පසේ බුදුවරුන්ගේ සංවර්ණනාව
ඉක්බිති අනතුරු අපදානය සංගායනා කරමින් පසේබුදුවරුන්ගේ අපදානය, ඇවැත්නි ආනන්දය, භාග්යවතුන් වහන්සේ විසින් කොතනකදී පනවන ලද්දේද, විමසන්නේ අථ පච්චෙක බුද්ධාපදානං සුණාථ යනුවෙන් කීවේය. ඒ අපදාන අර්ථ යට කියන ලද්දේමය.
අසව් යයි කියන ලද උපත නිමාව වශයෙන් ප්රකාශ කරන්නේ තථාගතං ජේතවනෙ වසන්තං යන ආදිය කීවේය. එහි ජේත කුමාරයාගේ නම් වශයෙන් එසේ හඳුනාගත් විහාරයෙහි සතර ඉරියව්වලින් වාසය කරන, දිව්ය බ්රහ්ම ආර්යන් විසින් විහරණය කරන බැවින් වාසය කරන බැවින් වාසය කරන්නේ පෙර පරිදි, විපස්සි ආදි සම්මා සම්බුදුවරු සමතිංසත් පාරමී දම් පුරා ආවේය. එසේ අපගේ බුදුරදුන්ද, ආවේ යයි තථාගතො = එයට තථාගතං ජේතවනයේ වාසය කරත් යන සම්බන්ධයයි. වෙදෙහමුනි යනු විදේහ රටෙහි උපන් ඒ දේවියගේ පුත්ර විදේහපුත්ත මුනිවරයා යයි කියනු ලැබේ. ඔහුට ඤාණය පවතින නිසා මුනි නම් වේ. වේදෙහි පුත්ර වූයේත් ඔහු මුනි වූයේත් - වෙදෙහි පුත්තමුනි යයි දතයුතුයි. වණ්ණාගමො යන ආදියෙන් නිරුක්ති න්යායෙන් ඉකාරයට කෙළවර පුත්ත ශබ්දයට ලොප්කොට වේදේහ මුනි යයි කියන ලදී. “මහණෙනි, මගේ ශ්රාවකයන් අතර ප්රඥාවන්ත ගතිමන්ත, ධෛර්ය සම්පන්න, බහුශ්රැතයන් අතර උපස්ථායන අතර ආනන්ද තෙරුන් අග්ර වේ” මෙසේ අග්ර තනතුරේ තබන ලද, ආයුෂ්මත් ආනන්ද තෙරුන් ස්වාමීනි, පසේ බුදුවරුන් කෙබඳු ආකාර වෙත්දැයි විචාරණ ලදී යන සම්බන්ධයයි. ඒ පසේ බුදුවරු කුමන කාරණාවලින් කවර හේතුවලින් භවන්ති හටගනිත්ද? ධීරා යනු භාග්යවතුන්ට ආමන්ත්රණය කරයි.
ඉන් අනතුරුව විස්තර කරන ලද ආකාරය දක්වමින් තදාහ සබ්බඤ්ඤුතවරො මහෙසි යන ආදිය කීවේය. සියළු අතීතාදි භේදය අතට ගත් නෙල්ලි ගෙඩියක් මෙන් දනියි යනුවෙනි. සබ්බඤ්ඤු සර්වඥතාවයෙන් හෙතම උතුම්ය යනුවෙන් සබ්බඤ්ඤුවරො නම් වේ. මහත් සීලස්කන්ධයකින් සමාධිස්කන්ධයෙන්, ප්රඥා ස්කන්ධයෙන්, විමුක්ති ස්කන්ධයෙන් මහත් විමුක්ති ඤාණ දර්ශනස්කන්ධ මෙතම ගවේෂණය කරයි යනු මහේසි නමි. ආනන්ද භද්දං මධුරස්සංරණ එකල එය විමසූ කල්හි කීවේය යන සම්බන්ධයයි. පින්වත් ආනන්ද, යෙ ඒ පසේ බුදුවරු සියළු බුදුවරුන් අතර අතීත බුදුවරුන් අතර කථාධිකාරා කරන ලද පුණ්යසම්භාරයෙන් යුක්ත ජින සාසනෙසු අලද්ධමොක්ඛා නොපතන ලද නිර්වාණය ඒ සියළු පසේ බුදුවරු ධීරයෝය. මේ මේ ලෝකයෙහි සංවෙගමුඛෙන එක පුද්ගලයෙකු ප්රධානකොට පසේ බුදුවරු දනියි යන අර්ථයයි. සුතික්ඛ පඤ්ඤා සියුම් සියුමැලි ප්රඥාව, විනාපි බුද්ධෙහි බුදුවරුන්ගේ අවවාද අනුශාසනා රහිත ඉක්බිති පරිත්තකෙනාපි අප්රමාද අයකු විසින් ආරම්මණෙනාපි ප්රත්යෙක බෝධිය පෝෂණය කොට ලත් බෝධිය සම්මා සම්බුදුවරුන්ගේ අතුරුබෝධියයි. අනුපාප්රණං යනු අවබෝධ කරගනිත්.
සබ්බම්හි ලෝකයෙහි සියළු තුන්ලෝකයෙහි. මමං ඨපෙත්වා මා හැර පසේ බුදුවරුන් කෙරෙන් සමවූ සමාන වූම මහා මුනිවරුන්ගේ මේ වර්ණය මේ හැඩය ගුණය, ඒ පසේ බුදුවරුන්ට නැත. පදෙසමත්තං සංක්ෂේප මාත්රයෙන් මම නුඹලාට යහපතක් කියමි. කියන්නෙමු යන අර්ථයයි.
ආචාර්යවරයෙකු නොමැතිව තෙමේම බුද්ධත්වය තෙමේම අවබෝධ කරගත් බැවින් සෘෂිවරුන් අතර මහාසෘෂි වූ. මධුවඛුද්දං කුඩා මීවදයක් මෙනි. සාදූනි මිහිරි වූ. වාක්යානි උදානි වචනයෝ. අනුත්තරං උත්තර නැත. භෙසජ්ජං ඖෂධ නිවන. පත්ථයන්තා කැමතිවන්නා වූ නුඹලා සියල්ල සුපසන්නචිත්තා මැනවින් පිහිටි මනසා මෙනෙහි කරවු! යන අර්ථයයි. සමාගතානං රැස්වුනා වූ උපන්නා වූ.
පච්චෙකබුද්ධානං අරිට්ඨ, උසිතරගසිතුම්, යසස්සී, සුදස්සන, පියදස්සී, ගන්ධාර, පිණ්ඩාල, උපාසහ නිථ තථා සුතවා භාවිතත්තො සුමභ සුභ, මෙථුල, අට්ඨම, සුමේධ අනිස සුදාඨ පිංගු පිංගු, දේව ජාලිනො අට්ඨක කොසල සුබාහු උපනෙමි. සොනෙමි. සොසන්ත චිත්ත, සච්ච, තථ, විරජ, පණ්ඩිත, කාල, උපකාල, විජිත, ජිත, අංග, පංග, සාදයට ගුතිජ්ජිත, පස්සී, ජහී, උපධි, දුක්ඛමුල, අපරාජිත සරභංග, ලොමහංස, උච්චංගමාය, අසිත, අනාසව, මනොමය, මානච්ඡිද, බන්ධුමා, තදාධිමුත්ත, විමල, කෙතුමා, කෙතුම්බරාග, මාතංග අරිය, අච්චුත, අච්චුතගාමබ්යාමකෙ, සුමංගල ආදීන් යන ආදීන්ගේ පන්සියයක් පසේබුදු පරම්පරා ප්රත්ය සහිත විස්තර විවරණ යමක ආදී යංච විරාග වත්ථුං නො ඇලීමට කරුණ යමාච යම් කාරණයකින්. බෝධි අනුපාපුණිංසු චතුමාර්ග ඤාණය ප්රත්යක්ෂ කළහ. සරාගවත්ථුසු යනු සරළ ලෙස ඇලේනුයි වස්තුකාම ක්ලේශකාම ආදි දේවල්වල. විරාගසඤ්ඤි නොඇලුණු ප්රඥාවන්ත වූ. රත්තම්හි ලොකම්හි ඇලෙනසුළු ස්වභාව ඇති ලෝකයෙහි චිරත්තචිත්තා නොඇලෙන සිත් ඇතිව. පපඤ්චෙ යනු රාගයේ ගැටීම ද්වේෂයේ ගැටීම සියලු ක්ලේශවල ගැටීම ගැටීම් සංඛ්යාත කෙලෙස් අතහැර. ජිතබන්ධිතානි ඒ සියළු දෙසැටක් දෘෂ්ටිගත ධර්ම ජයගෙන. තථෙව ඒ කාරණයෙන්ම එසේ. බොධි අනුපාපුණිංසු පච්චෙක බෝධිඤාණය ප්රත්යක්ෂ කළහ යන අර්ථයයි.