31. පදුමකේසර වර්ගය
තිස්එක්වැනි වර්ගයෙහි පළමුවැනි අපදානයෙහි ඉසිසඞ්ඝෙඅහං පුබ්බෙ යනු මම පෙර බෝධිසම්භාරයන් පුරනකල්හි ඉසි සඞ්ඝෙ පසේබුදු සෘෂි සමූහයෙහි, උන්වහන්සේලා සමීපයෙහි හිමවත් පව්වෙහි මාතංග ඇත් කුලයෙහි වාරණො චණ්ඩ හස්තියෙක් වීමි යන අර්ථයි. මනුෂ්ය ආදීන් වළක්වානුයි වාරණ නමි. නැතහොත් වචනයෙන් රවති කුංචනාද කරතියි වාරණ නමි. මහෙසිනං පසාදෙන යනු පසේබුදු මහර්ෂීන්ගේ ප්රසාදයෙන්. පච්චෙකජින සෙට්ඨෙසු ධුතරාගෙසු තාදිසු යනු ලෝක ධර්මයන්ගෙන් නොසෙල්වෙන පසේබුදුවරුන් කෙරෙහි. පදුමකෙසරං නෙළුම් රේණු. ඔකිරිං විසුරුවෙමි යන අර්ථයි.
දෙවැනි තෙවැනි අපදාන නොගැඹුරු ය.
සිව්වැනි අපදානයෙහි මහාබොධි මහො අහු යනු විපස්සි භාග්යවතුන් වහන්සේගේ සිව්මග නැණ දරණ බැවින් බෝධි යන නම්ලද රුකට පූජාවක් විය යන අර්ථයි. රුක්ඛට්ඨො විය සම්බුද්ධො යනු මේ බෝධිපූජා පැවැත්වෙන කල්හි මහජනයාට ලෝකජ්යෙෂ්ඨ වූ නරාසභ වූ සම්බුදු රජාණන් වහන්සේ රුක්ඛට්ඨො ඉව රුකෙහි සිටියාක් මෙන් පෙනේ යන අර්ථයි. භගවා තම්හි සමයෙ එසමයෙහි පූජා පැවැත්වෙන කාලයෙහි භාග්යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පෙරටුකොට පිරිවරන ලද සේක. වාචාසහිමුදීරයං යනු මුදු සිලිටි මිහිරි උතුම් ගොස උදීරයං කියන්නේ නිකුත් කරන්නේ චතුස්සත්යය ප්රකාශ කළ සේක. දේශනා කළ සේක යන අර්ථයි. සඞ්ඛිත්තෙනව දෙසෙන්තො යනු හික්මවිය යුතු පුද්ගලයන්ගේ අධ්යාශ අනුරූපව දේශනා කරන්නේ සංක්ෂේපයෙන්ද විස්තර වශයෙන්ද දේශනා කරන සේක යන අර්ථයි. විවට්ටච්ඡදො යනු රාගය ආවරණයකි. දෝසය ආවරණයකි, මෝහය ආවරණයකි. සියලු කෙලෙස් ආවරණයෝය යනුවෙන් මෙසේ කියන ලද ආවරණ විවර කරන ලද්දේය පැහැදිලි කරන ලද්දේය. විනාශ කරන ලද්දේය යනුවෙන් විවට්ටච්ඡද සම්බුදුරජාණන් වහන්සේ ඒ මහජනයා දේශනා අවසානයෙහි නිවන ලද සේක. පරිදාහය නිවාලන ලද්දේය යන අර්ථයි. තස්සාහං ධම්මං සුත්වාන යනු ඒ භාග්යවතුන් වහන්සේ දහම් දෙසනු අසා.
පස්වැනි අපදානයෙහි ඵලහත්ථො අපෙබවා යනු විපස්සි භාග්යවතුන් වහන්සේ දැක මිහිරිපල ගෙන අපෙබවා නොඉක්මවත් සෙමින් ආශ්රමයට යන අර්ථයි.
සවැනි - සත්වැනි අපදාන නොගැඹුරුමැයි.
අටවැනි අපදානයෙහි නිට්ඨිතෙ නවකම්මෙ ච යනු සීමාවෙහි නවකම් අවසන් වූ කල්හි. අනුපලෙපමදාසහං යනු අනු පසුව සුණු ආලේප කරවූයෙමි යන අර්ථයි.
නවවැනි දසවැනි අපදාන නොගැඹුරු මැ යි.
තිස්එක්වැනි වර්ග වර්ණනාවයි.
32. ආරක්ඛදායක වර්ගය
තිස්දෙවැනි වර්ගයෙහි පළමුවැනි දෙවැනි තෙවැනි අපදාන පහසුවෙන් දතහැක්කේමය.
සිව්වැනි අපදානයෙහි ජලජග්ගෙහි ඔකිරිං යනු ජලයෙහි හටගත් උතුම් මහනෙල් නෙළුම් මලින් ඔකිරිං පිදුවෙමි යන අර්ථයි.
පස්වැනි අපදානය නොගැඹුරුමය.
සවැනි අපදානයෙහි චෙතියං උත්තමං නාම සිඛිනො ලොක බන්ධුනො යනු සියලු තුන්ලොවට බන්ධුනො ඥාතී වූ සිඛී භාග්යවතුන් වහන්සේගේ උත්තම චෛත්යය ඉරිනෙ ජනයාගේ හැසිරීමෙන් විරහිත. විවනෙ මිනිසුන්ගේ කෝලාහල රහිත මහා අරණ්යයෙහි විය යනු සම්බන්ධයි. අන්ධාභිණ්ඩාමහං තදා යනු ඒ කාලයෙහි වනයෙහි මංමුළා වූ බැවින් අන්ධ වූ ඇසින් අන්ධ නොවූයේ අහං මම ආහිණ්ඩාමි මාර්ගය සොයමි යන අර්ථයි. පවනා නික්ඛමන්තෙන යනු මහා වනයෙන් නික්මෙන මා විසින්. සීහාසනං උතුම් අසුන. සිංහයාගේ අසුන හෝ භාග්යවතුන් වහන්සේගේ අසුන දුටුවෙමි යන අර්ථයි. එකංසං අඤ්ජලිංකත්වා යනු උතුරුසළුව එකස්කොට හිසෙහි අඤ්ජලිය තබා යන අර්ථයි. ථොමිස්සං ලොකනායකං යනු සියලු තුන්ලොව නයන්තං නිවනට පමුණුවන ලෝකනාථයන් වහන්සේට ථොමිස්සං ස්තුති කෙළෙමි යන අර්ථයි.
සත්වැනි අපදානයෙහි සුදස්සනො මහාවීරො යනු සොඳුරු දසුන් ඇති දෙතිස් සංවර මහා පුරුෂ ලක්ෂණ ඇති ශරීරයක් ඇති බැවින් මනහර දසුන් ඇති මහාවීර්ය ඇති සිද්ධත්ථ භාග්යවතුන් වහන්සේ යනු සම්බන්ධයි. වසතී ඝර මුත්තමෙ යනු උතුම් වෙහෙරෙහි වසන සේක යන අර්ථයි.
අටවැනි නවවැනි දසවැනි අපදාන නොගැඹුරු ම ය.
තිස්දෙවැනි වර්ග වර්ණනාවයි.
33. උම්මාපුප්ඵිය වර්ගය
තිස්තුන්වැනි වර්ගයෙහි පළමුවැනි දෙවැනි තෙවැනි සිව්වැනි පස්වැනි සවැනි අපදාන නොගැඹුරු ම ය.
සත්වැනි අපදානයෙහි සමූහං අගමාසහං යනු සමූහං එකතුවන තැනට අහං මම ගියෙමි යන අර්ථයි.
අබ්බුද නිරබ්බුදා යනු කෝටි සයදහසකගේ සියය අබ්බුද නමි. අබ්බුද සියදහසකගේ සියය නිරබ්බුදයයි කියන ලද බැවින් ආයුෂයෙන් අබ්බුද නිරබ්බුද ගණනක් ගිය මහා ආයුෂ ඇති රජවරු චක්රවර්තීහු ක්ෂත්රියයෝ අට අට වී කල්ප විසිපන්දහසක්හි ආසුං වූහ යන අර්ථයි. අටවැනි නවවැනි දසවැනි අපදාන ප්රකටමය.