14. සන්තති මහ ඇමැත්තාගේ කථා පුවත.
“අලඞ්කතො වෙපි” යන මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටියදී සන්තති මහා ඇමතියන් ඇරබ දේශනා කළහ.
මේ සන්තති මහ ඇමතිවරයා එක් අවස්ථාවක පසේනදී රජුගේ ප්‍රත්‍යන්තයේ ඇතිවූ කුපිතවීමක් සන්සිඳවා පැමිණියේය. මේ නිසා රජු සතුටුවුයේ දින හතක් රාජ්‍ය දී ගායනයට හා නැටීමට දක්ෂ එක් ස්ත්‍රියක් ද දුන්නේය. ඔහු දින හතක් සුරාදාමයෙන් මත්ව හත්වැනි දිනයේ සියලු අලංකාරයෙන් සැරසුනේ ඇතෙකු පිටනැග නාන තොටට යන්නේ පිඬු පිණිස පිවිසෙන බුදුරජාණන් වහන්සේ දොරටුව අසල සිටිනු දැක ඇතුපිට සිටියදීම හිස සලා ගෞරව දක්වා ගියේය.
බුදුරජාණන් වහන්සේ සිනා පහළ කොට, සිටියදී ආනන්ද හිමියෝ ස්වාමීනි කුමක් නිසා සිනා පහළ කළේ දැයි විමසූහ. එයට හේතු පැහැදිලි කරන බුදුහු ආනන්ද සන්තති මහ ඇමති අද සියළු ආබරණවලින් සැරසී මා වෙත පැමිණ සිව්පද ගාථාවක් අවසන රහත් වී තල් ගස් හතක් පමණ අහසට නැගී සිට පිරිනිවන් පාන්නේ යයි සිනා පහළ කළ බව පැවසුහ. මහජනයා බුදුන් හා ආනන්ද තෙරුන් අතර පැවති කථාව අසා - මිථ්‍යාදෘෂ්ටික අය සිතූහ. බලන්න භවත් ගෞතමයන්ගේ ක්‍රියාව කටට ආවක්ම කිසයි. අදම ඔහු බොරුවෙන් ගරහමුයි පැවසුහ. සම්‍යක්දෘෂ්ටික අය මෙසේ සිතූහ. අහෝ බුදුන්ගේ මහානුභාවනාව අද බුද්ධලීලාව ද සන්තති මහ ඇමතිගේ ලීලාව දක්නට ලබමුයි සිතූහ.
සන්නති මහ ඇමති ද නානතොට දී දිවා කාලයේ ජල ක්‍රීඩාවේ යෙදී උයනට ගොස් අවන්හල භූමියේ වාඩිවිය. ඒ ස්ත්‍රිය ද රඟ මඩලට බැස නැටුම් වැයුම් ගැයුම් දක්වන්නට පටන් ගත්තීය. ඇගේ ශරීර ලීලාව දැක්වීම සඳහා දින හතක් අල්ප ආහාර ගැනීම නිසා එදවස නැටුම් ගැයුම් වැයුම් දක්වන්නේ කුස තුළ පැසෙන වායුව නැගී හදය මාංසය ඇඹරී ගියහ. ඇය එකෙනෙහි කට ද දෑස් ද විවර වී (මුඛය හා ඇස්) විවර වීම මිය ගියාය.
සන්තති මහ ඇමති ඇය ගැන සොයා බලන්නැයි කී විට ස්වාමීනි ඇය මිය ගියා යයි පැවසූ විට බලවත් ශෝකයෙන් මඩනා ලදුයේ එකෙනෙහිම දින හතක් බොන ලද රා රත්වූ කබලක ජලබිදු මෙන් සිඳී ගියේය. හේ මගේ ශෝකය නිවාලන්නට බුදුන් හැර කිසිවෙකුටත් නොහැකියයි බලකායද පිරිවරා ගෙන හැන්දෑවේ බුදුන් වෙත ගොස් වැඳ මෙසේ පැවසුවේය. ස්වාමීනි මෙතරම් දරුණු ශෝකයක් ඇතිවුණි. එය නිවීමට ඔබ වහන්සේට හැකිවන්නේ යයි සිතා ආවෙමි. මට පිළිසරණවනු මැනවැයි පැවසීය. අනතුරුව බුදුරජාණන් වහන්සේ ශෝකය නිවා දැමීම දක්ෂයා වෙතම ආවේ යයි පවසා මෙම කාන්තාව මේ ආකාරයෙන්ම මීට පෙර ආත්මවලදී ද මියගිය විට ඔබ විසින් හෙළු කඳුළු සිව්මහා සයුරු ජලයට වඩා වැඩි යයි පවසා මේ ගාථාව දේශනා කළහ.
යමෙක් පෙර වියැලේද පසුව එය දුකකැයි කියති මධ්‍යම අවස්ථාවේදී එය නොගනීද එනිසාම උපශාන්තව හැසිරෙන්නේය.
ගාථාව අවසානයේ සන්තති මහාමාත්‍යයා රහත්බවට පත්ව තමන්ගේ ආයුසංස්ඛාරය බලන්නේ එය නොපවත්නා බව දැන බුදුන්ට මෙසේ පැවසීය. ස්වාමීනි මට පිරිනිවන් පෑමට අනුදැන වදාරන්න. බුදුරජාණන් වහන්සේ ඔහු විසින් කරන ලද කර්මය දන්නේ මුසාවෙන් ගැරහූ නිග්‍රහ කිරීම පිණිස පැමිණි එක්රැස්වූ මිථ්‍යාදෘෂ්ටිකයන්ට අවකාශයක් නොදීමටත්, බලන්නට රැස්වූ සම්‍යක්දෘෂ්ටිකයෝ මේ ඇමති විසින් කළ කර්මය අසා පින් කිරීමේ ආදරය කැමැත්ත දියුණු කරතියි සලකා එසේ නම් ඔබ විසින් කළ කර්මය මට පවසන්නැයි කියමින් බිම සිට නොකියා තල් ගස් හතක් උසට අහසට නැගී කියන්නැයි පැවසුහ. හේ ස්වාමීනි යහපතැයි බුදුන් වැඳ එක් තල් ගසක් පමණට නැගී බැස නැවත බුදුන් වැඳ උඩට නැගෙන්නේ පිළිවෙලින් තල් ගස් හතක් උසට නැගී අහසේ පලක් බැඳ වාඩිවී ස්වාමීනි මගේ පෙර කර්මය අසන්නැයි පැවසීය.