19. උඡඣාන සඤ්ඤි තෙරුන්ගේ කථා පුවත
“පරවජ්ජානු පසිස්සාති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර දෙව්රම වැඩ සිටියදී උඡඣාන සඤ්ඤි නම් එක් තෙරකෙනෙක් නිමිති කරගෙන දේශනා කළහ.
මෙතෙමේ මෙසේ දවස්හරියි. මෙසේ අදියි මෙසේ පෙරවයි යනුවෙන් අනෙක් භික්ෂූන්ගේ වැරදීම සොයමින් හැසිරේ. භික්ෂුහු බුදුන් වෙත ගොස් ස්වාමීනි අසවල් තෙරුන් මෙසේ කරන්නේයයි බුදුන්ට දැනුම් දුන්හ. බුදුරජාණන් වහන්සේ වත් පිළිවෙත් මුල්කොට අවවාද කරන විට (කිසිවකුගෙනුත්) වැරදි සිදුනොවේ. යමෙක් වනාහි නින්දාකිරීමේ අදහසින් අනුන්ගේ සිදුරු සොයමින් ඒවා කියමින් හැසිරෙන්නම් ඔහුගේ බලාපොරොත්තු අනුව කිසියම් මාර්ග ඵල විශේෂත්වයකට ඔහු පත්නොවේ. හුදෙක් ආශ්රවයෝම කෙලස්ම වැඩේ යයි පවසා මේ ගාථාව දේශනා කළහ.
සොයමින් අනුන් දොස්
නිතර පවසන රළු බස්
මහණ සිරුරෙන් උස්
වුවත් මගපල වලින් වේ හිස්
නිතර පවසන රළු බස්
මහණ සිරුරෙන් උස්
වුවත් මගපල වලින් වේ හිස්
එහි උඡඣාන සඤ්ඤි - යනු මෙසේ හිදිය යුතුය. මෙසේ පෙරවිය යුතුය. ආදි වශයෙන් අන් අයගේ වැරදි සොයන නින්දාකිරිම් බහුල පුද්ගලයින්ට ධ්යාන ආදී එකම ධර්මයක්වත් නොවැඩේ. එහෙත් ආසවාතස්ස වඩඨන්ති- යනු ඔහුගේ කෙලෙස් වැඩේ. මේනිසා ඔහු ආසවක්ඛයා ආරා ආර්ය භාවයෙන් බැහැරවේ දුරු වේ.
දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ආදී ඵලයන්ට පත්වුහ.
20-21. සුභද්ද පිරිවැජියා පිළිබඳවු කථා පුවත
“ආකසෙ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ කුසිනාරා නුවර උපවත්තන මල්ල රජ දරුවන්ගේ සල්වනයේ පිරිනිවන්පානු සඳහා සැතපෙමින් සිටියදී සුභද්ද පිරිවැජියා නිමිති කරගෙන දේශනා කළහ.
මොහු වනාහී අතීතයේදී කණිටු සොහොයුරා එක් අස්වැන්නකින් නව වාරයක් අග්රශස්ය දන් දෙන්නේ අකමැතිව ප්රමාදවී අවසානයේ දුන්නේය. මේ නිසා පළමු බෝධියේදී හෝ මධ්යම බෝධියේදී බුදුන් දකිනු නොහැකිව පශ්චිම බෝධියේදී බුදුන් පිරිනිවන්පාන අවස්ථාවේ මම ප්රශ්න තුනක් මගේ සැක දුරු කරගැනීම සඳහා මහළු පිරිවැජියන් ගෙන් අසා භවත් ගෞතමයන් කුඩායයි දහරයයි හැගීමෙන් නො ඇසුවෙමි. දැන් මම ගෞතමයන් පිරිනිවන් පෑමෙන් අනතුරුව භවත් ගෞතමයන් නොවීමසීම පිළිබඳව විපිළිසර ඇතිවේ. මේනිසා බුදුන් වෙත එළඹ ආනන්ද තෙරුන් වළක්වද්දී, බුදුන් ආනන්ද තෙරුන්ට නොවළක්වන ලෙසට පැවසු පසු සුභද්ර බුදුන් වෙත ගොස් තමන් තුළ පැවති ප්රශ්න විමසුහ. පින්වත් ශ්රමණයන් වහන්ස ! කවර හෙයින් අහසේ පාසටහන් නැත්ද? මේ සසුනේ බැහැරව ශ්රමණයෝ ඇත්ද? නොනස්නා වූ ප්රත්ය සමුත්පන්න ධර්මයෝ ඇත්ද? මේ ප්රශ්න විමසුවේය. අනතුරුව බුදුහු එම ප්රශ්නවල ආභාවය කියමින් මේ ගාථාවෙන් ධර්මය දේශනා කළහ.
පියවර ලකුණු නුබ කුස පිහිටනුයේ නැත
මග පල ලැබීමක් බාහිර සසුනෙ නැත
මග පල ලැබීමක් බාහිර සසුනෙ නැත
අනියස සකර දම්, එහි තිරගතිය නැත
ආසා එකක් වත් සම්බුදු සිතක නැත
ආසා එකක් වත් සම්බුදු සිතක නැත
“ආකාසෙ පදං නත්ථි සමණො නත්ථි බාහිරෙ- අහසේ පියවර සටහන් නැත. බාහිර ශාසනයේ යෝ නැත්තාහ සත්ත්වයෝ තෘෂ්ණාදී ප්රපංචයන්හි ඇලේ තථාගතවරු එසේ නොවේ. අහසේ පියවර සටහන් නැත, බාහිර ශාසනවල ශ්රමණයන් නැත.
එහි පදං යනු මේ අහසේ වර්ණ වශයෙන් රූපයයි පැනවිය යුතුය. කිසිදු පදයක් නැත. බාහිර නම් මගේ සසුනෙන් බැහැරව මාර්ග ඵල වලට පත් ශ්රමණයන් නැත. පජානම් මේ සත් ලොව ප්රජාව තන්හාදි ප්රපංචයන්හි ඇලුනාහුවෙති. නිප්ප පඤචා - නම් බෝධි මුලයේදීම සියළු ප්රපංච සිඳදමු හෙයින් තථාගතව පුපංච රහිතය සඞබාරා පඤ්චස්ඛන්ධය එහි එකක් හෝ ශාස්වත ස්වරූපයක් නැත. ඉඤ්ජිතං - බුදුවරුනම් තෘෂ්ණාමාන ආදී ඉඤජිතවල යම් සඞ්කාර වශයෙන් ගන්නේද එකද ඉඤ්ජිතයක් හෝ නැත යන අර්ථයි.