකට එක් එක් සේසත හිසට උසුලුවා පිරිවර සහිතව මල් ගඳ ආදියෙන් පුජා කරමින් බුදුන් එක් එක් විහාරයක වාසය කරවා මහදන් දි දින පහකින් ගංතෙරට පමුණුවා එහි නැවක් අලංකාර කර විසාලා නුවරවාසින්ට ලිපියක් (හස්නක්) යැවීය. මාර්ග සකසා බුදුන්ගේ පෙරගමන් කරත්වායි දැන්වීය. ඔවුහු දෙගුණයක් පුජා කරන්නෙමුයි විශාලාව හා ගංගානදිය අතර තුන්යොදුන් භූමිය සමකරවා බුදුරජුන්ට සේසත් සතරත් එක් එක් භික්ෂුවකට දෙක බැගින්ද සේසත් පිට සේසත් නංවා, පුජා කරමින් අවුත් ගංගා තෙර සිටියාහුය. බිමිබිසාර රජ නැව් දෙකක් එකට බැඳ මණ්ඩපයක් කරවා මල් දාමයන්ගෙන් සරසවා සියලු මැණික්වලින් බුද්ධාසනයක් පැනවුහ. බුදුහු එහි වාඩිවූහ. භික්ෂූන්ද නැවට නැගී. බුදුන් පිරිවරා වාඩිවූහ. රජු බුදුන් අනුව ගමන්කොට කරවටක් දියට බැස ඔබවහන්සේ නැවත වඩින තුරු මේ ගංතෙරට වී සිටිමියි කියා නැව පිටත්කර නැවතුනි. බුදුහු ගංගාවේ යොදුනක් පමණ දුර ගංගාවේ ගමන් කර විශාලා වාසි සීමාවට වැඩම කළහ.