2. මහමුගලන් ථේර අපදාන වර්ණනාව
අනොමදස්සි භගවා යන ආදියෙන් ආයුෂ්මත් මහා මොග්ගල්ලාන අපදානය වේ. මේ තෙරුන්ද පෙර බුදුවරුන් විෂයෙහි කරන ලද අධිකාර ඇත. ඒ ඒ භවයෙක්හි පෙරළෙමින් අවුත් පින් රැස්කරන්නෝ අනොමදස්සි බුදුරදුන්ගේ කාලයේ යැයි සාරිපුත්ත තෙරුන්ගේ ධර්ම සේනාපතිව තෙරුන් පැවිදි වූදා පටන් සත්වන දිනයේ මගධ රටේ කල්ලවාලගාමකං ඇසුරුකොට ශ්රමණය දහම් කරන්නේ සිත්-සිතිවිලි උදාසීනකම පිටකරන්නේ ශාස්තෲන් වහන්සේ “මොග්ගල්ලාන ඔබගේ උත්සාහය පහත්කොට නොවේවා!” ආදියෙන් නම් සංවේගයට පත්වූයේ, ථීන-මිද්ධ දුරුකොට බුදුරදුන් කියනු ලබන ධාතු කමටහන් අසන්නේ විදර්ශනා පටිභායෙන් මතු මා අගත්රයට පැමිණ අග්ර ඵලය වූ ශ්රාවක ඤාණය මස්තකප්රාප්ත විය.
මෙසේ දෙවෙනි ශ්රාවක භාවයට පැමිණ ආයුෂ්මත් මහාමුගලන් මහා මොග්ගල්ලාන තෙරුන් වහන්සේ පෙර කර්ම ආදිය සිහිපත් සිහිකොට සොම්නස් වශයෙන් සහගත වශයෙන් පළමුව පූර්ව චාරිකා පූර්ව චරිත අපදානය ප්රකාශ කරමින් අනොමදස්සි භගවා ආදිය කීවේය. එහි ලාමක නොවන නිසා අලාමක දර්ශනය බැලීම ඔහුට ඇත්තේනුයි අනොමදස්සි නම් වේ. උන්වහන්සේට දෙතිස්මහා පුරුෂ ලක්ෂණයෙන් අලංකාර වූ ශරීරයක් ඇති බැවින් මුළු දවසම, මුළු මාසයම, මුළු අවුරුද්ද පුරාම අවුරුදු ලක්ෂයක් පමණ පැහැදුණා වූ දේව මනුෂ්යයන්ට අතෘප්තිකරව පෙනෙත් ළාමක නොවූ අලාමක නිර්වාණ දර්ශනයේ ඇලුණේනුයි හෝ අනොමදස්සි යන නම් ලද, භාග්යවන්ත කාරණාවලින් භගවා නම් වේ. ලොකජෙට්ඨො යනු මුළු සත්ත්වලෝකයට ජ්යෙෂ්ඨ ප්රධාන වේ. අසහාය ශ්රේෂ්ඨත්වයෙන් යුක්ත බැවින් ශ්රේෂ්ඨ නරයා වන බැවින් නරාසභ නම් වේ. ඒ ලෝක ජ්යෙෂ්ඨ වූ නරාසභ වූ අනොමදස්සි භාග්යවත්හු දෙවසංඝපුරක්ඛතා දිව්ය සමූහයා විසින් පිරිවරන ලදුව, හිමාලයේ බැබලුණු සේක යන සම්බන්ධයයි.
යම්කලෙක දෙවෙනි ශ්රාවක භාවයට දෙවෙනිවර ප්රාර්ථනා කළේය. එකල නමින් වරුණ නම් මම නාගරාජ වී උපන්නේ වී යන අර්ථයයි. එබැවින් කියන ලදි. “වරුණො නාම නාමෙන නාගරාජා අහං තදා” යනුවෙනි. කාමරූපි යනු යම් කාම වස්තුවක් කැමැති වීද, නිර්මාණශීලී වූයේද, විකුබ්බාමී යනු විවිධ සෘද්ධි ප්රාතිහාර්ය කරමි. මහොදධි නිවාසභං යනු මදටිය පාට නාගසේ භූමිගත වූ නාගයෝ පර්වතවාසී නාගයෝ ගංගා ආශ්රිත නාගයෝ සමුද්රවාසී නාගයෝ යනුවෙන් මේ නාගයන් අතර මහමුහුදුවැසි නාගයකු වූ මම මහා සාගරයෙහි සමුද්රයෙහි වාසය කළෙමි යන අර්ථයයි.
සංගණියං ගණං හිත්වා යනු නිතර පිරිවර සහිතව, සිය පිරිවරින් යුතු නාග සමූහයා නිර්වාණශීලී වී, තුරියංපට්ඨපෙසභං යනු මම තූර්යනාද කළෙමි. පැවැත්වූයෙමි යන අර්ථයයි. සම්බුද්ධං පරිවාරෙත්වා යනු අනොමදස්සි සම්බුදුරදුන් හාත්පස සේවනය කරනු ලබන්නේ, අච්ඡරා නාග මානවිකාවෝ වාදෙසුං දිව්ය වාදනයෙන්, ගීත වාක්යවලින් වාද කළහ. ලබන ලද අනුරූප පරිදි පැවැත්වීම කළහ. තදා යන අර්ථයයි.
වජ්ජමානෙසු තුරියෙසු මනුෂ්ය නගරයේ පංච තූර්යනාදය පවත්වන කල්හි, දෙවාතුරියානි වජ්ජයුං යනු චාතුර්මහාරාජික දෙවිවරු දිව්ය තූර්යනාද පැවැත්වූහ. වාදනය කළහ යන අර්ථයයි. උභින්නං සද්දං සුත්වාන යනු දේව මනුෂ්ය යන දෙපාර්ශවයේම භේරිනාදය අසා තුන්ලොවට ගුරුවූ අසහාය බුදුරදුන් සම්පබුජ්ඣථ දනියි අසයි යන අර්ථයයි.
නිමන්තයිත්වා සම්බුද්ධං යනු ශ්රාවක සංඝයා සහිත සම්බුදු රදුන්ට හෙට දවස සඳහා නිමන්තයිත්වා ආරාධනාකොට සකභවනං යනු තමන්ගේ නාග භවනයට උපාගමිං ගොස් ආසනං පඤ්ඤාපෙත්වාන යනු රාත්රීස්ථාන, දිවාස්ථාන, කූට මණ්ඩප නිදන හිඳින තැන් පනවා-සරසවා යන අර්ථයයි. කාල මාරොචයිං අහං යනු මෙසේ කරන ලද පූර්ව විධි විධාන ඇත්තා වූ මම “ස්වාමීනි, බත් සඳහා වැඩසිටීමට කාලය යයි” කාලය දැනුම් දුනිමි. දැනුවත් කළෙමි.