10-14. අග්ගි දත්ත බමුණන්ගේ කථා පුවතයි.
“බහු වෙ සරණං යන්ති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී කොසොල් රජුගේ අග්ගිදත්ත නම් පුරෝහිත බමුණා වැලි ගොඩක් ඇසුරු කරමින් සිටි අවදියේ ඔහු ආරම්භ කොට වදාළසේක.
ඔහු වනාහි මහ කොසොල් රජුගේ පුරෝහිත විය. කොසොල් රජුගේ පිය රජුගේ පුරෝහිතයා වූයේ මේ පුරෝහිතයාගේ පියා ය. (ඒ දෙදෙනාම නැතිවීමෙන් පසුව) එයට ගරු කිරීමක් වශයෙන් කොසොල් රජු මොහු ඒ තනතුරෙහි පිහිටුවීය. ඔහු තමන් වෙත උවටැනට එන විට දී රජු පෙරගමන් කරයි. ඇඳුරුතුමනි මෙහි වාඩිවෙන්නැයි සමාන අසුනක් තැබවීම කරවයි. ඔහු මෙසේ සිතුවේය.
මේ රජු මට බෙහෙවින් ගෞරව පුදකරයි. එහෙත් නිතරම රජවරුන්ගේ සිත් ගැනීම පහසු නොවේ. සමාන වයස් ඇත්තේ නම් රාජ්‍ය සැප නියම සැපය වේ. මා වනාහි දැන් මහළුය. ඒ නිසා පැවිදිවීමට යෝග්‍යය ඔහු රජුගෙන් අනුමැතිය ලබාගෙන නගරයේ බෙර හසුරුවා දින හතකින් සියළු ධනය පරිත්‍යාග කර බාහිර පැවිද්දන් පැවිදි විය. මේ නිසා දස දහසක් පුරුෂයෝ ඔහු අනුව පැවිදි වුහ. ඔහු ඔවුන් සමග අංග මගධ හා කුරු රට අතර වාසය කරමින් මේ අවවාදය දෙයි. දරුවනි ! යම් කෙනෙකුට කාම විතර්ක ආදිය ඇතිවේද? ඔහු වහා එකිනෙකා වැලි ගොටුවක් බැගින් මේ ස්ථානයේ විසිරවන්න. ඔවුහු යහපතැයි පිළිවදන් දී කාම විතර්ක ආදිය ඇතිවු විට එලෙස වැලිගොඩ ගැසුහ. පසු කාලයේ දී මහා වැලි ගොඩක් ඇතිවීය. ඒ වැලිගොඩ අභිච්ඡත්ත නම් නාගරාජයෙක් අල්ලා ගත්තේය. අංග මගධ හා කුරුරට වාසීහු ද මසක් පසා ඔවුන්ට මහත් සත්කාර දක්වා දන් දෙති. ඉක්බිති ඔවුන්ට අග්ගිදත්ත මේ අවවාදය දුන්නේය. පර්වත සරණ වනසරණ යව් හැසිරෙවු. ආරාම සරණයවු. ගස් සරණ යමු. මෙලෙස සියළු දුක්වලින් මිදෙමු. තම තමන්ගේ අන්තේවාසිකයන්ට ද මේ අවවාද දෙව්
බෝසතාණන් වහන්සේද අභිනිෂ්ක්‍රමණය කොට සම්මා සම්බෝධියට පැමිණ එකල සැවැත් නුවර නිසා දෙව්රම වැඩ වසමින් උදැසන ලොව බලන්නේ අග්ගිදත්ත බ්‍රාහ්මණයා සමග අතවැසි පිරිස තම ඥාණ ජාලයට පිවිසුනි. මේ සියල්ලෝම රහත් ඵලයට හේතු සම්පත් ඇතැයි දැන සවස් වේලේ මහමුගලන් තෙරුන්ට මොග්ගල්ලාන අග්ගිදත්ත බ්‍රාහ්මණ තෙමේ මහජනයා නොතෙරක නො තොටක බස්වන බව ඔබට නොපෙනේද? යන්න ඔවුන්ට අවවාද කරන්න. මම ද පසුව එමි. ඔබ පළමුව යන්න. එවිට මුගලන් තෙරණුවෝ බොහෝ වු මොවුන් එකට පිවිසීම මට විෂය නොවේ. ඔබ වහන්සේද පැමින්නේනම් මට විෂය වේ. මුගලන් මම ද එන්නෙමි. ඔබ පෙරටුව යන්න. තෙරුන් වහන්සේ යන අතරමගදී සිතූහ.
මොවුන් පිරිස් වශයෙන්ද බලවත් ය පිරිස විශාල ය මේ පිරිසට යමක් කියනවිට සියල්ලෝම වර්ග වර්ග වශයෙන් නැගී සිටිති. අනතුරුව තමන්ගේ ආනුභාවයෙන් පොද පොද වැස්සක් ඇති කළහ. ඔවුහු ටික ටික තෙමෙඳි සිටි තැන්වලින් නැගී සිටිමින් තම තමන්ගේ පන්සල් කුටිවලට පිවිසුණහ. තෙරුන් අග්ගිදත්ත බමුණන්ගේ පන්සල් දොරටුව සිට අග්ගිදත්ත යයි ඇමතූහ. ඔහු තෙරුන්ගේ ශබ්දය අසා මෙලොව මගේ නමින් ඇමතීමට කෙනෙක් නැත. මට නමින් අමතන්නේ කවරෙක්ද? මානයෙන් තද නිසා මොහු කවුදැයි විමසීය. බ්‍රාහ්මණය මම ය. කුමක් කියන්නේද? අද මෙහි එක රැයක් වසන්නට මට ඉඩ දෙන්න. මෙහි රැයක් වසන්නට තැනක් නැත. එක අයෙකුට එක පන්සලක් බැගිනි. අග්ගිදත්ත මිනිස්සු මිනිසුන්ටය, ගවයන් ගවයන්ටය පැවිද්දෝ පැවිදි අයටය, මේ අය ළඟට එති. මට එසේ නොකරන්න. මට වාසය කිරීමට තැනක් දෙන්න. ඔබ පැවිද්දෙක් නම් ඔබේ කත්බඩු කොයිද? කෝ පැවිදි පිරිකර මට පැවිදි පිරිකර තිබේ. වෙන්කරගෙන යාම අපහසු නිසා අභ්‍යන්තරයේ තබාගෙන යමි. බමුණ ඒ පිරිකර නොගෙන යාම පිළිබඳව කිපුනි. අනතුරුව ඔහු මෙයින් වෙන්වී පිටව යන්නැයි කීය. අග්ගිදත්ත මට නොකිපෙන්න මට ඉන්න තැනක් දෙන්න. මෙහි ඉන්නට තැනක් නැත. මේ වැලි ගොඩේ සිටින්නේ කවරෙක්ද? එක් නාගරාජයෙකි. හොඳයි එතැන මට දෙන්න. බැහැ එතැන දීමට නොහැකිය. ඔහුගේ ක්‍රියාම බැරෑරුම්ය. කමක් නැත එය මට දෙන්න. හොඳයි ඔබම එය වගකීම භාරගන්න.