43-48. සකිංසම්මජ්ජක ආදී වර්ග
සතළිස් තුන්වැනි වර්ගයෙහි සියලු තෙරුන් වහන්සේලාගේ අපදාන නොගැඹුරුම ය. හුදෙක් තෙරවරුන්ගේ නම්වල වෙනසත් පින්පල වෙනසත් විශේෂය.
සතළිස් සතරවැනි වර්ගයෙහිද සියලු අපදාන ප්රකට ම ය. හුදෙක් පින්වල වෙනසත් ඵලයන්ගේ වෙනසත් විශේෂය.
සතළිස් පස්වැනි වර්ගයෙහි පළමුවැනි අපදානයෙහි කකුසන්ධො මහාවීරො යනාදි වශයෙන් ආයුෂ්මත් විභීටකමිඤ්ජිය තෙරුන් වහන්සේගේ අපදානයයි.
එහි වීජමිඤ්ජමදාසහං යනු බුළුගෙඩි පළා බීජානි මද ගෙන මීපැණි හකුරු සමග යොදා කකුසන්ධ භාග්යවතුන් වහන්සේට දුනිමි යන අර්ථයි. දෙවැනි අපදාන ආදී සියල්ල පහසුවෙන් දත හැක්කේ ම ය. තෙරවරුන්ගේ නාමයන්ගේ වෙනස්කම් ආදියද පෙළ අනුසරින් දතයුතුය.
සතළිස් සයවැනි වර්ගයෙහි පළමුවැනි අපදානයෙහි ජගතිං කාරයිං අහං යනු උතුම් බෝරුක වටා ආලින්දයක් මම කරවීමි යන අර්ථයි. සෙසු දෙවැනි අපදාන ආදී සියල්ල නොගැඹුරු ම ය.
සතළිස් සත්වැනි වර්ගයෙහි පළමුවැනි අපදාන ආදිය පෙළ අනුසරින් පහසුවෙන් දතහැක්කේ ම ය.
සතළිස් අටවැනි වර්ගයෙහි පළමුවැනි දෙවැනි අපදාන නොගැඹුරුමය.
තෙවැනි අපදානයෙහි කොසියො නාම භගවා යනු කෝසිය ගෝත්රයෙහි උපන් බැවින් කොසිය නම් පසේබුදුරජාණන් වහන්සේ යන අර්ථයි. චිත්තකූටෙ යනු චිත්රකූට කෛලාශකූට සානුකූට ආදී අනෝතත්ත විල වටකොට සිටි පර්වත කූටවල නොයෙක් රත්න ඖෂධ ආදියෙන් විචිත්ර වූ චිත්රකූට පර්වතයෙහි ඒ පසේ බුදුරජාණන් වහන්සේ වසන සේක යන අර්ථයි.
සිව්වැනි පස්වැනි අපදාන නොගැඹුරුමය.
සවැනි අපදානයෙහි කුසට්ඨකං මදාසනං යනු පක්ඛිභත්ත, උපොසථික භත්ත ධුර භත්ත සලාක භත්ත ආදියෙහි කුසපත් වශයෙන් දියයුතු සලාක බත් අටක් මම දුනිමි යන අර්ථයි.
සත්වැනි අපදානයෙහි සොභිතො නාම සම්බුද්ධො යනු ආරෝහ පරිණාහ දෙතිස් මහාපුරුෂ ලක්ෂණ ව්යාමප්රභා ආදියෙන් ශෝභමාන වූ ශරීරයක් ඇති බැවින් සොභිත නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ යන අර්ථයි.
අටවැනි අපදානයෙහි කක්කරායං වසීතදා යනු ඒ දස පින්කිරියවත් කරන ජනයා මෙහි වෙසෙත්නුයි තක්කරා රාජධානි නමි. ඒ තක්කරා රාජධානියෙහි එකල්හි වෙසේ යන අර්ථයි.
නවවැනි අපදානයෙහි පානධිං සුකතං ගය්හ යනු සුන්දර ආකාරයෙන් නිෂ්පාදනය කරන ලද පාවහන් යුගලය ගෙන යන අර්ථයි. දසවැනි අපදානය පහසුවෙන් දත හැක්කේ ම ය.
සතළිස් අටවැනි වර්ග වර්ණනාවයි.
49. පංසුකූල වර්ගය
සතළිස් නවවැනි වර්ගයෙහි පළමුවැනි අපදානය පහසුවෙන් දතහැක්කේ ම ය.
දෙවැනි අපදානයෙහි අධිච්චුප්පත්තිතා බුද්ධා යනු අධිච්චෙන කරුණක් නැතිව උප්පත්තිකා තෙමේම හටගත්. අනිකුත් දේව බ්රහ්ම මාරාදී උපදේශ දෙන්නවුන් රහිතව ස්වයංභූ ඥානයෙන් උප්පන්නා උපන් පහළවූ යන අර්ථයි.
ඔදුම්බරික පුප්ඵංව යනු උදුම්බර රුකෙහි මල් දුර්ලභය. දුර්ලභ උත්පත්තියක් මෙන්. චන්දම්හි සසකංයථා චන්ද්ර මණ්ඩලයෙහි සස රේඛාව හා සමාන වූවක් දුර්ලභය. වායසානං යථා ඛීරං යනු කපුටුවන්ට නිතර රෑදවල් බඩසයින් පෙළෙන බැවින් කිරි දුර්ලභ වන්නා සේ. මෙසේ ලෝකනායකයෙක් දුර්ලභය. අසංඛ්ය සතරක් හෝ අසංඛ්ය අටක් හෝ අසංඛ්ය සොළොසක් හෝ කල්ප සියදහසක් පාරමී පුරා ලද බැවින් දුර්ලභ වූ ලෝකනායකයන් වහන්සේ යන අර්ථයි.