28. ස්වර්‍ණබිම්බොහන වර්‍ගය
විසිඅටවැනි වර්ගයෙහි පළමුවන අපදානය නොගැඹුරු ම ය.
දෙවැනි අපදානයෙහි මනොමයෙන කායෙන යනු සිතට අනුරූප වශයෙන් පැවති කය යන අර්ථයි.
තෙවැනි අපදානයෙහි මහා සමුද්දං නිස්සාය යනු මහා සාගරය ආසන්නයෙහි සිටි පර්වතය අතරෙහි පර්වත ලෙනෙහි යන අර්ථයි. සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ විවේක කැමැත්තෙන් වසති වාසය කරන සේක යන අර්ථයි. පච්චුග්ගනත්‍වාන කාසාහං යනු මම ඒ භාග්‍යවතුන් වහන්සේගේ පටිඋග්ගනත්‍වා පෙරමගට සමීපයට ගොස් වැඳීම් ආදී පින් කෙළෙමි යන අර්ථයි. චඞ්ගොටක මදාසහං යනු සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේට මම මුලින් බර වූ චඞ්ගොටකං කලඹක් ගොටුවක් ආදාසිං පූජා කෙළෙමි යන අර්ථයි.
සිව්වැනි අපදානයෙහි අකක්කස චිත්තස්ස යනු පරුෂ නොවූ සිතට. අථ ශබ්දය පදපූරණයෙහිය.
පස්වැනි අපදානයෙහි උදුම්බරෙ වසන්තස්ස යනු අත්තික්කා ගස මුල රුක් සෙවනෙහි වසන්නා වූ තිස්ස භාග්‍යවතුන් වහන්සේට, නියතෙ පණ්ණ සත්‍ථරෙ යනු නියාමිතෙ එකට බැඳුණු පණ්ණාසන්‍ථරෙ අතුකැබලි අසුනෙහි වැඩසිටියා වූ. ඵුත්‍ථොකාසො මයා දින්නො යනු විවිත්තො මණ්ඩපද්වාර ආදියෙන් වසන ලද අවකාශ ඇති එය මයා දින්නො සම්පාදනය කරන ලද්දේය යන අර්ථයි.
සවැනි අපදානයෙහි පොත්‍ථදානං මයා දින්නං යනු පොත්‍ථපට්ට පොත්‍ථජලී හණපට්ට තලා කරන ලද සළුව විසම ගොඵාසුකෙන ගටා නිමවන ලද නූල් ගෙන කපා ඒ නූලින් හිඳිනු පිණිස හෝ බුමුතුරුණු සඳහා හෝ සළුවක් වියවා ඒ සළුව මා විසින් තෙරුවනට දෙන ලදී යන අර්ථයි.
සත්වැනි අපදානයෙහි චන්‍දභාගා නදීතීරෙ යනු චන්‍ද්‍රභාගා නම් නදියෙහි තෙරින් වෙන්වීමෙහි ආධාර විබතයි. අනුසොතං යනු එහි යටිගං බලා වජාමි මම යමි යන අර්ථයි. සත්තමාලුව පුප්ඵානි චිතක මාරොපයිං අහං යනු පෙති සතක් ඇති මාලුව මල්ගෙන චිතකෙ වැලිගොඩෙහි වැල්ලෙන් ස්තූපයක් කොට පූජා කෙළෙමි යන අර්ථයි.
අටවැනි අපදානයෙහි මහාසින්‍ධු සුදස්සනා යනු සොඳුරු දසුන් සොඳුරු ජලය සුදුවැල්ලෙන් ශෝභමාන වූ බැවින් මනාසේ සිත් ඇදගන්නා මහාසින්ධු නමැති ජලනදියක් විය. තත්‍ථ ඒ සින්ධු ජලනදියෙහි. සප්පභාසං ප්‍රභාවෙන් යුක්ත. සුදස්සනං සුන්දර රූප ඇති පරමොපසමෙ යුත්තං උත්තම වූ උපසමයෙහි යෙදුණු හමුවුණු රහතන් වහන්සේ මම දුටුවෙමි යන අර්ථයි. දිස්වාහං විම්හිතාසයො යනු මෙබඳු භයානක වූ හිමවතට කෙසේ පැමිණියේදැයි විම්හිත අජ්ඣාසයො ආශ්චර්ය අද්භූත සිත් ඇත්තේ යන අර්ථයි. ආලුවං තස්ස පදාසිං ඒ රහතන් වහන්සේට මම පහන් සිතැත්තේ අල කැබැල්ලක් ආදරයෙන් දුනිමි යන අර්ථයි.
නවවැනි දසවැනි අපදාන නොගැඹුරුම ය.
විසිඅටවැනි වර්ග වර්ණනාවයි.
29. පණ්ණදායක වර්‍ගය
විසිනවවැනි වර්ගයෙහි පළමුවැනි අපදානයෙහි පණ්ණභොජනභොජිනො යනු කිරි සහිත කොළ ආදී බොජුන් බුදිනු පිණිස පන්සලෙහි හුන්නේ අම්හි වෙමි යන අර්ථයි. උපවිට්ඨඤ්ච මං සන්තං යනු පන්සලට පිවිස මං සන්තං විද්‍යමාන වූ මා උපාගඤ්ජි මහා ඉසී යනු මහත් වූ ශීලාදී ස්කන්ධයන් සොයන බැවින් මහාඉසී. ලොක පජ්ජොතො ලෝකයට ප්‍රදීපයක් වූ සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ උපගඤ්ජි මා සමීපයට පැමිණි සේක යනු අර්ථයි. නිසින්නං පණ්ණ සන්ථරෙ යනු පැමිණ කොළ ඇතිරියෙහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේට වැළඳීම පිණිස වාෂ්පයෙන් තැම්බූ කොළ මා විසින් දෙන ලදී යනු සම්බන්ධයි.
දුතියාපදානෙ දෙවැනි අපදානයෙහි සිනෙරු සමසන්තො ඒ පර්වතයක් හා සමාන සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේ යනු සම්බන්ධයි. වුට්ඨහිත්‍වා සමාධිම්හා යනු නිරෝධ සමාපත්තියෙන් නැගී වෙන්වූ යන අර්ථයි. භික්ඛායමමුපට්ඨිතො යනු පිඬු පිණිස හැසිරෙන වේලාවෙහි අද මට යමෙක් කිසියම් දානයක් දෙයිද ඔහුට මහත්ඵල වේයයි සිතා හුන් මාගේ සන්තිකං උපට්ඨිතො පැමිණි සේක යන අර්ථයි. හරීතකං -පෙ- ඵාරුසක ඵලානිච යනු මෙසේ සියලු ඒ පල සර්වලෝකයට හිතානුකම්පී වූ ඒ සිද්ධත්‍ථ මහර්ෂීන් වහන්සේට මා විසින් අතිශයින් පැහැදුණු සිතින් දෙන ලදී යන අර්ථයි.
තෙවැනි අපදානයෙහි සීහංයථාවනචරං යනු වනයෙහි හැසිරෙන සිංහරාජයකු මෙන් හැසිරෙන සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ යනු සම්බන්ධයි. නිසභාජානීයං යථා යනු උසභය, වසභය, නිසභය, ආසභය යන ගව ජ්‍යෙෂ්ඨයෝ සතරදෙන. ඔවුන්ගේ ආජානීය වූ අභීත වූ නිශ්ඵල වූ උසභ රාජයකු මෙන් යන අර්ථයි. කකුධං විලසන්තං විය යනු මල් පල්ලෙන් සෝභමාන වූ කුඹුක්ගසක් මෙන් නරාසභං නරයන්ට ආසභ වූ උත්තම වූ පැමිණෙන සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ දැක සැදැහැයෙන් යුක්ත බැවින් අතිශයින් පැහැදුණු සිතින් පෙරගමන් කෙළෙමි යන අර්ථයි.
[missing trans]
විසිනවවැනි වර්ග වර්ණනාවයි.
30. චිතකපූජක වර්‍ගය
තිස්වැනි වර්ගයෙහි පළමුවැනි අපදානයෙහි ආහුතිං යිට්ඨුකාමොහං යනු පූජා සත්කාර කරවනු කැමැත්තේ මම නානාපුප්ඵං සමානයිං යනු අනේකප්‍රකාර සපුසල් ආදී මල් සං මැනවින් ආනයිං රැස් කෙළෙමි යන අර්ථයි. සිඛිනො ලොක බන්‍ධුනො යනු සියලු තුන්ලොවෙහි බන්‍ධුස්ස ඥාතී වූ පිරිනිවන්පෑ සිඛී භාග්‍යවතුන් වහන්සේගේ චිතකං ආදාහන චිතකය දර සෑය ජලන්නං දැල්වෙද්දී මා විසින් රැස්කරන ලද මල් ඔකිරිං පූජා කෙළෙමි යන අර්ථයි.