7. ලාලුදායි තෙරුන් පිළිබඳ කථා පුවත
“අසජඣාය මලා” යන මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී ලාලුදායි තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
සැවැත් නුවර කෝටි පහක් පමණ ආර්ය ශ්‍රාවකයෝ පෙරවරුයෙහි දන් දී පස්වරුවේ ගිතෙල් පැණි වස්ත්‍ර ආදිය ගෙන විහාරයට ගොස් බණ අසති. බණ අසා එන අතර සැරියුත් මුගලන් හිමිවරුන්ගේ ගුණ කථා කරති. ලාලුදායි තෙරුන් මේ කථා අසා සිට ඔබලා මේ තෙරවරුන්ගේ ධර්මකථා අසා ගුණ කියති. මගේ ධර්ම කථා අසා ගුණකථාවක් නොකියන්නේ මන්දැයි විමසුහ. මිනිස්සු ඒ කථාව අසා මුන්වහන්සේ ද ධර්ම දේශකයාණන් කෙනෙක් වන්නට ඇත. මුන්වහන්සේගේ ධර්ම කථාව ද ඇසීම වටී. යයි කියා ඔවුහු එක් දිනක් ස්වාමීනි අද අප ධර්මය අසන දිනයක් එනිසා සංඝයාට දන් දී අවසන අද දිවාකාලයේ ධර්මදේශනය කරන්නයි කීවාහුය. උන්වහන්සේ ද ඔවුගේ ආරාධනය පිළිගන්න.
ඒ පිරිස ධර්මය අසන වේලාවේදී පැමිණ ස්වාමීනි අපට ධර්මය දේශනාකරන්නැයි පැවසුවිට ලාලුදායි තෙරුන් පැමිණ අසුනේ වාඩිවී විසිතුරු විජිනිපත ගෙන සොලවමින් එකම ධර්ම පදයක් හෝ නොදැක (සිහිනොවී) මම පසුව පාලි පිරුවා කියමි. දැන් වෙනත් අයෙක් ධර්මපද කියක්වායි කියා අසුනෙන් බැස්සේය. අන් භික්ෂුවක් ලවා ධර්මය දේශනා කරවා මිහිරි ස්වරයෙන් කීමට නැවත ද ආසනයට නැංවුහ. දෙවනුවද කිසිවක් නොදැක (සිහි නොවී) මම රාත්‍රියේ ධර්මදේශනා කරමි. අන් කෙනෙක් පාලි පිරිවුව මැනැවි - යි කියා ආසනයෙන් බැස්සේය. උපාසකවරු අන් තෙරනමක් ලවා පදභානය කරවා නැවත රාත්‍රියේ තෙරුන් අසුනට නැංවුහ. ඔහු රාත්‍රියේද කිසිවක් කියනු නොහී මම අළුයම කියනෙමියි රාත්‍රි දේශනය අන් තෙරනමකට පැවරුවේය. නැවත උදැසන දේශනයට ගෙන්වුහ. නැවත ද අළුයම කිසිවක් සිහිනොවීය. මහජනයා ගල් පොලු මුගුරුගෙන අධබාලය නුඹ සැරියුත් මුගලන් හිමිවරුන්ගේ ගුණ කථනය කරනවිට මේ මේ දේවල් කියයි දැන් කුමක් නිසා නොකියන්නේන්ද තර්ජනය කර පළා යනවිට ලුහුබැන්දාහුය. ඔහු පලායන විට එක් පාලු වැසිකිළි වලකට වැටුනි.
මහජනයා කථාවක් ඉපදවුහ. අද ලාලුදායි සැරියුත් මුගලන් තෙරවරුන්ගේ ගුණකථා කරනවිට ඊර්ෂ්‍යාවෙන් තමන්ගේ ධර්ම කථිකභාවය ප්‍රකාශකොට මහජනයාගෙන් සත්කාර ගෙන ධර්මය අසමුයි කීවිට සිව්වතාවක් අසුනේ වාඩිවීසිටත් කිවයුතු කිසි දෙයක් නොමැතිව තොප අපේ සැරියුත් මුගලන් කෙරෙහි එකටඑක ගත්තේදැයි දඬු මුගුරුගල් ආදිය ගෙන තර්ජනය කරනවිට පළා ගොස් වැසිකිළි වලක වැටුනේයයි කථාකරන විට බුදුන් පැමිණ මහණෙනි! කුමක් කථාකරමින් සිටියේදැයි විමසා භික්ෂූන් දැක්වුවාට පසුව දැන් පමණක් නොව පෙරද මොහු අසුචි වලක ගිලුනේයයි පවසා අතීත කථාව ගෙනහැර දැක්වුහ.
“චතුප්පදො අහං සම්ම වංපි සම්ම චතුප්පදො” යහළුවේ - ඔබ ද සිවුපාවෙකි. මම ද සිවුපාවෙකි සිංහය මෙනි එන්න ඇයි බියෙන් පලායන, සුකරය තෝ බඩ අසුවි තැවරුන ලොම් ඇති දුගඳ හමන්නෙකි ඉදින් යුද්ධ කරනු කැමතිනම් මම ඔබටම ජය දෙනෙමි.
මෙම ජාතක කථාව විස්තර කොට පැහැදිලි කළහ. එදා සිංහයා සැරියුත් තෙරුන්ය. ඌරා ලාලුදායි තෙරය. බුදුහු මෙම දේශනය ගෙනහැර දක්වා මහණෙනි ලාලුදායි තෙර අප්‍රමාදීව ධර්මය ඉගෙන ගත්තේයෙ. සජ්ඣායනය නොකෙළේය. කිසිවක් පර්යාප්තිය විසින් ගෙන සජ්‍ඣායනය නොකළ හෙයින් මළ බැඳුනියි. පවසා මේ ගාථාව දෙසුහ.