27. ආකාසුක්ඛිපිය වර්ගය
විසිහත්වැනි වර්ගයෙහි පළමුවැනි අපදානයෙහි ජලජග්ගෙ දුවෙ ගය්හ යනු ජලෙ ජලයෙහි හටගත් අග්ර වූ උත්පල ආදී මල් දෙකක් ගෙන බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් එක් මලක් පාමුල නික්ඛිපිං පූජා කෙළෙමි. එක් මලක් අහසට දැමීමි යන අර්ථයි.
දෙවැනි අපදානය ප්රකට ම ය.
තෙවැනි අපදානයෙහි බොධියාපාදපුත්තමෙ යනු උතුම් වූ බෝධි වෘක්ෂයෙහි. අඩ්ඪචාදං මයා දින්නං යනු ඒ බෝධිමූලයෙහි අර්ධ චන්ද්රාකාරයෙන් මා විසින් නොයෙක් මල් පූජාකරන ලද්දේය යන අර්ථයි. ධරණීරුහාපාදපෙ යනු වෘක්ෂ පර්වත රත්න ආදී දරානුයි ධරණී, පෘථුවියයි. ධරණියෙහි රුහති පිහිටානුයි ධරණීරුහ නමි. පාදසංඛ්යාත වූ මුලින් ජලය පානය කෙරේනුයි කඳ අතු ආදියෙහි පැතිරේනුයි පාදප නමි. ධරණීරුහ වූයේ ද හෙම පාදප වූයේ ද ධරණීරුහපාදප නමි. ඒ ධරණීරුහ පාදපයෙහි මා විසින් මලක් පූජා කරන ලද්දේය යන අර්ථයි.
සිව්වැනි අපදානය නො ගැඹුරු ම ය.
පස්වැනි අපදානයෙහි හිමවන්තස්සාවිදුරෙ යනු හිමවතට ආසන්නයෙහි රොමසො නාම පබ්බජිතො යනු රුක්ලිය ගැබින් හෝ හුදෙක් කුසතණ ආදියෙන් ගැවසුණු බැවින් රොමසො නම් පර්වතයක් විය. තස්මිං පබ්බත පාදම්හි යනු ඒ පර්වතය කෙළවර සමණො භාවිතින්ද්රියො පව් නැසූ සන්සුන් කළ කෙලෙස් ඇති සමණො වඩන ලද ඉන්ද්රිය ඇති රැකි චක්ෂු ඉන්ද්රිය ඇති යන අර්ථයි. නැතහොත් වඩන ලද ඉන්ද්රිය ඇත්තේ වඩන ලද ශ්රද්ධා ඉන්ද්රිය ඇත්තේ යන අර්ථයි. ඒ ශ්රමණයන් වහන්සේට මම බිළාලි ආලුවෙ-නෙළුම් අල ගෙන දුනිමි යන අර්ථයි.
සවැනි - සත්වැනි - අටවැනි - නවවැනි - දසවැනි අපදාන නොගැඹුරුමය.
විසිහත්වෙනි වර්ග වර්ණනාවයි.
28. ස්වර්ණබිම්බොහන වර්ගය
විසිඅටවැනි වර්ගයෙහි පළමුවන අපදානය නොගැඹුරු ම ය.
දෙවැනි අපදානයෙහි මනොමයෙන කායෙන යනු සිතට අනුරූප වශයෙන් පැවති කය යන අර්ථයි.
තෙවැනි අපදානයෙහි මහා සමුද්දං නිස්සාය යනු මහා සාගරය ආසන්නයෙහි සිටි පර්වතය අතරෙහි පර්වත ලෙනෙහි යන අර්ථයි. සිද්ධත්ථ භාග්යවතුන් වහන්සේ විවේක කැමැත්තෙන් වසති වාසය කරන සේක යන අර්ථයි. පච්චුග්ගනත්වාන කාසාහං යනු මම ඒ භාග්යවතුන් වහන්සේගේ පටිඋග්ගනත්වා පෙරමගට සමීපයට ගොස් වැඳීම් ආදී පින් කෙළෙමි යන අර්ථයි. චඞ්ගොටක මදාසහං යනු සිද්ධත්ථ භාග්යවතුන් වහන්සේට මම මුලින් බර වූ චඞ්ගොටකං කලඹක් ගොටුවක් ආදාසිං පූජා කෙළෙමි යන අර්ථයි.
සිව්වැනි අපදානයෙහි අකක්කස චිත්තස්ස යනු පරුෂ නොවූ සිතට. අථ ශබ්දය පදපූරණයෙහිය.
පස්වැනි අපදානයෙහි උදුම්බරෙ වසන්තස්ස යනු අත්තික්කා ගස මුල රුක් සෙවනෙහි වසන්නා වූ තිස්ස භාග්යවතුන් වහන්සේට, නියතෙ පණ්ණ සත්ථරෙ යනු නියාමිතෙ එකට බැඳුණු පණ්ණාසන්ථරෙ අතුකැබලි අසුනෙහි වැඩසිටියා වූ. ඵුත්ථොකාසො මයා දින්නො යනු විවිත්තො මණ්ඩපද්වාර ආදියෙන් වසන ලද අවකාශ ඇති එය මයා දින්නො සම්පාදනය කරන ලද්දේය යන අර්ථයි.
සවැනි අපදානයෙහි පොත්ථදානං මයා දින්නං යනු පොත්ථපට්ට පොත්ථජලී හණපට්ට තලා කරන ලද සළුව විසම ගොඵාසුකෙන ගටා නිමවන ලද නූල් ගෙන කපා ඒ නූලින් හිඳිනු පිණිස හෝ බුමුතුරුණු සඳහා හෝ සළුවක් වියවා ඒ සළුව මා විසින් තෙරුවනට දෙන ලදී යන අර්ථයි.
සත්වැනි අපදානයෙහි චන්දභාගා නදීතීරෙ යනු චන්ද්රභාගා නම් නදියෙහි තෙරින් වෙන්වීමෙහි ආධාර විබතයි. අනුසොතං යනු එහි යටිගං බලා වජාමි මම යමි යන අර්ථයි. සත්තමාලුව පුප්ඵානි චිතක මාරොපයිං අහං යනු පෙති සතක් ඇති මාලුව මල්ගෙන චිතකෙ වැලිගොඩෙහි වැල්ලෙන් ස්තූපයක් කොට පූජා කෙළෙමි යන අර්ථයි.
අටවැනි අපදානයෙහි මහාසින්ධු සුදස්සනා යනු සොඳුරු දසුන් සොඳුරු ජලය සුදුවැල්ලෙන් ශෝභමාන වූ බැවින් මනාසේ සිත් ඇදගන්නා මහාසින්ධු නමැති ජලනදියක් විය. තත්ථ ඒ සින්ධු ජලනදියෙහි. සප්පභාසං ප්රභාවෙන් යුක්ත. සුදස්සනං සුන්දර රූප ඇති පරමොපසමෙ යුත්තං උත්තම වූ උපසමයෙහි යෙදුණු හමුවුණු රහතන් වහන්සේ මම දුටුවෙමි යන අර්ථයි. දිස්වාහං විම්හිතාසයො යනු මෙබඳු භයානක වූ හිමවතට කෙසේ පැමිණියේදැයි විම්හිත අජ්ඣාසයො ආශ්චර්ය අද්භූත සිත් ඇත්තේ යන අර්ථයි. ආලුවං තස්ස පදාසිං ඒ රහතන් වහන්සේට මම පහන් සිතැත්තේ අල කැබැල්ලක් ආදරයෙන් දුනිමි යන අර්ථයි.