5-7. ආනන්ද තෙරුන්ගේ උපොසථ ප්‍රශ්න පුවත
“සබ්බ පාපස්ස අකරණං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ජේතවන විහාරස්ථානයේ වැඩසිටිය දී ආනන්ද තෙරුන්ගේ ප්‍රශ්නයක් අරමුණු කරගෙන දේශනා කළහ.
තෙරුන් වහන්සේ දිවා ස්ථානයේ සිටිමින් මෙසේ සිතූහ. බුදුරජාණන් වහන්සේ විසින් සම්බුදුවරයන්ගේ දෙමාපියෝ, ආයුෂ ප්‍රමාණය, බෝධිය, ශ්‍රාවක සන්නිපාත, අග්‍රශ්‍රාවකයින්, උපස්ථායක, මේ සියල්ල පවසා තිබේ. උපොසථය කියා නැත. මෙයට හේතුව කුමක්ද? ඒ උතුමන්ගේ මේ උපෝසථයද අනෙකක්දැයි උන්වහන්සේ බුදුන්වෙත එළඹ මේ කරුණ විමසුහ. යම් සේ ඒ බුදුවරයින්ගේ කාලභේදය පමණක් ද ගාථා භේදයක් නොවීද? විපස්සි බුදුරජාණන් වහන්සේ වසර හතකට වරක් උපෝසථය කළහ. එක් දිනෙක දෙනලද අවවාදය වසර 7කට යෝග්‍ය වේ. සිබි හා වෙස්සභූ බුදුවරු වසර 6කට වරක් උපොසථය කළහ. කකුසඳ කෝණාගම බුදුවරු වසරක් පාසා ද කාශ්‍යප බුදුහු මාස 6කට වරක් උපෝසථය කළහ. එක් දිනෙක දෙන ලද අවවාදය මාස හයකට ප්‍රමාණවත්වීය. මේ නිසා බුදුරජාණන් වහන්සේ කාල ප්‍රභේද පවසා සියල්ලගේ උපෝසථ එකම උපෝසථයක් කරමින් මේ ගාථාව පැවසුහ.
නො කරනු පවක් දිවි හිමියෙන් කිසි විටෙක
රැස් කළ මැනවි දස කුසලම හැම දිනක
පිරිසිදු කරනු සිත - සිතිවිලි හැම තැනක
බුදු අනුසසුන මෙය පිහිටනු මැන සිතක
තවුසන්ගේ ගුණය ඉවසුම නමැති දෙයයි
නිවනම සුවය බව තුන්බුදුවරුම කියයි
අන් පණ නසන්නා පිරිවැජියකුද සැකයි
වයිරය සිත ඇතොත් ඔහු මහණෙකුද නොවෙයි
දෑ කුල බෙයින් අන් අය පහතට නොහෙළා
පාමොක් දෙසා සංවර සීලය රැකලා
වැඩිපුර නොකා සමවත් මග පල ලබලා
සැනසුම, මහණකම බව ඇත බුදුහිමි දෙසලා
සියළු පව් නොකිරීම කුසල් රැස් කිරිම තම සිත පිරිසිදුව තබාගැනීම මෙය බුදුවරුන්ගේ අනුශාසනයයි
ඉවසීම පරම තපසයි. බුදුවරු නිවන පරම සුවය ලෙසට දක්වති. පැවිදිවරු අන්අය ඝාතනය නොකරති අන් අයට හිංසා කිරිම පැවිද්දෝ නොකරති.
චෝදනා නැගීම පරපණ නැසීම නොකරති. ප්‍රාතිමෝක්ෂ සංවරය, භෝජනයේ ප්‍රමාණය දැනගැනීම විචික්ත සෙනසුන් ඇසුර අධිචිත්තය වැඩිමේ ගති බුදුන්ගේ අනුශාසනයයි.
එහි සබ්බපාපස්සති - සියළු අකුශල කර්මයි. උපසම්පදා - අභිනිෂ්ක්‍රමණයේ සිට අර්හත් මග දක්වා කුසල් ඉපදවීම. උපන් කුසල වැඩීම අදහස් කෙරේ. අනුපවාදෝ - යනු උපවාද රහිත වීම ම අනුපවාදයයි. අනුපඝාතො යනු අනුන්ට පහර නොදීමම අනුපඝාතයයි. සචිත්ත පරියොදපනං පංචනීවරණයන් දුරුකොට තමන්ගේ සිත තුළ පිරිසිදුකම ඇතිකරලීමයි. එතං බුද්ධාන සාසනං - මෙය සියළු බුදුවරයාගේ අනුශාසනයයි.
ඛන්ති - යම් ඒ ඉවසීම සංඛ්‍යාත ක්ෂාන්තිය පරමං උතුම් තපො තපසයි නිබ්බාණං පරමං වදන්ති බුද්ධො බුදු පසේ බුදු අනුබුදු යන තුන් බුදුවරු නිවන උතුම් යයි පවසති. නහි පබ්බජිතො - පැවිදි අය අත් ආදියෙන් පරං අන් අය උපහනන්තො වෙහෙසට පත් නොකරති. සාතනය නොකරති. පරූපඝාති අන් අයට උපවාද නොකරති. ඝාතනය නොකරති. සමණො - ශ්‍රමණයෝද පෙර කී අයුරින් අනුන් වෙහෙසට පත් නොකරති.
[missing trans] පාතිමොක්ඛ යනු - ජ්‍යෙෂ්ඨ සීලයයි සංවරොති සංවරය නම් වසා තැබීමයි මත්තඤ්ඤතා - මාත්‍රඥතාව නම් පමණ දැනගැනීමයි. පන්තං යනු විවේකයයි. අධිචිත්ත යනු අෂ්ඨසමාපත්ති සංඛ්‍යාත අධි විත්තයයි. ආයොගො - පයොගකරණයයි. අනුපවාදන නම් වාචසික සීලයයි. අනුපඝාත කායික සීලයයි. පාති මොක්ඛෙව සංවර නම් ප්‍රාතිමෝක්ෂ සීලය මෙන්ම ඉන්ද්‍රිය සංවරයයි. පමණ දැනීම සුදුසු සෙනසුන් ඇසුර අධිචිත්ත නම් අෂ්ඨ සමාපත්තියි මෙයින් ත්‍රිශික්ෂා කියැවේ.
දෙසුම අවසන බොහෝදෙන සෝවාන් ආදී ඵලයන්ට පත්වූහ.
8-9. උකටලී භික්ෂුව පිළිබඳ කථා පුවත
“න කහාපන වස්සෙන ” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී එක් උකටලී වූ භික්ෂුවක් නිමිති කරගෙන දේශනා කළහ.
ඔහු ශාසනයේ පැවිදි වී උපසම්පදා වී අසවල් තැනට ගොස් ඉගෙන ගන්නැයි උපධ්‍යායන් විසින් යවන ලද්දේ එතැනට ගියේය. ඉක්බිති පියාට රෝගයක් ඇතිවිය. ඔහු පුතා දකිනු කැමතිව ඔහුව කැඳවීමට සමත් කිසිවෙක් නොලැබ දරුදුකින් හඬමින් ම මරණාසන්න වී මෙය මගේ පුතාට පාසිවුරු ගැනීමට යොදන්නයි කහවණු සියයක් බාල දරුවා අත තබා කළුරිය කළේය. ඔහු වැඩිමල් සහෝදර භික්ෂුව පැමිණි විට පාමුල වැටී පෙරළී අඩා ස්වාමීනි අපේ පියා වැළපෙමින් ම මියගියේ ය. මා අත ඔහු විසින් කහවණු සියයක් අතේ තබන ලදි. ඉන් කුමක් කරන්නේදැයි විමසීය. දහර භික්ෂුව මට කහවණුවලින් අර්ථයක් නැතැයි ප්‍රතික්‍ෂේප කර පසුව සිතුවේය. මම මෙලෙස අනුන්ගේ ගෙදොර පිඬු පිණිස ගොස් ජිවත් වීමෙන් වැඩක් වේද? මේ කහවණු සියයෙන් ජීවත් විය හැකිදැයි විමතියට පත්ව ඔහු අනභිරතියෙන් පෙළී විසිරුණු ඉගෙනීම් බණදහම් කීම්, කමටහන් වැඩිම් ආදියෙහිදී, පාණ්ඩු රෝගියෙකු ලෙස සුදුමැලි විය. අනතුරුව කුඩා සාමණේරවරු මෙසේ වැහැරුනේ කුමක් නිසාදැයි විමසා උකටලී වුයෙමි යි කීවිට ආචාර්ය උපාධ්‍යයන්ට දැනුම් දුන්හ. ඉක්බිති ඒ ගුරුවරු ඔහු බුදුන් වෙත කැඳවාගෙන ගොස් බුදුන් දැක්වූහ. බුදුහු ඔබ උකටලීව සිටීම සැබෑදැයි විමසුහ. ඇත්තයයි පැවසුවිට ඔබ එලෙස කිරිමට හේතුව කුමක්ද? ඔබට ජීවත් වීමට කිසිවක් ඇත්දැයි විමසුවිට ස්වාමීනි ඇත. ඔබට තිබෙන්නේ කුමක්ද? ස්වාමීනි කහවණු සියයක් එසේ නම් එක්තැනකින් ගල්කැට ටිකක් අරගෙන එන්න. ගණනය කර දැනගනිමු මේ කහවණු සියයෙන් ජීවත්විය හැකිද නොහැකිද යන්න සොයා බලමු. පරිභෝගය සඳහා පනහක් වෙන්කරන්න. දෙගුණයක් ගොනුන් මිළදී ගැනීමට වෙන්කරන්න. විසි හතරක් බීජ ගැනීමට වෙන්කරන්න. විස වියගස් නගුල් සඳහා වෙන්කරන්න. උදළු වෑ පොරෝ සඳහා වෙන් කරනවිට මෙලෙසට වියදම් ගණනය කරනවිට කහවණු සියය ප්‍රමාණවත් නොවේ. අනතුරුව බුදුහු මහණ ! ඔබගේ කහවණු ස්වල්පය කෙසේ නම් තෘෂ්ණාව පුරන්නේද? අතීතයේ දි සක්විති රාජ්‍යය කර අත්පුඩි ගැසීම් පමණකින් යොදුන් දොළසක් දුර උකුළ ප්‍රමාණයට රන් වර්ෂා වැස්සවීමට සමර්ථ වු සක්විති රජු. සක්විති රජකමට වඩා ශක්‍ර සම්පත් උතුමැයි සිතා, ශක්‍රයාව ඉපිද, සතියක් ශක්‍රයගේ ආයු කාලය කලක් දේවරාජ්‍යය කර මරණ අවස්ථාවේදී තණ්හාව සම්පුර්ණ නොකරම කළුරිය කළේයයි පවසා ඔහුගේ ඉල්ලීම අනුව අතීත මහාමන්ධාතු ජාතකය විස්තර කර පැවසීය.