9. ආටානාටිය සූත්ර වර්ණනාව
ආටානාටිය සූත්රය මා විසින් මෙසේ අසන ලදී. එහි පෙර නො ආ වචන වර්ණනාවයි මේ. චතුද්දිසං රක්ඛං ඨපෙත්වා - අසුර සේනාව වලක්වනු පිණිස ශක්රදේවේන්ද්රයාට සතර දිසාවෙහි ආරක්ෂාව සලසා. ගුම්බං ඨපෙත්වා - බල සේනා තබා. ඔවරණං ඨපෙත්වා - සතර දිසාවෙහි දිසා ආරක්ෂකයින් තබා. මෙසේ ශක්ර දෙවියන්ට ආරක්ෂාව සංවිධානය කොට ආටානාටං නගරයෙහි වැඩසිටි සත් බුදුවරුන් අරබයා මේ පිරිත බැඳ යමෙක් ශාස්තෲ ධර්මයෙහි අණ ද අපගේ රජතුමාගේ අණ නො අසත්. ඔවුන්ට මේ මේ දෑ කරන්නෙමු යයි ශ්රවණය කොට තමන්ගේ සතර දිසාවල. “මහතියා ච යක්ඛ සේනාය” යනාදියෙන් සේනා සතරකින් ආරක්ෂාව සංවිධානය කොට “අභික්කන්තාය රත්තියා......එකමන්තං නිසීදිංසු”.
මෙහි අභික්කන වචනය, ඛය - ක්ෂයවීම, සුන්දර, අභිරූප ලස්සන, අබ්භනුමොදනා - පින් අනුමෝදන් කරවීම යනාදියෙහි පෙනේ. එහි “අභික්කන්තා භන්තෙ රත්තියා....යනාදියෙහි ක්ෂයවීමෙහි පෙනේ. “අයං ඉමෙසං පුග්ගලානං... ආදියෙහි සුන්දර අරුත්හි පෙනේ.
ඉදු යසින් දිලිසෙන - කවරෙක් මගෙ පා වඳී
හැම දෙස් එකළුකර - මනහර රුවින් බබළන
හැම දෙස් එකළුකර - මනහර රුවින් බබළන
මේ ආදියෙහි ලස්සන රූපයෙහි, “අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම” මේ ආදියෙහි පින් අනුමෝදනාවෙහි. මෙහි වනාහි ක්ෂයවීමෙහිය. එයින් අභික්කන්තාය රත්තියා-රාත්රිය ගෙවී යන විට යයි කියන ලද්දේ වේ.
අභික්කන්ත වණණා - මෙහි අභික්කන්ත වණ්ණා - මෙහි අභික්කන්ත ශබ්දය අභිරූපයෙහිය. වණ්ණ ශබ්දය වනාහි, ඡවි-සම, ථූති-ස්තුතිය, කුලවග්ග-කුලවර්ග සණ්ඨාපන- සටහන, පමණ ප්රමාණය, රූපායතන ආදියෙහි පෙනේ. එහි “සුවණ්ණ වණ්ණොසි භගවා” මේ ආදියෙහි සමෙහි. “කදා සඤ්ඤුළහා පන තෙ සමණස්ස ගොතමස්ස වණ්ණ” මේ ආදිය ස්තුතියෙහි. “චත්තාරො මෙ භො ගොතම වණ්ණා” මේ ආදිය. කුලවර්ගයෙහි. “මහන්තං හත්ථිරාජ වණ්ණං නිම්මිනිත්වා” මේ ආදිය සටහනෙහි “තයො පත්තස්ස වණ්ණා” මේ ආදිය ප්රමාණයෙහි “වණ්ණො ගන්ධො රසො ඔජා” මේ ආදිය රූපායතනයෙහි. මෙහි සම දැක්වේ. එහෙයින් අභික්කන්ත වණ්ණා - අභිරූප - ඡවි යයි කියන ලද්දේ වේ.
කෙවලකප්පං - මෙහි ‘කෙවල’ ශබ්දය: අනවසෙස - සම්පූර්ණ, යෙභුය්යත - බොහෝ ඇති බව, අව්යාමිස්සකතා - අමිශ්ර බව, අනතිරෙකතා - අධික නැති ගාළහත්ථතා - දැඩි අරුත් ඇති බව, විසංයොග - විසං යොගයෙහි ආදී අනේක අර්ථ ඇත. එසේම “කෙවල පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං” මේ ආදියෙහි සම්පූර්ණයෙන්ම යන අරුත් වේ. “කෙවල කප්පා ච අංග මගධා පහුතං ඛාදනීයං භොජනීයං ආදාය අභික්කමිතුකාමා හොන්ති” මේ ආදියෙහි බොහෝ සෙයින් අර්ථයෙහි වේ. “කෙවලස්ස දුක්ඛකඛන්ධස්ස සමුදයො හොති” මේ ආදියෙහි අමිශ්ර බව වේ. “කෙවලං සද්ධාමත්තං නූන අයමායස්මා” මේ ආදියෙහි අධික නැති බව “ආයසමතො අනුරුද්ධස්ස බාහිකො නාම සද්ධි විහාරිකො කෙවලකප්පං සංඝභෙදාය ඨිතො” මේ ආදියෙහි දැඩි බව සඳහා. “කෙවල වූසිතවා උත්තම පුරිසොති වුච්චති” මේ ආදියෙහි විසංයොගයෙහි. මෙහි වනාහි අනවසෙස අර්ථය කැමති වේ.
කැප ශබ්දය වනාහි අභිසද්දහන - විශ්වාස කිරිම, වොහාර - ව්යවහාරය, කාලො - කාලය, පඤ්ඤත්ති - පැනවීම, ඡෙදන - සිඳීම, විකප්ප - විකල්ප ලෙස - ස්වල්පයක්. සමන්ත - හාත් පස මේ ආදි අනේක අර්ථ ඇත. “තථාභිස්ස ඔකප්පනීයමෙතං හොතො ගොතමස්ස යථා තං අරහතො සම්මා සම්බුද්ධස්ස”, මේ ආදියෙහි විශ්වාස කිරීම. “අනුජානාමි භික්ඛවෙ පඤ්චහි සමණ කප්පෙහි ඵලං පරිභුඤජිතුං” මේ ආදියෙහි ව්යවහාරය “යෙනපන සුදං නිච්ච කප්පං විහරාමි” මේ ආදියෙහි කාලය. “ඉච්චායසමා කප්පො” - පැනවීම. “අලංකතො කප්පිත කෙසමස්සු” - ඡේදනයෙහි. “කප්පති දවඞගුලකප්පො” - විකල්පයෙහි. “අත්ථි කප්පො නිපජ්ජතුං” ස්වල්පයෙහි. “කෙවලකප්පං” “වෙළුවනං ඔභාසෙත්වා” - හාත්පස. මෙහි වනාහි හාත්පස අභිප්රේතය. එහෙයින් කෙවලකප්පං ගිජඣකූටං යනු ගිජුකුළු පව්ව හාත්පස.
ඔභාසෙත්වා - වස්ත්රාභරණ සහ ශරීරයෙන් නිකුත් එලිය පතුරවා. සඳමෙන් හිරු මෙන් එකම ආලෝකයක් එකම පහනක් කොට යන අර්ථයයි. එකමන්තං නිසීදිංසු - දෙවියන් බුදුන් වහන්සේ ලඟ හිඳගත් තැනක් නොවීය. මේ සූත්රයෙහි පිරිතට ගෞරව වශයෙන් හිඳගත්හ.