6. උපාලි ථේර අපදාන වර්ණනාව
“නගරෙ හංසවතියා” ආදි කථාවෙන් ආයුෂ්මත් උපාලි තෙරුන්ගේ චරිතාපදානයයි. මෙයද පෙර බුදුවරුන් විෂයෙහි කරන ලද අධිකාරි ඇති, ඒ ඒ භවයෙහි කරන ලද පින්දහම් රැස් කරමින් පදුමුත්තර බුදුරදුන්ගේ කාලයේ හංසවතී නගරයේ භෝග සම්පත් ඇති බ්‍රාහ්මණ කුලයක උපන්නේ, එක් දවසක් ශාස්තෲ සමීපයේ බණ කථා අසන්නා වූ එක් භික්‍ෂුවක් බුදුරදුන් විසින් විනයධරයන් අතර අග්‍ර තනතුරේ තබනවා දැක, ශාස්තෲන්ට විශේෂ කර්මකොට, ඒ තනතුර ප්‍රාර්ථනා කළේය.
ඔහු දිවි ඇති තෙක් කුසල්කොට දෙව් මිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයේ, කරණවෑමි ගෙදරට උපන්නේ, උපාලි යයි ඔහුට නම් කළහ. ඔහු වැඩිවිය පැමිණියේ, අනුරුද්ධ ඡන්න ආදී ක්‍ෂත්‍රියයන්ගේ ප්‍රියමිත්‍රයකු වී, බුදුරදුන් අනුපිය අඹ වනයේ වාසය කරන කල්හි පැවිද්දට නික්මෙන ක්‍ෂත්‍රියයන් සමග නික්ම පැවිදි විය. උන්වහන්සේගේ පැවිදි ස්වභාවය පෙළෙහි සඳහන් පරිදිමය. හෙතෙම පැවිදි වී, උපසම්පදා වී, ශාස්තෲ සමීපයේ කමටහන් ගෙන “ස්වාමීනි, මගේ අරණ්‍යයේ වාසය කිරීම අනුදනිව්” යනුවෙන් කීහ. “භික්‍ෂුව අරණ්‍යයේ වාසය කරනවිට එකම කමටහනක් වඩන්නේය. මා සමීපයේ වාසය කරනවිට විදර්ශනා ධුරයද, ග්‍රන්ථ ධූරයද පරිපූර්ණ කරන්නේය. හෙතෙම ශාස්තෲ වචනය පිළිගෙන විදර්ශනා පිණිස වැඩකරන්නේ නොබෝ කලකින්ම අර්හත් බවට පත්විය. ශාස්තෲන් වහන්සේද, ධර්ම තෙමේම සියළු විනය පිටකය ඉගැන්වීය. උන්වහන්සේ පසුකාලයේ භාරුකච්ඡ වස්තු වූ අජ්ජුක වස්තුව, කුමාරකස්සප වස්තුව වශයෙන් මේ තුන්වස්තු විනිශ්චය කළේය. ශාස්තෲන් වහන්සේ එක එක විනිශ්චයේ සාධුකාර දී, විනිශ්චය තුන විභාග කොටබලා තෙරුන් විනයධරයන් අතර අග තනතුරේ තැබීය.
මෙසේ උන්වහන්සේ අග්‍ර ස්ථානයට පැමිණ තමන්ගේ පූර්ව කර්මයන් සිහිකොට සොම්නසට පැමිණියේ, ඒ පූර්ව චිතාපදානය ප්‍රකාශ කරන්නේ, නගරෙ හංසවතියා යනාදිය පැවැසීය. එහි හංසවති යනු හංසයන්ගේ ආකාරයෙන් වටකරන ලද ප්‍රාකාර ඇත්තේ යම් නගරයකද, ඒ නගරය හංසවතී නම් වේ. නැතහොත් අනේකාකාර හංසයෝ පොකුණු විල්තෙර ආදියෙහි වාසය කරන්නාහු, ඔබිමොබ දුවමින් වාසය කරති. මේ නිසා හංසවතී නම් වේ. සුජාතො නාම බ්‍රාහ්මණො මැනවින් උපත ලද බැවින් සුජාත නම් වේ. “අක්ඛිත්තො අනුපකුට්ඨො” යන වචනයෙන් ගර්හාවට ලක් නොකර උපන්නේ යන අර්ථයි. අසීතිකොටි නිචයො යනු අසූකෝටියක් ධනය ඇති පහුතධනඤ්ඤවා අප්‍රමාණ ධන ධාන්‍යවලින් උපන් බ්‍රාහ්මණ සුජාත නම් විය යන සම්බන්ධයි.
යළිත් එහිම මහත් බව දක්වමින් “අජ්ඣායකො” යනාදිය කීවේය. එහි අජ්ඣායකො යනු අනුන්ගේ වේදත්‍රය ආදි වන මාර්ගයයි. මන්තධරො යනු ප්‍රඥාවට මන්ත්‍ර යයි කියනු ලැබේ. අථර්වන්වේද ව්‍යාකරණ දැනගැනීම ආදිය ප්‍රඥාවන්තයා යයි ලක්ඛණෙ යනු ලක්‍ෂණ ශාස්ත්‍රයයි. බුදු පසේබුදු චක්‍රවර්ති, ස්ත්‍රී පුරුෂ අත් පාවල පෙනෙන ලක්‍ෂණ ප්‍රකාශ කරන ග්‍රන්ථයේද යන අර්ථයයි. ඉතිහාසෙ යනු මෙසේ වීය. මෙසේ වූයේය යනුවෙන් පුරාණ අර්ථ ප්‍රකාශ කරන ග්‍රන්ථයෙහි වේ. සධම්මෙ යනු ස්වකීය ධර්මය බ්‍රාහ්මණ ධර්මයෙහි පාරමිංගතෙ කෙළවරට ගියේය යන අර්ථයයි.
පරිබ්බජා යනු නිඝණ්ඨ ශ්‍රාවකයෝය. ඒ සියල්ලෝ නොයෙක් දෘෂ්ටි ඇත්තේ එකල මහියා ෂට් තලයේ හැසිරෙත් යන සම්බන්ධයයි.
යාව යම්පමණ කාලයක් බුදුරද නූපදීද ඒතාක් බුද්ධොති වචනං නත්‍ථි යන අර්ථයයි.
අච්චයෙන අහොරත්තං යනු දිවා රාත්‍රිය දැන දිවා රාත්‍රී නම් වේ. වර්ෂයක් ඉක්මවන්නේය යන අර්ථයයි. සෙස්ස විශේෂයෙන් දතයුතුය.
මන්තාණි පුත්තො යනු මන්තාණි නම් වූ කරණවෑමි දියණියකගේ පුතෙකි. මාස පිරුණු බැවින් ද, දවස පිරුණු බැවින් ද ලබන ලද නාමයක් ඇත්තේය යන අර්ථයයි. ඒ ශාස්තෲහුගේ ශ්‍රාවකයා හෙස්සති වන්නේය යන සම්බන්ධයයි.
එවං කිත්තයි සො බුද්ධො යනු ඒ පදුමුත්තර බුදුරදුන් මෙසේ මේ ආකාරයෙන්, සුනන්දං සුන්දර ආකාරයෙන් සොම්නස්දායක වූ කිත්තයි විවරණ දුන්නේය යන අර්ථයි. සබ්බං ජනං සියලු ජන සමූහයා හාසයන්තො සොම්නස් බව පළ කරන්නේ සකං බලං තමන්ගේ හාසයන්තො සොම්නස් බව පළ කරන්නේ සකං බලං තමන්ගේ බලය දස්සයන්තො ප්‍රකට කරන්නේය යන සම්බන්ධයයි.
ඉන් අනතුරුව තමන්ගේ ආනුභාවය අන් ආකාරයෙන් දක්වන්නේ, කතඤ්ජලි යනාදිය කීහ. තදා ඒ බුද්ධෝත්පාද කාලයේ පෙරකාලයේ සුනන්ද තාපසයා කරන ලද ඇඳිලි බැඳ ඇත්තේ සියළු විනයෝ නමස්කාර කරත් යන සම්බන්ධයයි. බුද්ධෙකාරං කරිත්‍වා නා යනු මෙසේ ඔහු සියළු ජනතාව පුදන ලද්දේ සමාන පුදන ලදිමි මානයක් නොකොට බුද්ධ ශාසනයේ, අධික කෘත්‍යකොට තමන්ගේ ගතිං සොධෙසි පිරිසිදු කළේය යන අර්ථයයි.
සුත්‍වාන මුනිනො වචං යනු ඒ සම්මා සම්බුදුරදුන්ගේ වචනය ගාථා බන්ධනයේ යහපතට ‘ආ’ කාරයට හ්‍රස්වකොට ‘වචං’ යනුවෙන් කියන ලදි. අනාගතයේ මාර්ගයේ ගෝතම නම් ශාස්තෲ ලොව පහළ වන්නේ යයි, මේ මුනිවරයාගේ වචන අසා, යථා යම් ආකාරයෙන්. ගොතමං භාග්‍යවතුන් දකිමි ඒ ආකාරයෙන් අධික කටයුතු පුණ්‍ය සම්භාරයයි. කස්සාමි කරන්නෙමි. මෙ මගේ සංකප්පො චේතනා මෙනෙහි කිරීම අහු විය යන සම්බන්ධයයි.