8-9. උකටලී භික්ෂුව පිළිබඳ කථා පුවත
“න කහාපන වස්සෙන ” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී එක් උකටලී වූ භික්ෂුවක් නිමිති කරගෙන දේශනා කළහ.
ඔහු ශාසනයේ පැවිදි වී උපසම්පදා වී අසවල් තැනට ගොස් ඉගෙන ගන්නැයි උපධ්‍යායන් විසින් යවන ලද්දේ එතැනට ගියේය. ඉක්බිති පියාට රෝගයක් ඇතිවිය. ඔහු පුතා දකිනු කැමතිව ඔහුව කැඳවීමට සමත් කිසිවෙක් නොලැබ දරුදුකින් හඬමින් ම මරණාසන්න වී මෙය මගේ පුතාට පාසිවුරු ගැනීමට යොදන්නයි කහවණු සියයක් බාල දරුවා අත තබා කළුරිය කළේය. ඔහු වැඩිමල් සහෝදර භික්ෂුව පැමිණි විට පාමුල වැටී පෙරළී අඩා ස්වාමීනි අපේ පියා වැළපෙමින් ම මියගියේ ය. මා අත ඔහු විසින් කහවණු සියයක් අතේ තබන ලදි. ඉන් කුමක් කරන්නේදැයි විමසීය. දහර භික්ෂුව මට කහවණුවලින් අර්ථයක් නැතැයි ප්‍රතික්‍ෂේප කර පසුව සිතුවේය. මම මෙලෙස අනුන්ගේ ගෙදොර පිඬු පිණිස ගොස් ජිවත් වීමෙන් වැඩක් වේද? මේ කහවණු සියයෙන් ජීවත් විය හැකිදැයි විමතියට පත්ව ඔහු අනභිරතියෙන් පෙළී විසිරුණු ඉගෙනීම් බණදහම් කීම්, කමටහන් වැඩිම් ආදියෙහිදී, පාණ්ඩු රෝගියෙකු ලෙස සුදුමැලි විය. අනතුරුව කුඩා සාමණේරවරු මෙසේ වැහැරුනේ කුමක් නිසාදැයි විමසා උකටලී වුයෙමි යි කීවිට ආචාර්ය උපාධ්‍යයන්ට දැනුම් දුන්හ. ඉක්බිති ඒ ගුරුවරු ඔහු බුදුන් වෙත කැඳවාගෙන ගොස් බුදුන් දැක්වූහ. බුදුහු ඔබ උකටලීව සිටීම සැබෑදැයි විමසුහ. ඇත්තයයි පැවසුවිට ඔබ එලෙස කිරිමට හේතුව කුමක්ද? ඔබට ජීවත් වීමට කිසිවක් ඇත්දැයි විමසුවිට ස්වාමීනි ඇත. ඔබට තිබෙන්නේ කුමක්ද? ස්වාමීනි කහවණු සියයක් එසේ නම් එක්තැනකින් ගල්කැට ටිකක් අරගෙන එන්න. ගණනය කර දැනගනිමු මේ කහවණු සියයෙන් ජීවත්විය හැකිද නොහැකිද යන්න සොයා බලමු. පරිභෝගය සඳහා පනහක් වෙන්කරන්න. දෙගුණයක් ගොනුන් මිළදී ගැනීමට වෙන්කරන්න. විසි හතරක් බීජ ගැනීමට වෙන්කරන්න. විස වියගස් නගුල් සඳහා වෙන්කරන්න. උදළු වෑ පොරෝ සඳහා වෙන් කරනවිට මෙලෙසට වියදම් ගණනය කරනවිට කහවණු සියය ප්‍රමාණවත් නොවේ. අනතුරුව බුදුහු මහණ ! ඔබගේ කහවණු ස්වල්පය කෙසේ නම් තෘෂ්ණාව පුරන්නේද? අතීතයේ දි සක්විති රාජ්‍යය කර අත්පුඩි ගැසීම් පමණකින් යොදුන් දොළසක් දුර උකුළ ප්‍රමාණයට රන් වර්ෂා වැස්සවීමට සමර්ථ වු සක්විති රජු. සක්විති රජකමට වඩා ශක්‍ර සම්පත් උතුමැයි සිතා, ශක්‍රයාව ඉපිද, සතියක් ශක්‍රයගේ ආයු කාලය කලක් දේවරාජ්‍යය කර මරණ අවස්ථාවේදී තණ්හාව සම්පුර්ණ නොකරම කළුරිය කළේයයි පවසා ඔහුගේ ඉල්ලීම අනුව අතීත මහාමන්ධාතු ජාතකය විස්තර කර පැවසීය.
යම්තාක් සඳ හිරු දෙදෙනා දිසාවන්හි පැතිර බබළයිද ඒසා විශාල ප්‍රදේශයක සියළු ප්‍රාණීහු දාසයෝ වුහ.
මෙයින් අනතුරුව ගාථා දෙකක් පැවසුහ.
කහවණු වැස්සෙන් ද කාමයන්හි තෘප්තියක් ඇති නොවේ. කාමයෝ මද සැප ඇතියෝය. බොහෝ දුක් ඇත්තෝය.
නුවණැත්තෝ මෙසේ දැනගෙන දිව්‍ය කාම සම්පත්තීන්හි ද ඇල්මකට නොපැමිණ, බුද්ධ ශ්‍රාවක තෙමේ නිවනෙහි ඇලුණෙක් වේ.
මිනිසකු සිතෙහි ඇති වන වස්තු කාමය
වැස්සන් සත් රුවන් ඉන් ඇති නොවේමය
පස්කම් සැපත නම් මද සුව ගෙනේමය
බුදුබණ දහම පිළිපැදි අය තිවේමය
න කහපණ වස්සේන - එහි කහාපණ වස්සේන යනු - හෙතෙමේ අපොළසන් ගසා සරුවැස්සක් වසවයි එය කහවණු වැස්සක් යයි කියයි ඒ විසින්ද වස්තුකාම ක්ලේශ කාමයෙන් තෘප්තියක් නම් නොවීය. තෘෂ්ණාව පිරීම අපහසුය. අප්පස්සාදා යනු සිහින හා සමාන අල්ප සුවයකි. දුක්ඛා යනු දුක්ඛක්ඛාන්ධ ආදියේ ආවාවු දුක් ලෙස දක්වන බොහෝ දුක් වේ ඉති විඤ්ඤායා යනු මෙලෙස කාමය දැන අපි දිබ්බෙසු යනු යම්සේ දෙවියන් පිළිබඳ ලබන කාමයන්හි ආරාධනයක් ඇත ද ආයුෂ්මත් සමිද්ධි තෙරුන් මෙන් ඒ කාමච්ඡන්දයන්හිද රතියක් ඇල්මක් නැත නො විඳින්මය. තණ්හක්ඛයරතො තෘෂ්ණා ක්‍ෂය කිරීමේ රතිය නම් අර්හත්වයේ මෙන්ම නිවනේද? ඇලුනේ එය පතමින් වාසය කරයි. සම්මාසම්බුද්ධ සාවකො සම්මා සම්බුද්ධයන් වහන්සේ විසින් දේශිත ධර්මය ඇසීමෙන් බිහිවූ යෝගාවචර භික්ෂුවයි.
දේශනය අවසන ඒ භික්ෂුව සෝවාන් ඵලයේ පිහිටියේය. පැමිණි පිරිසටද එම දෙසුම සාර්ථක විය.
10-14. අග්ගි දත්ත බමුණන්ගේ කථා පුවතයි.
“බහු වෙ සරණං යන්ති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී කොසොල් රජුගේ අග්ගිදත්ත නම් පුරෝහිත බමුණා වැලි ගොඩක් ඇසුරු කරමින් සිටි අවදියේ ඔහු ආරම්භ කොට වදාළසේක.
ඔහු වනාහි මහ කොසොල් රජුගේ පුරෝහිත විය. කොසොල් රජුගේ පිය රජුගේ පුරෝහිතයා වූයේ මේ පුරෝහිතයාගේ පියා ය. (ඒ දෙදෙනාම නැතිවීමෙන් පසුව) එයට ගරු කිරීමක් වශයෙන් කොසොල් රජු මොහු ඒ තනතුරෙහි පිහිටුවීය. ඔහු තමන් වෙත උවටැනට එන විට දී රජු පෙරගමන් කරයි. ඇඳුරුතුමනි මෙහි වාඩිවෙන්නැයි සමාන අසුනක් තැබවීම කරවයි. ඔහු මෙසේ සිතුවේය.
මේ රජු මට බෙහෙවින් ගෞරව පුදකරයි. එහෙත් නිතරම රජවරුන්ගේ සිත් ගැනීම පහසු නොවේ. සමාන වයස් ඇත්තේ නම් රාජ්‍ය සැප නියම සැපය වේ. මා වනාහි දැන් මහළුය. ඒ නිසා පැවිදිවීමට යෝග්‍යය ඔහු රජුගෙන් අනුමැතිය ලබාගෙන නගරයේ බෙර හසුරුවා දින හතකින් සියළු ධනය පරිත්‍යාග කර බාහිර පැවිද්දන් පැවිදි විය. මේ නිසා දස දහසක් පුරුෂයෝ ඔහු අනුව පැවිදි වුහ. ඔහු ඔවුන් සමග අංග මගධ හා කුරු රට අතර වාසය කරමින් මේ අවවාදය දෙයි. දරුවනි ! යම් කෙනෙකුට කාම විතර්ක ආදිය ඇතිවේද? ඔහු වහා එකිනෙකා වැලි ගොටුවක් බැගින් මේ ස්ථානයේ විසිරවන්න. ඔවුහු යහපතැයි පිළිවදන් දී කාම විතර්ක ආදිය ඇතිවු විට එලෙස වැලිගොඩ ගැසුහ. පසු කාලයේ දී මහා වැලි ගොඩක් ඇතිවීය. ඒ වැලිගොඩ අභිච්ඡත්ත නම් නාගරාජයෙක් අල්ලා ගත්තේය. අංග මගධ හා කුරුරට වාසීහු ද මසක් පසා ඔවුන්ට මහත් සත්කාර දක්වා දන් දෙති. ඉක්බිති ඔවුන්ට අග්ගිදත්ත මේ අවවාදය දුන්නේය. පර්වත සරණ වනසරණ යව් හැසිරෙවු. ආරාම සරණයවු. ගස් සරණ යමු. මෙලෙස සියළු දුක්වලින් මිදෙමු. තම තමන්ගේ අන්තේවාසිකයන්ට ද මේ අවවාද දෙව්