18. මල වර්ගය
1-4. ගොඝාතක පුතුගේ කථා පුවත
“පණ්ඩු පලාසොව දානිසි” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටිය දී එක් ගවඝාතකයකු ගේ පුත්‍රයෙකු නිමිති කරගෙන දෙසුහ.
සැවැත් නුවර එක් ගවඝාතකයෙක් ගවයන්ට වධ දී මරමින් රසවත් මාංශ ගෙන උයවා අඹුදරුවන් සමග වාඩිවී මස් කන්නේය. ඉතිරි මස් මිලකොට විකුණයි. ඔහු මෙලෙස අවුරුදු පනස් පහක් ගවඝාතනය කරමින් අසල විහාරස්ථානයේ බුදුරදුන් සිටියදී එක දිනක් හෝ හැන්දක් පමණවත් කැඳවත් නොදුනි. ඔහු මස් නොමැතිව බත් අනුභව නොකරයි.
ඔහු එක් දිනක් දවල්කල මස් විකුනා තම ප්‍රයෝජනය සඳහා පිසීම සඳහා මස් කැබැල්ලක් බිරිඳට දී නාන්නට ගියේය. මේ අතර සහායකයෙක් ගෙට පැමිණ බිරිඳට මෙසේ කීවේය. විකිණීමට ඇති මස්වලින් ටිකක් මට දෙන්න. මගේ ගෙට ප්‍රමාණවත් පමණි ලැබෙන්නේ. විකිණීමට මස් නැත. ඔබේ සහායකයා මස් විකුණා දැන් නෑමට ගියේය. මට එසේ නොකරන්න මස් කුඩක් තිබේනම් එය මට දෙන්න. ඔබේ සහායකයාට තබන ලද මස් හැර වෙනත් මස් නැත. මස් නොමැතිව ඔහු ආහාර ගනේන්ද නැත. ඒ මස්ටික නොදෙමියි කීවිට ඒ මස් ටික සම්පූර්ණයෙන් ඔහු විසින්ම රැගෙන ගියේය.
ගෝතකයාද නා ගෙන ආවේ ඇය විසින් පිසින ලද කොළ සමග ඔහුගේ බත බෙදා දුන්විට මස් කොයිදැයි විමසුවේය. ස්වාමීනි නැත. මම ඉවීම සඳහා මස් දී ගියා නොවේද? ඔබේ මිතුරා පැමිණ තුටු පඬුරකට විකිණිය යුතු මස් තිබේ නම් දෙන්නැයි ඉල්ලා සිටියේය. මස් නැති බවත් ඔබට පිසීම සඳහා දුන් මස් ටික පමණක් ඇති බවත් මස් නොමැතිව ඔබ නොකළ නිසා එය දෙන්නට නොහැකි බවත් පැවසුවිට. ඔබ දුන් මස් ටික ඔහු විසින් බලහත් කාරයෙන්ම රැගෙන ගියේ යයි පැවසුවාය. මස් නොමැතිව “මම බත් නොකමියි” එය ගෙන එන්න. ස්වාමීනි කෙසේ කරන්නද මේ බත් කන්නැයි කීවාය. මම නොකමියි ඒ බත් බැහැර කොට ආයුධයක් ගෙන ගේ පසුපස සිටි ගොනා සමීපයට ගොස් කට තුළට අත දමා දිව දිව මුලින්ම කපා ගෙන ගොස් ගිනි අඟුරු වල පුළුස්සා බත් පතටත තබා එක බත් පිඬුවක් අනුභව කොට එක මස් කැබැල්ලක් කටේ තැබුවේය. එකෙනෙහිම ඔහුගේ දිව කැඩී බත් පතට වැටුනි. එකෙනෙහිම කළ කර්මයට සමාන විපාකයක් ලැබුනි. ඔහු ගොනා මෙන් ලේ ධාරා මුවෙන් ගලමින් ගෙතුළට පිවිසියේ දණින් වැටී දණගාමින් මහහඬ තැලුවේය.
මෙවිට ඒ ගෝඝාතකයාගේ පුතු පියා දෙස බලමින් ආසන්නයේ සිටියේය. මෙවිට මව මෙසේ කීවාය. බලන්න පුත මේ තැනැත්තා ගොනෙකු මෙන් දණගාමින් මහඬින් විලාප කියයි. මේ දුක ඔබ මතද වැටෙන්නේය. මා ගැන ද නොබලා තම යහපත කරගනිමින් පළායන්න. ඔහු මරණ බියෙන් තැතිගත් මවට වැඳ පළා ගියේය. එසේ පළාගොස් තක්ෂිලාවට පැන ගියේය. ගවඝාතකයා ද එසේ හඩතලමින් මැද දණගා ඇවිදිමින් සිට මැරි අවිචියෙහි උපනි. ගොනාද මැරුණි. ගවඝාතකගේ පුතු තක්ෂිලාවට ගොස් රන්කරු කර්මාන්තය උගත්තේය. අනතුරුව ඔහුගේ ගුරුවරයා ගමනක් යද්දී මෙබඳු අලංකාර ආභරණයක් කරන්නැයි කියා ගියේය. ඔහුද එබඳු අලංකාරයක් කළේය. අනතුරුව ඔවුන්ගේ ගුරුවරයා එය දැක මොහු කොහේ හිටියත් ජීවත් වීමට සමතෙක් වෙතැයි වැඩිවියට පත්වීසිටි තම දියණියන් ආවාහ කොට දුන්නේය ඔහු දූ පුතුන් සමග වැඩුනි.
අනතුරුව ඔහුගේ පුත් වැඩී ශිල්ප හදාරා පසුකලෙක සැවැත් නුවරට ගොස් එහි ගෙයි වසමින් සිටින්නේ ශ්‍රද්ධාවත් පැහැදුන කෙනෙක් විය. පියා ද තක්ෂිලාවේදී කිසිදු කුශලයක් නොකරම ජරාවට පත්විය. එහිදී ඔහුගේ පුතු මගේ පියා දැන් මහළුයයි තමන්ගේ ළගට කැඳවා පියා වෙනුවෙන් දනක් දෙන්නෙමියි. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට ආරාධනා කළහ. දෙවැනි දවසේ බුදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයා වාඩි කරවා මැනවින් වළඳවා බත්කිස අවසන බුදුන්ට මෙසේ පැවසුවේය. ස්වාමීනි අප විසින් මේ ජීවදානය දෙන ලදී. පියාට අනුමෝදනා කරන්න. බුදුහු ඔහු අමතා උපාසකය ඔබ මහළු වු මුහුකුරාගිය පඩරැලන්සේ වු ශරිර ඇත්තෙකි. ඔබගේ පරලොව ගමන සඳහා කුශල් රැස් කිරීමක් නැත. තමා පිහිටකොට ගන්න. නුවණැත්තෙක් වන්න. බාලයෙක් නොවන්නැයි පවසා අනුමෝදනා කරන්නේ මේ ගාථාව පැවසුහ