4. අනුරුද්ධ ථේර අපදාන වර්ණනාව
සුමේධ භගවන්තාහං යන ආදිය ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේ චරිතයයි. මෙයද පෙර බුදුවරුන් විෂයෙහි කරන ලද ආධිකාර ඇත්තේ, ඒ ඒ භවයේ පින්කම් රැස්කෙරෙන්නේ පදුමුත්තර භාග්යවතුන්ගේ කාලයේ බොහෝ සම්පත් ඇති කෙළෙඹි කුලයක උපන්නේය. වැඩිවිය පැමිණ, එක් දිනක් විහාරයට ගොස් ශාස්තෲ සමීපයේ බණ අසමින් බුදුරදුන් විසින් එක් භික්ෂුවක් දිව්ය චක්ෂුධර භික්ෂූන් අතර අග්ර තනතුරේ තබනවා දැක තමා ඒ තනතුර ප්රාර්ථනා කොට ලක්ෂයක් භික්ෂූන් පිරිවරා බුදුරදුන්ට සත් දිනක් මහදන් පවත්වා, සත්වෙනි දිනයේ භගවත්හු හට හා භික්ෂු සංඝයාට උත්තම වස්ත්ර දන්දී ප්රාර්ථනාව කළේය. ශාස්තෲන් වහන්සේද, ඔහුගේ අනතුරුව පැතුම සමෘද්ධ වන බව දැක ‘අනාගතයේ ගෞතම සම්මා සම්බුදුරදුන්ගේ ශාසනයේ, දිවැස් ඇති භික්ෂූන්ගේ අග්ර තනතුර, වන්නේ යයි විවරණ කළසේක. ඔහුද එහිදී පින් කරන්නේ බුදුරදුන් පිරිනිවන්පෑ කල්හි, සත් යොදුනක් දුර ස්වර්ණ ථූපයක බොහෝ රන් පේළිවලින් යුතු පහන් රුක්වලින්, පහන් පැල්වලින්ද යුතුව “දිබ්බචක්ඛු ඤාණය පහළ වේවා” යයි උදාර වූ ප්රදීප පූජාවක් කළේය. මෙසේ දිවි ඇති තෙක්, පින්කම්කොට, දෙව්මිනිස් ලෝකවල සැරිසරන්නේ, කස්සප බුදුරදුන්ගේ කාලයේ බරණැස කෙළෙඹි නිවස ඉපදී, ප්රඥාවන්ත වූයේ, ශාස්තෲන් වහන්සේ පිරිනිවන්පා කල්හි, නිමවූ කල යොදුනක රන්ථූපයක් බොහෝ ස්වර්ණ පහන්වල ගිතෙල් පුරවා, මැද වෙන වෙනම උක්සකුරු බෝලය බැගින් තබා, මුවෙන් මුව පහන්වැටි ස්පර්ශ කරමින්, චෛත්යය වටකොට තැබීය. තමා විසින් ගන්නා ලද, රන් පහන්වල ගිතෙල් පුරවා දහසක් පහන් තිරවලින් දල්වා හිසේ තබා, මුළු රාත්රියම චෛත්යය වටා සැරිසැරීය.
මෙසේ ඔහු ඒ ආත්මභාවයේ දිවි ඇතිතෙක් කුසල කර්මකොට දෙව්ලොව ඉපිද, එහි ආයුෂ ඇති පරිදි සිට ඉන් චුතව බුදුරදුන් උපන් කල්හි, බරණැසම දුප්පත් කුලයක උපන්නේය. අන්නභාරතිස්ස යයි නම් විය. හෙතෙම සුමන නම් සිටුතුමාගේ ගෙදර වැඩකරමින් ජීවත් වෙයි. එක දවසක් හෙතෙම උපරිට්ඨ නම් පසේබුදුරද, නිරෝධ සමවතින් නැගිට ගන්ධමාදන පර්වතයෙන් අහසින්ම අවුත් බරණැස නගර මැදට බැස, සිවුර පොරවා, නගරයේ පිඬු පිණිස හැසිරෙනු දැක, ප්රසන්න මනසින් පාත්රය ගෙන තමන් සඳහා තබන ලද, බත් කොටස, පාත්රයට දමා, පසේ බුදුරදුන්ට දීමට පටන් ගත්තේය. ඔහුගේ බිරිඳද තමාගේ බත් කොටසද දැමීය. ඔහු එය රැගෙන ගොස්, පසේ බුදුරදුන්ගේ අතේ තැබීය. පසේ බුදුරද එය ගෙන. අනුමෝදනාකොට පෙරළා ගියේය. එදවස සුමන සිටුතුමාගේ කුඩයට අධිපති දේවතාවා “අහො දානං පරමදානං උපරිට්ඨෙ සුප්පතිට්ඨිතං” යනුවෙන් මහා ශබ්දයෙන් අනුමෝදනාව අසා, සුමන සිටුතුමා මෙසේ දේවතාවට අනුමෝදන් කිරීමට මෙයම උතුම් දානය යයි සිතා පාත්රය ඉල්ලීය. අන්නභාර ඔහුට පාත්රය දුන්නේය. ඉන් පැහැදුණු සිත් ඇති සුමන සිටු ඔහුට දහසක් දී, මෙතැන් පටන්, ඔබට අර්ථයෙන් ක්රියා කිරීමේ වැඩක් නැත. සුදුසු වාසයට ගැලපෙන ගෙයක් කොට, නිතර වාසය කරවයි කීවේය.
යම්හෙයකින් නිරෝධ සමාපත්තියෙන් නැගිටි පසේබුදුරදුන්ට දෙන ලද පිණ්ඩපාතය එදවසම උදාර විපාක ගෙන දෙයි. එහෙයින් සුමන සිටු රජුගේ සමීපයට යන්නේ ඔහු රැගෙන ගියේය. රජු වනාහි ඔහු දෙස සාදරයෙන් බැලීය. සිටුතුමා, “මහරජතුමනි, මෙතෙම “බැලිය යුත්තෙකැයි” පවසා එදින ඔහු විසින් කරන ලද කර්මය තමා විසින් ඔහුට දහසක් දුන් බව කීවේය. ඒ අසා, රජු ඔහුට සතුටු වී, දහසක් දී, අසවල් තැන, ගෙයක්කොට වාසය කරවයි. ඔහුට ගෙට යාමට අණ කළේය. ඔහුගේ ඒ ස්ථානය සෝදා පිරිසිදු කළ කල්හි මහත් වූ ධනය පිරවූ කලගෙඩි පහළ වූහ. ඔහු එය දැක රජුට දැන්වීය. රජු සියළු ධනය උදුරාගෙන රැස්කොට “මෙපමණ ධනය මේ නගරයේ කවර ගෙදරට අත්දැයි ඇසීය. දේවයන් වහන්ස, කිසිවකුට නැත. එසේ වී නම් අන්නභාර මේ නගරයේ මහා ධන සිටු නම් වේවා’යි, එදවසම ඔහුට සිටු කුඩය එසවීය.
ඒ සිටුතුමා දිවි ඇති තෙක්, යහපත් වැඩ කොට දෙව්ලොව උපන්නේ, දීර්ඝ කාලයක් දෙව්මිනිස් ලොවවල සැරිසරා අපගේ බුදුරදුන් උපන් කල්හි, කපිලවස්තු නගරයේ සුක්කොදන නම් ගෙදර පිළිසිඳ ගත්තේය. ඔහු උපන් කල්හි අනුරුද්ධ යයි නම් කළහ. ඔහු මහානාම සක්විතිගේ කනිෂ්ට සොයුරු, බුදුරදුන්ගේ සුළුපියා වූ පුතු වූයේ ඉතාම සියුමැලිය. මහත් පින් ඇත්තෙකි. රත්රන් භාජනයකම ඔහුට බත ඉපදවීය. ඉක්බිති ඔහුගේ මව එක දවසක් “මගේ පුතා නැතැයි” පියවරක් නොදනියි. ඔහු ගැන දැනගන්නෙමියි, සිතා එක් රජු වර්ණ සැළියක් හිස්බව දැන, රන් පියනින් වසා, ඔහුට යැවීය. අතරමග දේවතාවෝ එය දිව්ය කැවුම්වලින් පිරවූහ. මෙසේ මහපිනැති, සෘතු තුනට ගැලපෙන ප්රාසාදවල ලස්සන නාටිකාංගනාවන් පිරිවරාගෙන දෙවියකු මෙන් මහා සම්පත් වින්දේය.