4. ඒරක පත්ත නා රජුගේ කථා පුවත
“කිච්ඡො මනුස්ස පටිලාභොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ බරණැස මහ රුක් සතක් අතරින් එක් රුක් මුලක වැඩ සිටියදී ඒරක පත්ත” නම් නා රජු නිමිති කරගෙන දේශනා කළහ.
හේ වනාහි පෙර කස්සප සම්මා සම්බුද්ධ ශාසනයෙහි තරුණ භික්ෂුවක් ලෙස සිටියදී ගංගාවක නැවක නැගී වඩින අතර ඒරක නම් වූ තණ පඳුරක කොළයක් අල්ලාගෙන සිටිය දී සැඩ පහරින් වේගයෙන් වයන විටද එය අත් නොහළේය. ඒරක පඳුරත් කඩාගෙන ගියේ, ස්වල්ප මාත්‍ර වු එම නැවත දේශනා මගින් ශුද්ධ නොකොට වර්ෂ විසිදහසක් කල් අරණ්‍යයේ මහණ දම් කරද අපවත්වන විට ඒරක පඳුරේ ගැනිම මහ බරක්ම සිතා (කොළයේ ගෙලින් ගත්තා සේම) ඇවත දෙසීමට කැමති වුවත් අනෙක් තෙරනමක් නොදැක - මගේ ශීලය පිරිසිදු නොවේයයි උපන් විපිළිසර ඇත්තේ ඉන් චුත වී ඒරක ගසක නැවක් (ඔරුවක්) පමණ නාගරාජයෙක් වී උපන්නේ ය. ඔහුගේ නමද “ඒරක පත්ත” නම් විය. ඔහු උපන් කෙනෙහි ආත්මභාවය බලා මෙපමණ කලක් මහණ දම් පුරා අහේතුක ආත්මභාවයක මැඩියන් කන ස්ථානයක උපන්නේ යයි විපිළිසර විය ඔහු පසුකලෙක එක් දුවක ලැබ ගඟමැද දියමත මහ පෙනය ඔසවා දුවණිය ඒ පෙනය මත නටවමින් ගායනා කළේය. ඔහුට මෙබඳු අදහසක් විය. ඒකාන්තයෙන් මම මේ උපායෙන් බුදුන් උපන්විට ඔහුගේ උපන්බව අසන්නෙමි. යමෙක් මගේ ගීයට පිළිතුරු ගීයක් පටන්ගනීද ඔහුට මහත් සම්පත් සමග මේ දුවණිය දෙනෙක් අඩ වසකට වරක් පෙහෙවස් දින ඒ දියණිය පෙනයේ තබයි. ඇය එහි සිට නටමින් මේ ගාථාව කීවාය.
කුමක් හෙයින් රජ අධිපතිවේ ද කුමකින් රජ ප්‍රධාන රජෙක් වේද? කෙලෙස රජස් නැත්තෙක් වෙයිද? කෙලෙසක අඥානයෙක් යයි කියනු ලැබේද?
මෙය ගීයක් ලෙසට ගායනා කරයි.
මුළු දඹදිව් වැසියෝ නාග කන්‍යාව ගන්නෙමි සිතා ගොස් තම තමන්ගේ ඥාණ ශක්තියෙන් ප්‍රතිගීත කොට ගායනා කරති. ඇය එය ප්‍රතික්‍ෂේප කරයි මෙලෙස අඩමසක් පෙනයේ සිට ගායනා කරන්නේ එක් බුද්ධාන්තරයක් ඉක්මගියේය. අනතුරුව බුදුන් ලොව පහළ වී එක් දිනක ඉතා උදැසන ලොව බලන්නේ ඒරකපත්ත ආදිකොට උත්තර මානවකයා තමන්ගේ ඤාණ ජාලයට පිවිසි අයුරු දැක කුමක් වන්නේදැයි ආවර්ජනා කරන්නේ අද ඒරක පත්ත නාරජ තම දුව පෙනයේ තබා නටන දිනයයි. මේ උත්තර මානවක මම දුන් ගීතය ගයන්නේ සෝවාන් වී එය ගෙන නාරජු සමීපයට යන්නේය. ඔහු එම ගාථාව අසා බුදුන් උපන්බව දැන මා සමීපයට එන්නේය. මම ඔහු පැමිණිවිට මහා සමාගමයේදී ගාථාවක් කියන්නෙමි. ගාථාව කෙළවර අසුහතර දහසක් ප්‍රාණීන් ධර්මාවබෝධය ලබන්නේය යයි දුටහ. බුදුහු එතනට ගොස් බරණැසට නොදුරේ මහරි රුක් සතක් ඇති තැන ස්ථායෙන් එකක් මුලට ගොස් වැඩසිටියහ. දඹදිව් වැස්සෝ ප්‍රතිගී ගෙන රැවුවාහුය. බුදුහු නොදුරෙන් ගමන් කරමින් සිටි උත්තර මානවකයා දැක උත්තර යයි ඇමතූහ. ඇයි ස්වාමීනි ! උත්තර මෙහි එන්න. අනතුරුව ඔහු පැමිණ නමස්කාර කර වාඩි වූ ඔහුට ඔබ කොහි යන්නේද? ඒරක පත්තගේ දුවණිය ගායනා කරන ස්ථානයට යමිය පැවසීය. ඔබ ගීතයට ප්‍රති ගීතය දන්නේද? ස්වාමීනි දනිමි. එසේ නම් එය කියන්න. අනතුරුව ඔහු දන්නා පමණින් කියනවිට උත්තරට මෙය ප්‍රතිගීතය නොවේ. මම ඔබට ප්‍රතිගීතය දෙමි. මෙය ගෙන යන්න. හොඳයි ස්වාමීනි, නාග මානවිකාව ගයනවිට
“ඡද්වාරාධිපති රාජා - රජ්ජ මනො රජිස්සරො
අරඤ්ඤං විරජො හොති - රජ්ජං බාලොති වුච්චති”
මේ ප්‍රති ගීතය ගයන්න.
මානවිකාවගේ ගීතයේ අර්ථය නම් කිංසුඅධිපති රාජාති - අධිපති රජු නම් කවුද? කිංසු රාජා රජිස්සරොති කථං පන රාජා රජිස්සරො නාමහෝති ප්‍රධාන රජු වන්නේ කෙලෙසද? කෙසේනම් විරජ නම් වේද?
පටිගීතයේ අදහස - ඡද්වාරාධිපති - යමෙක් ෂඩ්ඉන්ද්‍රියන්ට අධිපති වේද? ෂට් ද්වාරාදියෙන් එකම ධර්මමපද අටුවාව දොරටුවකින්වත් රූපාදී අරමුණුවලින් යටත් නොවේද මොහු රජ නම් වේ. රජිස්සරනම් යමෙක් වනාහි ඒ අරමුණු ඇලේද, ඔහු ඇලෙන බැවින් රජිස්සර නම් වේ. අරජ්ජං - නො ඇලෙන තැනැත්තා විරජ නම් වේ. රූපාදී රජස්හි ඇලෙන තැනැත්තා බාලයා යයි කියනු ලැබේ.