5. පූර්ණ ථේර අපදාන වර්ණනාව
අජ්ඣායකො මන්තධරො යනාදී කොට ඇති ආයුෂ්මත් පුණ්ණමන්තානි පුත්ත තෙරුන්ගේ චරිතයයි. මෙයද පෙර බුදුවරුන් විෂයෙහි කරන ලද ප්රාර්ථනා ඇත්තේ ඒ ඒ භවවල හටගත් වාසනා ගුණයෙන් පින්දහම් රැස් කරන්නේ පදුමුත්තර බුදුරදුන්ට පෙරදීම හංසවතී නගරයේ බ්රාහ්මණ මහසල් කුලයක උපත ලබා අනුපිළිවෙලින් ප්රාඥ බවට පත්වූයේය. පසුකාලයේ පදුමුත්තර බුදුරදුන් ඉපිද අවබෝධ කළ යුතු සත්ත්වයන්ට ධර්මදේශනා කරන කල්හි, යට සඳහන් අයුරින්, මහජනයා සමග විහාරයට ගොස්, පිරිස කෙළවර හිඳ බණ අසන්නේ, ශාස්තෲන් එක් භික්ෂුවක් ධර්ම කථිකයන් අතර අග්ර ස්ථානයේ, තබනවා දැක “මා විසින්ද අනාගතයේ මෙබඳු ආකාර වීමට වටනේ යයි” සිතා දේශනාවසානයේ නැගී සිටි පිරිස අතරින් ශාස්තෲන් වහන්සේ වෙත එළඹ ආරාධනාකොට යට සඳහන් අයුරින් මහත් සත්කාරකොට බුදුරදුන්ට මෙසේ කීවේය. “ස්වාමීනි, මම මේ ආකාරයෙන් වෙනත් සම්පතක් නොපතමි. යම්සේ මේ භික්ෂුව, සත්වෙනි දවසකට ඉහත නුඹ වහන්සේ විසින් ධර්මකථිකයන් අතර අග්ර ස්ථානයේ තබන ලදි. එසේ මමද අනාගතයේ එක බුදුවරයකුගේ ශාසනයේ, ධර්මකථිකයන් අතර අග්ර වන්නෙමියි, ප්රාර්ථනා කළේය. ශාස්තෲන් වහන්සේ අනාගතය ලා ඔහුගේ ප්රාර්ථනාව සමෘද්ධ වන බව දැන “අනාගතයේ කල්ප ලක්ෂයක් මස්තකයේ ගෝතම නම් ධර්ම කථිකයන්ගේ අග්ර බවට පත්වන්නේ යයි විවරණ දුන් සේක.
ඔහු ආයුෂ ඇති පරිදි යහපත් වැඩ කොට ඉන් චුතවී කල්ප ලක්ෂයක් මුළුල්ලේ පුණ්ය සම්භාර ධර්මයන් රැස්කරමින් දිව්ය-මනුෂ්ය ලෝකවල සැරිසරා, අපගේ භගවත්හු කාලයේ කපිලවස්තු නගරයට නුදුරු දෝණවත්ථු නම් බ්රාහ්මණගම බමුණු මහසල් කුලයක අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන්ගේ බෑණා කෙනෙකු වී උපන්නේය. ඔහුට පුණ්ණ යයි නම් කළහ. හෙතෙම බුදුරදුන් අභිසම්බෝධියට පැමිණ, පවත්වන ලද උතුම් ධර්මචක්රය ඇත්තේ, අනුපිළිවෙලින් රජගහනුවර ඇසුරුකොට වාසය කරන්නේ, අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන් සමීපයේ පැවිදිවී ලබන ලද උපසම්පදා ඇත්තේ ප්රධන් වීර්යය වඩන්නේ, සියලු පැවිදි කිස මුදුන් පමුණුවා, දසබල බුදුරදුන් වෙත යන්නෙමියි, යන කල්හි, මා තුළ තෙරුන් (මාමා) සමග ශාස්තෲ සමීපයට අයුත්, කපිල වස්තුව හෝ විසඳීම නැවතී යෝනිසෝ මනසිකාරයෙන් ක්රියා කරමින් නොබෝ දිනකින්ම විදර්ශනා නංවා රහත් ඵලයට පැමිණියේය.
ඒ පුණ්ණ තෙරුන් සමීපයේ පැවිදි වී කුලපුත්රයෝ පන්සියයක් වූහ. තෙරුන් ඔවුන්ට දසකථා වස්තුවෙන් අවවාද කළ සේක. ඒ සියල්ලෝ, දසකථා වස්තුවෙන් අවවාද ලබා, ඒ අවවාදයේ පිහිටා අර්හත්ඵලයට පැමිණ, තමන්ගේ පැවිදි කිස, මස්තකප්රාප්ත බව දැන, උපාධ්යායන් වෙත එළඹ කීවාහුය. “ස්වාමීනි, අපි පැවිදිකිස මුදුන්පැමිණියෝ වෙමු. දසකථාවස්තු ලැබුවෝ වෙමු. අපට දැන් බුදුරදුන් දැකීමට සුදුසු කාලයයි යනුවෙනි. තෙරුන් ඔවුන්ගේ වචන අසා සිතූහ. “මගේ දසකථාවස්තු ලැබූ බව බුදුරද දනියි. මම දහම් දෙසමින්, දසකථාවස්තු නොමුදාම දේශනා කරමි. මා යන කල්හි, මේ සියළු භික්ෂූහු මා පිරිවරා යන්නාහ. මෙසේ මා සමූහයා සමග බුදුරදුන් දැකීමට යාම නුසුදුසුය. මේ පිරිස බුදුරද දැකීමට යත්වා’යි ඉක්බිති ඔවුහු මෙසේ ඇවැත්නි, නුඹලා පෙරටුව ගොස් බුදුරදුන් බලහු. මගේ වචනයෙන් තථාගත පා වඳිහු. මමද නුඹලා යන මාර්ගයෙන්ම පැමිණෙන්නෙමි. ඒ සියල්ලෝ බුදුරදුන් උපන් භූමියේ, වාසය කරන, සියළු ක්ෂීණාශ්රවයෝ, සියල්ලෝ කසකථා වස්තුලාභීහු, උපාධ්යායගේ වචනය නොසිඳ, අනුපිළිවෙලින් චාරිකාවේ හැසිරෙමින්, සැටයොදුන් මගගෙවා, රජගහනුවර වේළුවන මහා විහාරයට ගොස් දසබලයන්ගේ පා වැඳ එකත්පසක හුන්හ. සුපුරුදු ලෙසින්ම භාග්යවත් බුදුරදුන් ආගන්තුක භික්ෂූන් සමග පිළිසඳර කථා කරනු කැමැත්තෝ, භාග්යවතුන් වහන්සනේවහන්සේ සමග මහණෙනි, කිම පහසු විහාරයෙන්දැයි ආදි ලෙසින් මිහිරි ලෙස පිළිසඳර කථාකොට, “මහණෙනි, නුඹලා කොහි සිට පැමිණියෙහුදැයි විචාරා, ඔවුන් විසින් “උපන්බිමේ සිට” යයි කී කල්හි, මහණෙනි, උපන් බිම යනු කවරක්ද? සබ්රහ්මචාරී භික්ෂූන් මෙසේ අදහන ලද්දේ තමන් විසින්ද, අල්පේච්ඡව, අල්පේච්ඡ කථා ඇතිව, භික්ෂූන් කරන ලද්දේ යයි, දස කථාවස්තුලාභී භික්ෂූව විචාළේය. උන්වහන්සේලා ද, ස්වාමීනි, පුණ්ණ, ආයුෂ්මත් මන්තානිපුත්ත යයි ද දැන්වූහ.