3. යමක පාටි හාරිය කථා පුවත
“යෙඣාන පසුතා ධීරා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සංකස්ස නගර වාරයේ දී බොහෝ දෙවි මිනිසුන් නිමිති කරගෙන දේශනා කළහ.
මෙම දේශනය රජගහ නුවරදී ඇතිවිය. එක් අවදියක රජගහනුවර සිටුවරයා පිරිසට ඇතිවන උවදුරු දුරුකරනු සඳහාත් ප්‍රමාදයෙන් ගැලවී යන ආභරණ ආදිය රැක ගැනීම සඳහාත් දැලක් බැඳ ගංගාවේ ජලක්‍රීඩාවේ යෙදුනි. මේ අතර ගංගාවේ ආරම්භක ප්‍රදේශයේ ගං ඉවුරේ හටගෙන තිබු රත්සඳුන් ගසක මුල් සේදී ගඟට වැටී අතු කැඩී බිඳී ගල් වල ගැටී ජල රළ නිසා ඔපමට්ටම් වී පාත්‍රයක් මෙන් රවුමට සැදී ජලයේ පාවෙමින් දිය සෙවල බැඳී අවුත් ගඟ හරහා දමා තුබු ආරක්ෂක දැලේ රැඳුනි. සිටුවරයා මේ කුමක්දැයි කියා (දැව) ලීගැටයකැයි දැනගෙන එය ගෙන්වා ගෙන කුමක්දැයි තේරුම් ගැනීමට පිහිතුඩකින් ඇස බැලීය. එකෙනෙහි ලාකඩ පැහැයෙන් රත්සඳුන් බව හඳුනා ගත්තේය. මේ සිටුවරයා සම්‍යදෘෂ්ටිකද මිත්‍යදෘෂ්ටික ද නොවේ. මධ්‍යම අදහස් ඇත්තෙකි. ඔහු මෙසේ සිතුවේය. මගේ නිවසේ රත් සඳුන් බහුලව ඇත. මෙයින් කුමක් කරම්ද? ඔහුට මෙබඳු අදහසක් ඇතිවිය. මෙලොව අපි රහත් වෙමු. අපි රහතන් වෙමුයි. බොහෝ දෙනා පවසති. මම එක රහත් නමක් හෝ නොදනිමි. ගෙට ගෙන ගොස් පාත්‍රයක් ලියවා පසුම්බියක දමා උණගස් බැඳ හැටරියනක් උස අහසේ එල්ලා ඉදින් රහත්වරු සිටීනම් මෙය අහසින් අවුත් ගන්නැයි කියමි. යමෙක් එලෙස ලබාගන්නම් දූ දරුවන් සමග සරණකොට යන්නෙමි. ඔහු සිතු ලෙසටම කළේය.
ෂට් ශාස්තෘවරු මෙය අපට සුදුසුය. මෙය අපටම දෙන්නැයි කීහ. සිටුවරයා අහසින් පැමිණ ගන්නැයි පැවසුවේය. නිඝණ්ඨනාථ පුත්ත මෙය ගනු කැමතිව හයවැනි දින අතවැසියන් යැවීය. අහසින් ගමන් කිරීම අප්‍රමාදීන්ගේ කාර්යයකි - අපේ ආචාර්යන් වහන්සේට මෙය සුදුසුය. එනිසා මේ පාත්‍රය දෙන්නැයි ඉල්වීය. එහි දී සිටුවරයා අහසින් පැමිණ ගන්නැයි පැවසීය. නාථ පුත්ත ගනු කැමතිව අන්තේවාසිකයින්ට මෙසේ පැවසුහ. මම එක් අතක් හා පයක් ඔසවා අහසට නැගෙනු කැමැතෙක් ලෙසට අඟවන්නෙමි. තෙපි ආචාර්යන් වහන්ස කුමක් කරවුද? දැව පාත්‍රයක් නිසා සඟවා සිටින අර්හත්වය මහජනයාට නොදක්වව් කියමින් මගේ අත්පාවලින් අල්ලා ගෙන ඇද බිම දමන්නැයි පැවසීය. ඔහු එහි ගොස් සිටුවරයාට මෙසේ කීවේය. මහසිටුවරය ! මෙම පාත්‍රය මට මිස අන් අයට සුදුසු නොවේ. මෙය ප්‍රමාද කිරිමට කරුණක් නොවේ. මට අහසට නැගීමට කැමැත්ත දෙන්න. සිටුවරයා ස්වාමීනි අහසට නැගීම ගන්නැයි පැවසුවේය. ඔහු එක් පාදයක් හා අතක් එසවීය අනතුරුව අතවැසියෝ ආචාර්යයන් වහන්ස කුමක් කරමුද? නොවටිනා මේ ලී පාත්‍රය වෙනුවෙන් වසාගෙන සිටින ඔබේ ගුණ මහ ජනයාට ප්‍රදර්ශනය කිරීමෙන් කවර ප්‍රයෝජනයක්ද? යනුවෙන් පවසා අත්පාවලින් ඇද බිම දැමුහ. ඔහු සිටුවරයාට - මහ සිටුතුමණි! මොවුන් මට අහසට නැගීමට නොදෙති. මට පාත්‍රය දෙන්නැයි කිවේය. ස්වාමීනි අහසට නැගී ගන්නැයි සිටුවරයා පැවසුවේය. මෙලෙස දින හයක්ම තීර්ථකයෝ උත්සාහ කොටත් පාත්‍රය නොලැබුණහ.
හත්වන දිනයේ ආයුෂ්මත් මොග්ගල්ලාන ද ආයුෂ්මත් පිණ්ඩල භාරද්වාජ තෙරුන් ද රජගහ නුවර පිඬු පිණිස පිටත් වෙමුයි ගොස් එක් ගල් තලාවක සිට සිවුරු පොරවන විට ධූතයන්ගේ කථාවක් පැතිරුනි. පින්වත්නි! පෙර ශාස්තෘවරු සදෙනෙක් අපි රහතුන් වෙමුයි හැසිරුනහ. රජගහ සිටුවරයා පාත්‍රයක් ඔසවා තබා දින හතක් ගතවීත් අහසින් පැමිණ එකද රහත් කෙනෙක් එය නොගත්තේය. අද රහතන් වහන්සේලා ලොව නොමැති බව දැන ගත්තෙමු” මෙම කථාව අසා ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ආයුෂ්මත් පිණ්ඩාල භාරද්වාජ තෙරුන්ට කීහ -
ඇවැත්නි භාරද්වාජ ! මොවුන්ගේ කථාව ඇසුවේද? මොවුන් බුදුසසුනට නිග්‍රහ කරමින් මෙන් කථාකරති. ඔබද මහා ඍද්ධි මතෙකි. මහත් ආනුභාව ඇත්තෙකි. යව් අහසින් ගොස් එම පාත්‍රය ගන්න. ආයුෂ්මුත් මුගලන් තෙරණුවනි. ඔබ වහන්සේ ඍද්ධිමතුන් අතර ශ්‍රේෂ්ඨයයි ප්‍රසිද්ධය. නුඹ එය නොගන්නේනම් මම ගන්නෙමි. ඇවැත්නි ගන්න. මෙසේ පැවසූවිට ආයුෂ්මත් පිණ්ඩාල භාරද්වාජ අභිඥා පාදක වතුර්ථ ධ්‍යාන යට සමවැදී නැගිට තුන් ගව් පමණ පැතලි ගලක් පාදාන්තයෙන් ගෙන කපු පුළුන් පිඩ ලෙස අහසේ ඔසවා රජගහ නගරය මත අහසේ හත්වරක් හැසිරුනි. උන්වහන්සේ තුන්ගව් පමණ වූ නගරයේ පියනක් මෙන් දක්නට ලැබුනි. නගරවාසීන් ගල්තලාව අපව මැඩගනීයයි බියෙන් කුළු ආදිය හිස තබා ඒ ඒ තැන්වල සැඟ වුණාහුය. හත්වැනිවර තෙරුන් පැතලි ගල පලා තමන් දැක්වීය. මහජනයා තෙරුන් දැක ස්වාමීනි පිණ්ඩල භාරද්වාජ ගල දැඩිකොට ගන්න අප සියලු දෙන නොනසන්නයි කීහ. තෙරුන් ගල්තලාව පා කෙළවරින් විසීකර දැමුවිට තිබුතැනම පිහිටියේය. තෙරුන්වහන්සේ, සිටුවරයාගේ ගේ මතුයේ වැඩසිටියහ. ඒ දැක සිටුවරයා දණ්ඩ නමස්කාරයෙන් වැඳවැටී ස්වාමිනි වඩින්නැයි ආරාධනා කොට අහසින් බට තෙරුන් වාඩි කරවා පාත්‍රය බිමට ගෙන චතුමධුර පුරවා තෙරුන්ට පිළිගැන්වීය. තෙරුන් පාත්‍රය ගෙන විහාරය දෙසට පිය නැගුහ. ආරණ්‍යගත වූත් ශුණ්‍යගාර ගතව සිටියාවුත් අය මේ ප්‍රාතිහාර්යය නොදුටුවහ. ඔවුන් රැස්වී ස්වාමීනි අපට ද ප්‍රාතිහාර්යය දක්වන්නැයි තෙරුන් පසුපස ගියහ. තෙරුන් වහන්සේ ඒ ඒ අයට ප්‍රාතිහාර්යයන් දක්වා විහාරයට වැඩම කළහ.