4. භිස චරියා වර්ණනාව
274. “පුනාපරං යදාහොමි කාසීනං පුරවරුත්තමෙ
භගිනී භාතරො සත්ත නිබ්බත්තා සොත්ථියෙ කුලෙ (චරියා පිටක)
භගිනී භාතරො සත්ත නිබ්බත්තා සොත්ථියෙ කුලෙ (චරියා පිටක)
“නැවත අනික් (චරිතයක් කියන්නෙමි) යම්කලෙක මම කසීජනපදයෙහි උතුම් පුරවරයෙහි වීම්ද, එකල්හි නැගණිය ද, සහෝදරයන් සත්දෙනද (යන අපි අටදෙන) උතුම් බමුණු කුලයෙහි උපන්නෙමු.”
සතරවෙනි (මහාකඤ්චන චරිතයෙහි) “යදා හොමි කාසීනං පුරවරුත්තමෙ” යනු “කාසී” යයි බහු වචන වශයෙන් ලැබූ ව්යවහාර ඇති රටෙහි ඛාරාණසී නගරවරයෙහි යම්කාලයෙක්හි ඉපිද වැඩුණෙක්ව වසම් ද යන අර්ථයයි. “භගිනීච භාතරො සත්ත නිබ්බත්තා සොත්ථියෙ කුලෙ” යනු උපකඤ්චනාදී හයදෙනාත් මමත් වශයෙන් සොහොයුරෝ සත්දෙන ද සියල්ලන්ට බාල “කඤ්චන දේවී” නම් සොහොයුරිය ද යන අටදෙනෙක් වූ අපි සියල්ලෝම මන්ත්ර අධ්යයනයෙහි නිරත වූ අතිශයින් ප්රසිද්ධ, මහත්වූ සොත්ථිය බ්රාහ්මණ කුලයෙහි එකල්හි උපන්නෝ වෙමු’යි යන අර්ථයයි.
බෝධිසත්ත්වයන් වහන්සේ වනාහි එකල්හි අසූ කෙළක් සම්පත් ඇති මහ ධනවත් බ්රාහ්මණයෙකුගේ පුතෙක්ව උපන්හ. ඔහුට කඤ්චන කුමාර යයි නම් කළහ. ඉක්බිති ඔහු පියවර නගා යන කල්හි තවත් පුතෙක් උපන්නේය. ඔහුට “උප කඤ්චන කුමාර” යයි නම් කළහ. එතැන් පටන් මහාසත්ත්වයන් “මහා කඤ්චන කුමාරය”යි ව්යවහාර කෙරෙත්. මෙසේ “පිළිවෙළින් පුත්තු සත්දෙනෙක් වූහ. හැමට බාල වූ එක් දියණි කෙනෙක් වූවාය. ඇයට “කඤ්චන දේවී” යයි නම් කළහ. මහාසත්ත්වයෝ වැඩිවිය පැමිණියාහු තක්ෂලා නුවරට ගොස් සියලු ශිල්ප ඉගෙනගෙන ආපසු පැමිණියහ.
ඉක්බිති මවුපියෝ ඔහු ගිහිබැඳුමෙන් බඳිනු කැමැත්තාහු තමහට සමාන ජාතිඇති කුලයකින් නුඹට දැරියක ගෙන එන්නෙමු’යි කීහ. හෙතෙම “මෑණියනි, පියාණනි, මට ගිහිගෙයි විසීමෙන් වැඩක් නැත. මට වනාහි සියලු ලෝකයා හා එක්ව විසීම ගිනිගෙන ඇවිලගත්තාත් මෙන් භය සහිතව ද, හිරගෙයක් මෙන් බාධා සහිතව ද, කසල ගොඩක් මෙන් පිළිකුල්ව ද වැටහේ. මාගේ සිත කාමයන්හි නොඇලේ. ඔබලාට වෙනත් පුත්තු ඇත. ඔවුන්ට ගෘහවාසය සඳහා ආරාධනා කරනු මැනව’යි කියා නැවත නැවතත් ඉල්ලා සිටින ලද්දේ නමුදු මිතුරන් ලවා යාඥා කරවන ලද්දේ නමුදු නොකැමති විය. ඉක්බිති මිතුරෝ ඔහුට “සබඳ! නුඹ කුමක් පතමින් කම්සුව නොවළඳනු කැමැත්තෙහිදැයි විචාළහ. හෙතෙම ඔවුන්ට තමාගේ ගිහිගෙයින් නික්ම යන අදහස දැන්වීය. එහෙයින් “එතෙසං පුබ්බජො ආසිං” ආදිය වදාරණ ලදී.
275. “එතෙසං පුබ්බජො ආසිං හිරිසුක්ක මුපාගතො
භවං දිස්වා න භයතො නෙක්ඛම්මාභිරතො අහං
භවං දිස්වා න භයතො නෙක්ඛම්මාභිරතො අහං
276. “මාතා පිතුහි පහිතා සහායා එකමානසා
කාමෙහි මං නිමන්තෙ නති කුලවංසං ධරෙහිති
කාමෙහි මං නිමන්තෙ නති කුලවංසං ධරෙහිති
277. “යං තෙසං වචනං වුත්තං ගිහිධම්මෙ සුඛාවහං
තම්මෙ අහොසි කඨිනං තත්තඵාල සමං විය
තම්මෙ අහොසි කඨිනං තත්තඵාල සමං විය
278. “තෙ මං තදා උක්ඛිපන්තං පුච්ඡිංසු පත්ථිතං මම
කිං ත්වං පත්ථයසි සම්ම යදි කාමෙ න භුඤ්ජසි
කිං ත්වං පත්ථයසි සම්ම යදි කාමෙ න භුඤ්ජසි
279. තෙසාහං එවමවචං අත්ථකාමො හිතෙසිනං
නාහං පත්ථෙමි ගිහිභාවං නෙක්ඛම්මා භිරතොඅහං
නාහං පත්ථෙමි ගිහිභාවං නෙක්ඛම්මා භිරතොඅහං
280. “තෙ මය්හං වචනං සුත්වා පිතු මාතුච සාවයුං
මාතා පිතා එවමාහු සබ්බෙපි පබ්බජ්ජාම භො’ති (චරියා පිටක)
මාතා පිතා එවමාහු සබ්බෙපි පබ්බජ්ජාම භො’ති (චරියා පිටක)
“මොවුන්ට පළමුව උපන් මම හිරිඔතප් දෙකින් යුක්තව, භවය භය වශයෙන් දැක නෛෂ්ක්රම්යයෙහි ඇලුනෙම් වීමි.
මවුපියන් විසින් එවන ලද්දා වූ එක් සිත් ඇති මාගේ යහළුවෝ “කුලවංසය පිහිටුව’යි මා කාමයෙන් නිමන්ත්රණය කළෝය.
ඔවුන් විසින් “ගිහිජීවිතයෙහි සැප එළඹෙන්නේය”යි යම් වචනයක් කියන ලදද, ඒ වචනය රන්කරන ලද සීවැලක් මෙන් කර්කෂ විය.
එකල්හි ඔවුහු (කම්සැප) බැහැරලන්නා වූ මා අතින් “යහළුව, ඔබ කම්සැප නොවළඳන්නෙහි නම් කුමක් පතන්නෙහිදැයි මා බලාපොරොත්තු වන දේ විචාළහ.
(මට) වැඩ කැමති වූ හිතේසී වූ ඔවුන්ට “මම ගිහිබව ප්රාර්ථනා නොකරමි මම නෛෂ්ක්රම්යයෙහි ඇලුනෙමි”යි කීවෙමි.
ඔවුහු මගේ වචනය අසා පියාණන්ට ද මෑණියන්ට ද (ඒ බව) සැල කළහ. මවුපිය දෙදෙනා “පින්වත්නි, අපි හැමදෙනද පැවිදි වන්නෙමු”යි මෙසේ කීවෝය.
එහි “එතෙසං පුබ්බජො ආසිං” යනු මම එකල්හි මේ උපකඤ්චනක ආදී සත්දෙනා අතුරෙන් දෙටු සොහොයුරා වීමි. “හිරිංසුක්කමුපාගතො” යනු පුණ්ය විපාක ඇති බැවින් සන්තානය පිරිසිදු කරන හෙයින්ද, පාපය පිළිකුල් කිරීම ලක්ෂණ කොට ඇති යහපත් වූ ලජ්ජාවට බලවත්ව පැමිණියේ. අතිශයින් පාපය පිළිකුල් කරන්නෙක් වීමි යන අර්ථයයි. “භවං දිස්වාන භයතො නෙක්ඛම්මාභිරතො අහං” යනු කාමභව ආදී වශයෙන් සියලු භවය, පැනීමට එන දරුණු ඇතෙකු මෙන් ද හිංසා කිරීමට එන ඔසවාගත් කඩුව ඇති වධකයෙකු මෙන් ද සිංහයෙකු මෙන් ද, යක්ෂයකු මෙන් ද, රකුසෙකු මෙන් ද, දරුණු විසක් මෙන් ද, සර්පයෙකු මෙන් ද, ගිනි අඟුරු මෙන් ද භය සහිතව භයානක වශයෙන් දැක එයින් මිදීම සඳහා ද පැවිද්දෙහි ඇලුණේ, පැවිදිව “මම කෙසේනම් ධර්ම චර්ය්යාවෙන් මනාකොට ප්රතිපත්ති පුරන්නෙම්ද, ධ්යාන සමාපත්තීන් උපදවන්නෙම්දැයි පැවිද්ද, කුශලධර්ම, ප්රථම ධ්යානාදියෙහි එදා මම ඇලුනෙක් වීමි යන අර්ථයයි.
“පහිතා” යනු මවුපියන් විසින් එවන ලද, “එකමානසා” යනු සමාන අදහස් ඇති, පෙර මා සමග එකම කැමැත්ත ඇතිව මනාපචාරීව සිට මවුපියන් විසින් එවන ලද්දාහු මට පිළිකුල් වූ නො මනාප වූ වචන කියන්නා වූ, “කාමෙහි මං නිමන්තෙන්ති” යනු මවුපියන් විසින් එවන ලද එක්සිත් ඇති යහළුවෝ ද කාමයන්ගෙන් මට ආරාධනා කරති. “කුලවංසං ධාරෙහි” යනු ගෘහවාසය පිහිටුවමින් තමන්ගේ කුලවංසය උසුලවයි. පිහිටුවවයි. කාමයන්ගෙන් මට ආරාධනා කළහ. යන අර්ථයයි.
“යං තෙසං වචනං වුත්තං” යනු මගේ ප්රියසහාය වූ ඔවුන් විසින් යම් වචනයක් කියන ලද්දේ ද, “ගිහිධම්මෙ සුඛාවහං” යනු ගිහිබවෙහි පිහිටි, ගිහි ජීවිතයෙහි සිටි පුරුෂයාට න්යායානුගත දිට්ඨධම්මික සම්පරායික සැප ගෙන දීම් වශයෙන්, සැප එළවන්නා වූ. “තං මෙ අහොසි කඨිනං” යනු ඒ මාගේ යහළුවන්ගේ ද මවුපියන්ගේ ද ඒ වචනය ඒකාන්තයෙන්ම ගිහිගෙයින් නික්මීමෙහි ඇලුන බැවින් අමනාපභාවයෙන් මට කර්කශ, ඵරුෂ, දවසක් පුරා හිරු රැසින් රත් වූ නගුල් තලයක් බඳු, දෙසවන දවන්නක් මෙන් විය.