3. අයොඝර චරියා වර්ණනාව
264. “පුනාපරං යදාහොමි කාසිරාජස්ස අත්රජො
අයොඝරම්හි සංවඩ්ඪො නාමෙනාසි අයොඝරො” (චරියා පිටක)
අයොඝරම්හි සංවඩ්ඪො නාමෙනාසි අයොඝරො” (චරියා පිටක)
“නැවත අනිකුදු (චරිතයක් කියන්නෙමි) යම් කලෙක්හි (මම) කාසි රජුගේ පුත්රයා වීම්ද (එකල්හි) අයෝඝරයක (යකඩ ගෙයක) වැඩුනෙමි. (එහෙයින්) නමින් “අයොඝර” යයි ප්රකට වීමි.
තුන්වෙනි (අයොඝර චරිතයෙහි) “අයොඝරම්හි සංවඩ්ඪො” යනු අමනුෂ්ය උපද්රව දුරුකිරීම සඳහා සතරැස් වශයෙන් කළ සියල්ල යකඩින් නිර්මාණය වූ මහත් වූ ගෙයි වැඩුණු, “නාමෙනාසි අයොඝරො” යනු යකඩ ගෙයක උපන් බැවින් හා වැඩුණු බැවින් “අයොඝරකුමාර” යයි නමින් ප්රකට විය.
එකල්හි වනාහි කසීරජුගේ අගමෙහෙසියගේ පෙර ආත්මභාවයෙහි සපත්නියක් “නුඹ වැදූ වැදූ දරුවන් කන්නෙමි’යි ප්රාර්ථනාවක් තබා යක්ෂණි ආත්මයක උපත ලබා අවසර ලැබ ඇය දරුවන් බිහිකළ කල්හි දෙවරක් දරුවන් කෑවාය. තුන්වන වාරයෙහි වනාහි බෝධිසත්ත්වයෝ ඇයගේ කුසෙහි පිළිසිඳ ගත්හ. රජතුමා දේවිය වැදූ වැදූ දරුවන් එක් යක්ෂණියක් කයි. කුමක් කළ යුතුදැයි මිනිසුන් සමග කථා කොට “අමුනුෂ්යයෝ නම් යකඩ ගෙයට බියවෙත්. අයෝඝරයක් කිරීම වටීයයි කීකල්හි කම්කරුවන්ට අණකොට ටැම් ආදිකොට යකඩින්ම කළ සියලු වස්තූන් සහිත සතරැස් මහා අයෝඝරයක් නිමවා පිරිපුන් ගැබ් ඇති දේවිය එහි වාසය කරවීය. එතුමිය එහි ධන්යපුණ්ය ලක්ෂණයෙන් යුක්ත වූ පුතෙකු වැදුවාය. ඔහුට “අයෝඝර කුමාර” යයි කියාම නම් කළහ. දරුවා කිරිමවුන්ට භාරදී මහත් වූ රැකවල් ඇති කොට රජතුමා දේවිය අන්තඃපුරයට පැමිණවීය. යක්ෂණිය දියවාරයට ගොස් වෙසමුණි රජුට ජලය ගෙන යන්නී මරණයට පත් වූවාය.
මහාසත්ත්වයෝ යකඩ ගෙයිම වැඩී නුවණැති බවට පැමිණියාහු එහිම සියලු ශිල්ප ඉගෙන ගත්හ. රජතුමා පුතා සොළොස් හැවිරිදි නියාව දැන “මොහුට රාජ්යය දෙමි”යි “මගේ පුතා ගෙන එව්” යයි ඇමතියන්ට අණකළේය. ඔවුහු “දේවයන් වහන්ස, යහපතැ”යි කියා නගරය අලංකාර කරවා සියලු අලංකාරයෙන් සැරසූ මඞ්ගල හස්තියා ගෙන එහි ගොස් කුමාරයා සරසා ඇත්කඳ පිට හිඳුවා නගරය ප්රදක්ෂිණා කරවා රජුට දැක්වූහ. මහාසත්ත්වයෝ රජුට වැඳ සිටියහ. රජතුමා ඔහුගේ ශරීර ශෝභාව බලා බලවත් සෙනෙහසින් ඔහු වැළඳගෙන “අදම මගේ පුතා අභිෂේක කරව්” යයි ඇමතියන්ට අණ කළේය. මහාසත්ත්වයෝ පියාණන්ට වැඳ “මට රාජ්යයෙන් ප්රයෝජනයක් නැත, මම පැවිදි වන්නෙමි, මට පැවිද්දට අවසර දෙනු මැනව”යි කීහ. එහෙයින් “දුක්ඛෙ න ජීවිතං ලද්ධං” යනාදිය වදාරණ ලදී.
265. “දුක්ඛෙ න ජීවිතං ලද්ධෙං සම්පීළෙ පතිපොසිතො
අජ්ජෙව පුත්ත පටිපජ්ජ කෙවලං වසුධං ඉමං”
අජ්ජෙව පුත්ත පටිපජ්ජ කෙවලං වසුධං ඉමං”
266. “සකරට්ඨ කං සනිගමං සජනං වන්දිත්වා ඛත්තියං
අඤ්ජලිං පග්ගහෙත්වාන ඉදං වචනමබ්රැවිං”
අඤ්ජලිං පග්ගහෙත්වාන ඉදං වචනමබ්රැවිං”
267. “යෙ කෙචි මහියා සත්තා හීනමුක්කට්ඨ මජ්ඣිමා
නිරාරක්ඛා සකෙ ගෙහෙ වඩ්ඪන්ති සඤ්ඤාතිහි”
නිරාරක්ඛා සකෙ ගෙහෙ වඩ්ඪන්ති සඤ්ඤාතිහි”
268. “ඉදං ලොකෙ උත්තරියං සම්පීළෙ මම පොසනං
අයොඝරම්හි සංවඩ්ඪො අප්පභෙ චන්දසුරියෙ”
අයොඝරම්හි සංවඩ්ඪො අප්පභෙ චන්දසුරියෙ”
269. “පුතිකුණපසම්පුණ්ණා මුචචිත්වා මාතුකුච්ජිතො
තතො ඝොරතරෙ දුක්ඛෙ පුන පක්ඛිත්නොයො ඝරෙ”
තතො ඝොරතරෙ දුක්ඛෙ පුන පක්ඛිත්නොයො ඝරෙ”
270. “යදිහං තාදිසං පත්වා දුක්ඛං පරමදාරුණං
රජ්ජෙසු යදි රඤ්ජා මි පාපානං උත්තමො සියා
රජ්ජෙසු යදි රඤ්ජා මි පාපානං උත්තමො සියා
271. “උක්කණ්ඨිතොම්හි කායෙන රජ්ජෙනම්හි අනත්ථිකො
නිබ්බුතිං පරියෙසිස්සං යත්ථ මච්චුන න මද්දි යෙ
නිබ්බුතිං පරියෙසිස්සං යත්ථ මච්චුන න මද්දි යෙ
272. එවාහං වින්තයිත්වාන විරවන්තං මහාජනං
නාගොව බන්ධනං ඡෙත්වා පාවිසිං කානනං වනං (චරියා පිටක)
නාගොව බන්ධනං ඡෙත්වා පාවිසිං කානනං වනං (චරියා පිටක)
“තොපගේ ජීවිතය ආයාසයෙන් ලබන ලද්දේය. තෝ බාධා මධ්යයෙහි වඩනා ලද්දේය. දරුව, රට සහිත වූ නියම්ගම් සහිත වූ ජනයා සහිත වූ මේ මුළු පොළොව අද සිටම පාලනය කරව’යි (පියරජු මට කීවේය) මම ඇදිලි බැඳගෙන රජු වැඳ මේ වචනය කීමි.
මේ පොළොවෙහි හීන වූද උත්තම වූද මධ්යම වූද යම්කිසි සත්ත්වයෝ වෙත්ද ඔවුහු රැකවල් නැතිව නෑයන් සමග සිය ගෙයි වැඩෙත්.
“මහත් බාධා මධ්යයෙහි මා පෝෂණය කිරීම යන මේ කාරණය ලෝකයෙහි ආශ්චර්ය්ය වූවකි. මම සඳු හිරු (දෙදෙනාගේ) ආලෝකය නැති අයෝඝරයෙහි වැඩුනේ වෙමි.
“අතිදුර්ගන්ධ කුණපයෙන් පිරුණා වූ මවුකුසින් නික්ම නැවත ඒ තැනටත් වඩා අතිශයින් දරුණු වූ දුක් ඇති අයෝඝරයෙහි දමන ලද්දෙම් වීමි.
“ඉදින් මම එබඳු වූ අතිශයින් දරුණු වූ දුකට පැමිණ නැවත රාජ්යයෙහි ඇලෙන්නෙම් නම් නිහීනයන් අතුරෙන් අතිශයින් නිහීනයෙක් වන්නෙමි.
“මම මෙසේ නුවණින් සිතා මහජනයා හඬද්දීම බැමි සිඳි ඇතෙකු මෙන් මහ වනයට පිවිසියෙමි.
එහි “දුක්ඛෙ න” යනු “දරුව! නුඹගේ සහෝදරයෝ දෙදෙනෙක් එක් යක්ෂණියක විසින් කන ලදහ. ඒ අමනුෂ්ය භයෙන් වැළකීම සඳහා කළ දුකෙන් මහත් ආයාසයෙන් නුඹගේ ජීවිතය ලද්දේය. “සම්පීළෙ පතිපොසිතො” යනු අමනුෂ්යයන්ගෙන් ආරක්ෂාව සඳහා නොයෙක් ආකාර වූ සම්බාධ සහිත අයෝමය ගෘහයෙහි උපන් කල් පටන් සොළොස් හැවිරිදි වන තෙක් බාධාසහිත තැනෙක්හි වඩනා ලද්දේ යන අර්ථයයි. “අජ්ජෙව පුත්ත පටිපජ්ජ කෙවලං වසුධ ඉමං” යනු රන්මාලාවන්ගෙන් සැරසූ සේසත යට රුවන් රැසක් මත තබා සක් තුනකින් අභිෂේක කරනු ලබන්නේ මේ කුලසන්තක “කෙවලං” මුහුද කෙළවර කොට ඇති සියල්ල. රටවල් සහිත එහෙයින්ම “සක රට්ඨකං” වේ. නියම් ගම් මහ ගම් සහිත වූයේ “සනිගමං” වේ. අප්රමාණ පිරිවර ජනයා සමග “සජනං” මේ පෘථිවිය, මහ පොළොව අදම දරුව! පිළිපදුව. රාජ්යය කරව යන අර්ථයයි. “වන්දිත්වා බත්තියං අඤ්ජලිං පග්ගහෙත්වාන ඉදං වචනමබ්රැවිං” යනු ක්ෂත්රිය කසී රජු වූ මගේ පියාණන්ට වැඳ ඔහුට ඇඳිලි බැඳ මේ වචන කීමි.
“යෙ කෙචි මහියා සත්තා” යනු මේ මසහ පොළොවෙහි සත්ත්වයෝ නම් වූ යම් කිසිවෙක්, “හීනඋක්කට්ඨ මජ්ඣිමා” යනු හීන වූද උත්තම වූද, ඒ දෙදෙනා අතර වූවෝ මධ්යම ද වෙති. “සකෙ ගෙහෙ” යනු ඒ සියල්ලෝ සිය ගෙයි, “සකඤාතීහි” යනු සිය නෑයන් සමග සතුටු වෙමින් විශ්වාසවන්තව නොකලකිරී සම්පත් ඇති පරිදි වැඩෙත්.
“ඉදං ලොකෙ උත්තරියං” යනු මෙය වනාහි මේ ලෝකයෙහි අසමානය, මටම ආවේණික වූවකි. එය වනාහි කිමෙක්ද “සම්පීළෙ මම පොසනං”යි සම්බාධ සහිතව මාගේ සංවර්ධනයයි. එසේම “අයොඝරම්හි සංවඩ්ඪො අප්පභෙ චන්දසුරියෙ” යනු සඳහිරු රැස් නොමැති අයෝමය ගෘහයෙහි. “සංවඩ්ඪොම්හි”යි වැඩුණේ වෙමි.