18. මෙණ්ඩක සිටුවරයාගේ කථා පුවත
“සුදස්සන්ති” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ භද්දිය නුවර ඇසුරු කොට ජාතියා වනයේ වැඩසිටියදී මෙණ්ඩක සිටුවරයා වෙනුවෙන් දේශනා කළහ.
බුදුහු අඞ්ගුත්තර පෙදෙසේ චාරිකාවේ යෙදෙමින් මෙණ්ඩක සිටුවරයාගේද භාර්යාව වු චන්ද පදුමාගේ ද පුතණුවන් වන ධනඤ්ජය සිටුවරයාගේ ද, ලේලිය වන, සුමනා දේවිය ගේද, මිණිබිරිය වු, විසාඛා වගේද, දාසයා වු පුණ්ණද, යන මේ අයගේ සෝවාන් ඵලයට උපනිශ්රය දැක භද්දිය නගරයට ගොස් ජාතිය වනයේ විසුහ. මෙණ්ඩක සිටුවරයා බුදුන් වැඩම කළ බව ඇසුවේ. මෙණ්ඩක සිටුවරයාට මේ නම ලැබුනේ කෙසේද?
ඔහුගේ ගෙදර පිටුපස අට කිරියක් පමණ තැන් ඇත් අස් - ගොන් පමණ රන් බැටළුවෝ පොළව පලා විටෙන් විට ගැටෙමින් ඇතිවුහ. ඔවුන්ගේ කටේ පස් පැහැ ඇති පලස් විවීමට ගන්නා, නුල් ගුලියක් තබන ලද්දේය. ගිතෙල් මී පැණි ආදීන් හෝ හඳින පොරෝනා වස්ත්ර හෝ රන් - රුවන් - ආදීන්ගෙන් හෝ ප්රයෝජනයක් ඇති වු විට ඔවුන්ගේ කටින් දඹදිව වාසින්ගේ ප්රයෝජනයට ප්රමාණවත් තරම් එම භාණ්ඩ නිකුත් වෙයි. මෙතෙක් බැටළුවන් සිටියත් එකකුගේ කටින් වුවත් නූල් ගුටිය ගැළ වූ නම් මුළු දඹදිව් වැස්සන්ට අවශ්ය සම්පත් ප්රමාණය ලබාදෙයි. ඒනිසා එතැන් පටන් ඔහුට මේ මෙණ්ඩක සිටුවරයා යන නම ලැබුනි.
මොහුගේ පෙර කරන ලද කුශල කර්මය නම්, විපස්සි බුද්ධ කාලයේදී මොහු අවරෝජ නම් කෙළෙඹියාගේ බෑනා ඒ මාමාගේ නම හා සමාන නම වු අවරෝජ යන නම් විය. අනතුරුව මේ මාමා බුදුන්ට ගඳකිළියක් කරන්නට පටන් ගත්තේය. ඔහු මාමා සමීපයට ගොස් අපි දෙදෙනාම සහායෙන් කරමුයි. ඔහු විසින් පිළිගත් කළ මේ ස්ථානයේ කුඤ්ජර ශාලානමින් මණ්ඩපයක් කිරීම වටී යයි සිතා කැලයෙන් ද්රව්ය ගෙන්වා ගෙන එක් කණුවක් රන් ඔබවන ලදී. එකක් රිදී ඔබවන ලදී. එකක් මැණික් ඔබවන ලදී. මෙසේ මහත් කණු - දොරකවුළු - ජනෙල් - නොගැස්ස පුවරිටු උළු යන සියල්ල රන්වලින් ඔබ්බන ලද කළේය. ඒ මණ්ඩපය මැණික්මය පබලුමය මුදුන් කොන්විය. කුඤ්ජර ශාලාවේ මැද මැණික් මණ්ඩපයක් කරවා ධර්මාසනයක් පිහිටුවීය. එහි සණරත්න සවර්ණමය පාදවිය. එලෙසට සතර පාද වීය. රන් බැටළුවන් සිවුදෙනෙක් කරවා ආසනයේ කකුල් සතරට තැබීය. බැටළුවන් දෙදෙනෙක් කරවා පාපුටු උඩ වට සවිකළේය. රන් බැටළුවන් සදෙනෙක් කරවා මණ්ඩපය වටකොට තැබුවේය. ධර්මාසනය වටකරමින් තැබුවේය. ධර්මාසනය පළමුව රැහැන්වලින් වියවා මැද රන් හුය රැහැන්වලින්ද උඩ පටහුය වලින්ද වියවා එහි මැද සඳුන්මය. හේත්තුවන පිටාවුවක් තැබීය. (ඵලක තැබීය) මෙලෙස කුඤ්ජර ශාලාව නිමවා පුජා උත්සවය කරන්නේ භික්ෂූන් එක්ලක්ෂ සැට අට දහසක් භික්ෂූන් සමග බුදුන්ට ආරාධනා කර සිව්මසක් දන් දී අවසාන දිනයේදී තුන් සිවුරු පිළිගන්වීය. එහි අළුත් භික්ෂූන්ට දහසක් වටිනා සිවුර දෙවීය.