බුද්ධාපදාන සංවර්ණනාව
දැන් අභ්‍යන්තර නිදානයෙන් අනතුරුව අපදාන අටුවාව කියනු කැමතිව –
“විස්තර අපදාන සහිත අපදානය විචිත්‍ර දේශනා විලාශයක් ලෙස මහර්ෂී වූ බුදුරදුන් ඛුද්දක නිකායෙහි සංග්‍රහ කළෝ, දැන් එහි අනුපිළිවෙළින් අර්ථ වර්ණනාව කියනු ලැබේ.
එහි යම් අපදානයක් වේද එහි සියලු බුද්ධ වචන එකම විමුක්ති රසය යයි කියන ලද බැවින් එකම රසය සංග්‍රහ කිරීමට යයි ධර්ම-විනය වශයෙන් දෙපරිදි සංග්‍රහ කළ කල්හි ධර්ම සංග්‍රහයට යයි ප්‍රථම මධ්‍යම පශ්චිම බුද්ධ වචනවල මධ්‍යම බුද්ධ වචනය සංග්‍රහ කරයි. විනය අභිධම්ම සූත්‍ර පිටකවලදී, සූත්‍රාන්ත පිටකයෙහි සංග්‍රහය කරයි. දීඝනිකාය මජ්ඣිම සංයුත්ත, අංගුත්තර ඛුද්දක නිකායවල පහ තුළ දී ඛුද්දක නිකායේ සංග්‍රහ කරයි. සුත්තගෙය්‍ය වෙය්‍යාකරණ, ගාථා උදාන ඉතිවුත්තක, ජාතක අබ්භුත ධම්ම වේදල්ල යන නවවිධ ශාසන සංග්‍රහවලදී කථා අංගයෙහි සංග්‍රහකර ඇත.
“සිවු විසි බුදුවරුන් විසින්ද, දෙදහසක් භික්‍ෂූන් කෙරෙන්ද අසූහාරදහසක් ධර්මය මෙහි පවත්වනු ලැබේ.”
මෙසේ කියන ලද, අසූහාර දහසක් ධර්ම ස්කන්ධවල ධර්ම කිහිපයක් සංග්‍රහ කරණ ලද්දේ වෙයි.
ඒ අපදානය දක්වමින් දැන් තිංසපාරමී සම්පුණ්ණා ධම්මරාජා අසංඛියා යනුවෙන් කීවේය. එහි දස පාරමිතාම පශ්චිම, මධ්‍යම, උත්කෘෂ්ට වශයෙන් දසපාරමී, දස උපපාරමී, දස පරමාර්ථ පාරමී වශයෙන් සමතිහක් පාරමිතා වේ. ඒවා වනාහි සරල අර්ථය පිරුණේ, සම්පූර්ණ වූයේ සමන්විතව සමගි වූවා ඉගැන්වීම් වශයෙන් හඳුනාගත් බැවින් තිංසපාරමී සම්පුණ්ණා නම් වේ. සියළු ලෝකත්‍රයවාසී වූ සත්ත්ව නිකායේ මෙත් කරුණා මුදිතා උපේක්‍ෂා සංඛ්‍යාත සතර බඹ විහරණවලින් යුක්ත බැවින්ද, ඵල සමාපත්ති විහරණයෙන්ද සිත එක අරමුණක රඳනා බැවින් තමන්ගේ ශරීරයෙහි රැඳෙත් ඇලෙත්නුයි රජවරු දැහැමින් රජකරන බැවින් ධම්මරාජා නමි. මෙසේ පවත්නා බුදුවරු දසදහසක් කෝටි ප්‍රකෝටි ගණන විශාල සංඛ්‍යාවකි. කෝටි ප්‍රකෝටියකි යුගත්යක, පුණ්ඩරික, කුමුද, උත්පල, කටාන, මහා කටාන, අසංඛ්‍යෙය වශයෙන් අසංඛියා නම් වේ. සැකසංකා රහිත ධර්මරාජ වූ, ඔවුහු අතීතය දුරුකළ නිරුද්ධ කළ නිවැරදි අර්ථයට ගිය බැවින් අභිප්‍රාය වූ,
ඒ් අතීත බුදුවරුන් අතර කරන ලද අධිකාරය ඇති තම බෝසත් සත්ත්ව වශයෙන්ද චක්‍රවර්ති රජකු වී කරන ලද සම්භාර ධර්මද ආනන්ද තෙරුන් විසින් විමසන ලදුව, භාග්‍යවතුන් වහන්සේ සම්බොධිං බුද්ධ සෙට්ඨානං යන ආදිය කීවේය. පින්වත් ආනන්ද; මගේ චරිතය අසනු මැනවි යන අදහසයි. ආනන්දය; පෙර මම බෝධි සම්භාර ධර්ම පුරණ කාලයේ චක්‍රවර්ති රජකු වී, ශ්‍රේෂ්ඨයන් අතර ප්‍රශස්ත වූයේ අවබෝධ කරගත් චතුස් සත්‍යය ඇති බුදුවරුන්ගේ සම්බෝධිය ද, චතුරාර්ය සත්‍යය මාර්ග ඤාණය ද සර්වඥතා ඤාණය ද සිරසින් වන්දනය කරයි යන අදහසයි. සංඝෙ ශ්‍රාවක සංඝයා සහිත. ලොකනායකෙ ලෝකයෙහි ජ්‍යෙෂ්ඨ වූ බුදුවරුන්. දසංගුලි දෙඅත්පුඩිවලින්. නමස්සිත්‍වා වැඳ සිරසා ශීර්ෂයෙන් හිසින්. අභිවාදයෙ. ආදරයෙන් ප්‍රශංසා කොට ප්‍රණාම කරමි යන අර්ථයයි.
යාවතා බුද්ධ ඛෙත්තෙසු. යනු දසදහසක් සක්වල බුද්ධ ක්‍ෂේත්‍රවල. ආකාසට්ඨා ආකාශගත. භුම්මට්ඨා භූමිතලයෙහි වූ වෛඪූර්ය ආදි සප්ත මාණික්‍යරත්න. අසංඛියා සංඛ්‍යා රහිත. යාවතා යම් පමණ විද්‍යමාන වෙත්ද ඒ සියල්ල. මනසා සිතින්. සමාහරෙ පිරිසිදු සිතින්. අධිෂ්ඨාන කොටගෙන එන්නෙමි යන අර්ථයයි. මගේ ප්‍රාසාදයට හාත්පසින් රැස් කරමි යන අර්ථයයි.
එහි රූපියභූමියං යනු ඒ නොයෙක් භූමියෙහි ප්‍රාසාදයෙහි රිදියෙන් සැදූ රිදීමය භූමි නිර්මාණය කර ඇති යන අර්ථයි. මම රත්නමයං සත්රුවනින් නිර්මාණය කරන ලද නොයෙක් සියගණන් භූමිවලට අයත් ප්‍රාසාද. උබ්බිද්ධං උද්ගත වූ. නභමුග්ගතං අහසෙහි බබළන මවනලද යන අර්ථයි.