25. තුවරදායක වර්‍ගය
විසිපස්වැනි වර්ගයෙහි පළමුවැනි අපදානයෙහි භරිත්‍වාතුවරමාදාය යනු තුවරට්ඨි මෑ ඇට වැනි තුවර ඇට තලා පුපුරවා භාජනයකින් ගෙන සංසස්ස වනමැද වෙසෙන සංඝයාට අද්දිං දුනිමි යන අර්ථයි.
දෙවැනි අපදානයෙහි ධනුං ද්වෙජ්ඣං කත්‍වාන යනු මුව ආදීන් මරනු පිණිස දුන්න සාදාගෙන හැසිරෙමින්. තෙසරං ඔසවං දිස්වා යනු මැනවින් මල් පිපුණු කුඩා විලක් දැක. බුද්ධස්ස අභිරොපෙසිං යනු මම සිත පහදවාගෙන වනයට සපැමිණි තිස්ස භාග්‍යවතුන් වහන්සේට අභිරොපෙසිං පූජා කෙළෙමි යන අර්ථයි.
තෙවැනි අපදානයෙහි ජලකුක්කුටො යනු ජාතස්සරයෙහි හැසිරෙන දියසැවුළා. තුණ්ඩෙන කෙසරිං ගය්හ යනු නෙළුම්විලක් මුවතුඩින් ඩැහැගෙන, අහසින් වඩින්නා වූ තිස්ස භාග්‍යවතුන් වහන්සේට අභිරොපයිං පිදුවෙමි යන අර්ථයි.
සිව්වැනි අපදානයෙහි විරවපුප්ඵං පග්ගය්හ යනු විවිධ ලෙස නද කරානුයි ශබ්ද නගානුයි විරවං, හඬ නගන වේලාවෙහි පිපෙන විරවයයි නම් ලද මල් සමූහයක් ආදාය ගෙන සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේට අභිරොපයිං පූජා කෙළෙමි යන අර්ථයි.
පස්වැනි අපදානයෙහි කුටිගොපකො යනු සෙනසුන් පාලකයා. කාලෙන කාලං ධූපෙසිං යනු පැමිණි පැමිණි කාලානුකාලයෙන් ධූපෙසිං දුමින් සුවඳ කෙළෙමි යන අර්ථයි. සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ ගඳකිළිය කාලානුරූප සුවඳ දුමින් සුවඳවත් කළෙමියි කියන ලද්දේ වෙයි.
සවැනි සත්වැනි අපදාන නොගැඹුරුමය.
අටවැනි අපදානයෙහි සත්තසත්තලි පුප්ඵානි යනු සත්තලි සංඛ්‍යාත වූ සත්පෙති දෑසමන් මල් සතක් හිසින්ගෙන වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේට අභිරොපයිං පූජා කෙළෙමි යන අර්ථයි.
නවවැනි අපදානයෙහි බිම්බිජාලික පුප්ඵානි යනු රත්කරව් මල්. සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේට පිදුවෙමි යන අර්ථයි.
දසවැනි අපදානයෙහි උද්දාලකං ගහෙත්‍වා යනු ස්වාභාවික විලෙහි කුරුලු කෙමෙහි හටගත් ඇසල මලක් නෙළා කකුසඳ භාග්‍යවතුන් වහන්සේට පූජා කෙළෙමි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දතහැක්කේ ම ය.
විසිපස්වැනි වර්ග වර්ණනාව නිමියේය.
26. ථොමක වර්‍ගය
විසිහයවැනි වර්ගයෙහි පළමුවැනි අපදානය නොගැඹුරුමය.
දෙවැනි අපදානයෙහි විජහිත්‍වා දෙවවණ්ණං යනු දේවතා ශරීරය විජහිත්‍වා හැරදමා මනුෂ්‍ය ශරීරයක් මවාගෙන යන අර්ථයි. අධිකාරං කත්තුකාමො යනු අධිකකිරියං පින් රැස් කිරීමක් කරනු කැමැත්තේ දේවර නම් වූ මම දේවර භාර්යාව සමග බුද්ධ ශ්‍රේෂ්ඨයින් වහන්සේගේ සසුනෙහි ආදර ඇති බැවින් ඉධ මේ මිනිස්ලොව. ආගමිං පැමිණියේ වෙමි යන අර්ථයි. තස්ස භික්ඛා මයා දින්නා යනු පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ යම් දෙවරනම් ශ්‍රාවකයෙක් වීද, ඒ ශ්‍රාවකයාට මා විසින් අතිශයින් ප්‍රසන්න වූ සිතින් භික්ඛාදින්නා පිණ්ඩපාතය දෙන ලදී යන අර්ථයි.
තෙවැනි අපදානයෙහි ආනන්‍දො නාම සම්බුද්ධො යනු ආනන්‍දං සන්තෝෂය ජනනය කරන බැවින් ආනන්‍ද නම් පසේ බුදුරජාණන් වහන්සේ යන අර්ථයි. අමනුස්සම්හි කානනෙ යනු අමනුෂ්‍යයන් විසින් අරක් ගන්නා ලද කානනෙ මහා වනයෙහි පරිනිබ්බායි අනුපාධිසේස නිර්වාණ ධාතුවෙන් අන්තරධායි නොදැක්මට වැඩි සේක යන අර්ථයි. සරීරං තස්ස ඣාපෙසිං යනු මම දෙව්ලොවින් මේ මිනිස්ලොවට පැමිණ ඒ භාග්‍යවතුන් වහන්සේගේ සිරුර මේ මහවනයෙහි ඣාපෙසිං ආදාහනය කෙළෙමි යන අර්ථයි.
සතරවැනි පස්වැනි අපදාන නොගැඹුරුමය.
සවැනි අපදානයෙහි අහොසිං චන්‍දනොනාම යනු නාමෙන ප්‍රඥප්ති වශයෙන් චන්දන නමි. සම්බුද්ධස්සත්‍රජො යනු පසේ බුදුවන්නට පළමුව උන්වහන්සේගේ අත්‍රජො පුත්‍ර බවට මම පත්වීමි. එකොපාහනො මයා දින්නො යනු පාවහන් යුගලයක් මා විසින් දෙන ලදී. බොධිං සම්මජ්ජ මෙ තුවං යනු පින්වත් පාවහන් යුගලය, මෙ මාගේ ශ්‍රාවක බෝධිය ඔබ හැමද උපදවන්න යන අර්ථයි.
සත්වැනි අපදානයෙහි මඤ්ජරිකං කරිත්‍වාන යනු මදටියමලින් පිරුණු ගොටුවක් ගෙන රථියා වීදියෙහි පිළිපන්නෙමි. මම එසේ පිළිපන්නේ ව භික්‍ෂු සංඝයා පුරක්ඛතං පිරිවරන ලදුව. සමණානග්ගං භික්‍ෂූන්ට අග්‍රවූ ශ්‍රේෂ්ඨ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුටුවෙමි යන සම්බන්ධයි. බුද්ධස්ස අභිරොපයිං යනු ඒ මල දැක දෝතින් ගෙන ඔසවා බුද්ධස්ස ඵුස්ස භාග්‍යවතුන් වහන්සේට අභිරොපයිං පූජා කෙළෙමි යන අර්ථයි.