8-9. එක්තරා කුල පුතෙකුගේ කථා පුවත
“මලිත්ථියා දුච්චරිතං” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩසිටියදී එක්තරා කුලපුත්රයෙක් නිමිති කරගෙන දේශනා කළහ.
එක් කලෙක මොහුට සමාන කුලගෝත්ර ඇති කුල කුමරියක් ගෙනාවේය. ඇය ගෙන ආ දිනයේ සිට අනාචාරයේ හැසිරෙන කෙනෙක් වුවාය. මේ කුල පුත්රයා ඇගේ නොමනා හැසිරීමෙන් ලජ්ජාවට පත්ව කිසිවෙකු හමුවීමට නොහැකිව බුද්ධෝපස්ථානාදිය නවතා දින කීපයකින් බුදුන් වෙත එළඹ වැඳ එකත් පසෙක සිටියේය ඇයි උපාසක පසුගිය දවස්වල නොදැක්කේ යයි පැවසුවට වැඳ මෙම කරුණ පැහැදිළි කළේය. අනතුරුව බුදුරජාණන් වහන්සේ උපාසක මම පෙරද ස්ත්රීහු නම් ගංගා හා සමානය නුවණැත්තන් විසින් ඒ ගැන කෝප නොකළ යුතුය යයි කියන ලද්දේය. නුඹ භවයෙන් වැසිගිය නිසා මේ පිළිබඳව නොසිතීය යයි පවසා ඔහු විසින් විමසන ලදුව මෙසේ වදාළහ.
ගංගාව, මහමග අවන්හල, බොහෝදෙනා රැස්වන තැන හැම දෙනාටම පොදුය. එමෙන්ම ස්ත්රිය ද අවකාශ ලද පරිදි බොහෝ දෙනාට පොදුවේ.
මේ චූළකුණාල ජාතකය විස්තරව වදාරා ස්ත්රියගේ නොමනා හැසිරිම ඇගේ චරිතයට කිලුටක් බවද, දන් දෙන්නාට මසුරුකම කිලුටක් බවද අවිද්යාව සියල්ලන්ට වඩා ප්රබලම කිලුට බවද, එය මෙලොව පරලොව යහපත නැතිකරන බවද වදාරා මේ ගාථාව වදාළහ.
දුසිරිත කිලුට ඉතිරියකට රුවින් බර
දන් දෙන්නට කිලුට ලෝබය නිරන්තර
දන් දෙන්නට කිලුට ලෝබය නිරන්තර
අනුවණ කම කිලුට හැමටම උසස්තර
සියලුම කිලුටු දුරුකොට යනු නිවන්පුර.
සියලුම කිලුටු දුරුකොට යනු නිවන්පුර.
“මලිත්ථියා දුච්චරිතං මච්ජෙරං දදකො මලං” ස්ත්රියට දුශ්චරිතයද දන්දෙන්නාට මසුරු සිත ද කිළුටකි. ලාමක ගතියෙන් යුතු අකුශල ධර්ම මෙලොවටද පරලොවටද කිළිටකි. එනිසා වැඩිම මළය (කිළුටනම්) අවිද්යාවයි. මේ අවිද්යා මළය පහකොට මහණෙනි නිමල පිරිසිදු බවට පත්වෙමු.
එහි දුච්චරිත නම් දුරාවාරයයි ස්වාමිපුරුෂයා ඉක්මවා හැසීරිමයි. ස්ත්රියක් ස්වාමීයා ද ගෙයින් බැහැරකරයි දෙමාපියන්වෙත ගියද ඔබ කුලයට දැලි අඟුරු මෙන් වීයයි ඔබ දසන් දැකීමට ද නොකැමති එළවා දමයි. බැහැර කරයි. ඇය අනාථවී මහදුකට පැමිණේ. මේ නිසාම දුච්චරිත කිලුටක් ලෙස කියනු ලැබේ. දදතො - දායකයා යමෙක් කුඹුරු සීසාන කල මේ කුඹුර පැසුනවිට සලාක බත් ආදිය දෙනෙමියි සිතා ශෂ්ය සම්පත් ඇතිවුවිට මසුරුබව ඇතිකරගෙන ත්යාගසිත දුරුකරයිද? ඔහු මසුරු ලෙස ත්යාග සිත දුරුකිරිම නිසා මිනිස් සම්පත්තිය දිව්ය සම්පත්තිය නිවන් සම්පත්තිය යන ත්රිවිධ සම්පත් නොලබයි. මෙසේ කියන ලදී. මච්ඡෙරං දදතා මලං යන්න එහෙයින් කියන ලදි අනෙක් මෙබඳු කරුණු වලදි මේ න්යායම වේ. පාපකාධම්මා - යනු අකුශල ධර්මයි. මෙලොවද පරලොවද කිළිටි බවට වේ. මේ කියන කිලිටි බවින්
තතො යනු පෙරදී කියන කිලිටිවෙ මල තරං යනු වඩාත් කිළිටිබවයි. අවිජ්ජා යනු අෂ්ඨවිධ වස්තුන් අතර එකකි. මලතරං - වඩාත් වැඩි කිළිටි බවයි. පහත්ථා නැති - මේ මළ දුරුකර මහණෙනි තෙපි නිමල නොකිලිටි බවට පත්වේ.
දේශනය අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී ඵලයන්ට පත්වුහ.
10-11. සැරියුත් තෙරුන්ගේ සද්ධිවිහාරික භික්ෂුව පිළිබඳ කථා පුවත
“සුජීවන්ති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී සැරියුත් හිමිගේ සද්ධිවිහාරිකයකු වූ ථුල්ල සාරික නම් භික්ෂුවක් නිමිතිකරගෙන දේශනා කළහ.
මේ භික්ෂුව දිනක් රෝගියකුට වෙදකම් කොට ප්රණීත ආහාර ලබා ඒ ආහාර සැරියුත් තෙරුන්ට පුදා නිතර මෙබඳු ආහාර ගෙන එන්නෙමියි පැවසිය. සැරියුත් තෙරුන් ඔහුගේ වචනය අසා නිහඩවුයේ ඉවත්ව ගියහ. ථුල්ලසාරික භික්ෂුව විහාරයට ගොස් තමන් රෝගියකුට වෙදකම් කළ බවත් එතැනින් ප්රණිත ආහාර ලද බවත් එය සැරියුත් හිමියන්ට පිඳු බවත් උන්වහන්සේ එය පිළිනොගෙන කිසිත් නොකියා ඉවතට ගිය බවත් බුදුහිමියන්ට පැහැදිළි කළහ. බුදුරජාණන් වහන්සේ මහණෙනි ලජ්ජා නැති තැනැත්තා ගසා කා ඇවිදින කපුටෙක් මෙය. විසි එක් ආකාර අනේසන වස්තු සෙවීමෙන් සිට සුවසේ ජීවත් වේ. හිරි ඔතප් සහිත තැනැත්තා දුකසේ ජිවත් වේයි පවසා මේ ගාථාව දේශනා කළහ.
නුගුණම අනුන්ගේ කියමින් හුඹස් කතා
කපුටෙකු මෙන් ගසා කන ගෙමිදුලක් පතා
ආජීවයෙන් කිලුටුව මිල මුදල් පතා
නිවසන අයට පහසුය “මහණකම” ඉතා
කපුටෙකු මෙන් ගසා කන ගෙමිදුලක් පතා
ආජීවයෙන් කිලුටුව මිල මුදල් පතා
නිවසන අයට පහසුය “මහණකම” ඉතා