174. උදපානදායක ථේර අපදාන වර්ණනාව
විපස්සිනො භගවතො ආදි වශයෙන් ආයුෂ්මත් උදපානදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරනම ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් භවයන්හි කරන ලද පින් රැස් කිරීම් ඇත්තේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ මා විසින් පැන් දන් දීමක් කළ යුතුය. එයද නිරතුරු කොට පැවැත්වීමට වටී යයි සිතා එක් ළිඳක් කණවා ජලය සහිත කාලයෙහි උළු ගොඩගසා එහි උඩට ආ ජලයෙන් පිරුණු ඒ ළිඳ විපස්සි භාග්‍යවතුන් වහන්සේට පවරා දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පැන් දන්දීම දැක්වෙන අනුමෝදනාවක් කළ සේක. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උපනුපන් තන්හි පොකුණුළිං පිය පුතු දෑ ආදියෙන් යුක්ත වූයේ සැප අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත් ව සැදැහැ ඇත්තේ පැහැදුණේ පැවිදි ව නොබෝ කලකින්ම රහත් විය.
හේ පසුකලෙක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘විපස්සිනො භගවතො’ යනාදිය කීය. එහි උදපානො කතො මයා යනු මෙහි පැන් බොත්නුයි උදපානො, ළිංපොකුණු තඩාගවලට මෙය සමාන වචනයකි. ඒ උදපානො ළිඳ විපස්සි භාග්‍යවතුන් වහන්සේ සඳහා කතො කණින ලද්දේය යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.
උදපානදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
175. සීහාසනදායක ථේර අපදාන වර්ණනාව
නිබ්බුතෙ ලොකනාථම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් සීහාසනදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිර්වාණය අවබෝධ කිරීම පිණිස කරන ලද පුණ්‍ය ප්‍රත්‍ය ඇත්තේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ගෘහපති කුලයෙහි ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා තෙරුවන්හි පැහැදුණේ ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි සත්රුවනින් කැටයම් කළ සිංහාසනයක් කරවා බෝධිවෘක්‍ෂය පිදුවේය. බොහෝ මල්ගඳ දුමින් ද පිදුවේය.
හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට සැමතන්හි පූජිත වූයේ මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ගෘහවාසයෙහි වසන්නේ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා පහන් සිතැත්තේ ඥාතිවර්ගයා හැර පැවිදි ව නොබෝ කලකින්ම රහත් වී පෙර රැස්කළ පුණ්‍ය සම්භාරය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘නිබ්බුතෙ ලොකනාථම්හි’ යනාදිය කීය. එහි සීහාසන මදාසිං යනු සිංහරූප රන්රුවනින් කැටයම් කළ ආසනය සීහාසන නමි. සිංහයකුගේ හෝ ආශ්චර්යවත් භාග්‍යවතුන් වහන්සේගේ වැඩහිඳීමට සුදුසු වූ හෝ ශ්‍රේෂ්ඨ වූ උත්තම වූ ආසන නුයි සීහාසන වේ. එය මම දුනිමි. බෝධිවෘක්‍ෂය පිදුවෙමි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.
සීහාසනදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
176. මග්ගදත්තික ථේර අපදාන වර්ණනාව
අනොමදස්සී භගවා යනාදි වශයෙන් ආයුෂ්මත් මග්ගදත්තික තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ භික්‍ෂුවද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ අනෝමදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ගෘහවාසය තබා වසන්නේ අනොමදස්සි භාග්‍යතුන් වහන්සේ අහසෙහි සක්මන් කරනුද පාඔසවනවිට සක්මන් කරන ස්ථානයෙහි මල් විසිරෙන අසිරියද දැක පහන් සිතැත්තේ අහසෙහි මල් ඔසවා තැබීය. ඒවා වියනක්ව සිටියේය.
හේ ඒ පිනින් සුගතීන්හිම සැරිසරන්නේ සැමතන්හි පූජිත වුයේ සැප අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලයක ඉපිද ක්‍රමයෙන් යෞවනයට පැමිණ සැදැහැ ඇත්තේ පැවිදි ව පිනින් යුක්ත වූයේ නොබෝ කලකින්ම රහත් බවට පැමිණියේ සක්මන පුදන ලද බැවින් මග්ගදත්තික තෙරුන් වහන්සේ යයි ප්‍රකට වීය. උන්වහන්සේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘අනොමදස්සි භගවා’ යනාදිය කීය. දිට්ඨධම්ම සුබත්‍ථාය යනු මේ ආත්මභාවයෙහි ශරීරගත සුබ ආදී සැප නිසා යන අර්ථයි. අබ්භොකාසම්හි චඞ්කමිං යනු අභ්‍යවකාශස්ථ චඞ්කමිං පාතැබීම, පද සංචාරය කෙළෙමි යන අර්ථයි.