ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා!
දීඝ නිකාය
සීලස්කන්ධ වර්ගය අටුවාව
ග්‍රන්ථ ආරම්භ කථා
ළතෙත් වූ කුලුණින් - නැසූ මොහඳුර නැණ පහනින්
සනරාමර ලොවට ගුරු වූ - සසර ගමනින් මිදුණු සුගතිඳු වඳිමි.
සනරාමර ලොවට ගුරු වූ - සසර ගමනින් මිදුණු සුගතිඳු වඳිමි.
බුදුහුද බුදුබැව් වඩා - සියැසින් ද දැක
නිමල යමකට එළඹියාහුද - වඳිමි ඒ අනුතුරු දහම්
නිමල යමකට එළඹියාහුද - වඳිමි ඒ අනුතුරු දහම්
සුගතිඳු උරෙහිදා - මරසෙන් මඩනා පුතුන්ගේ
අට ගණයක් වූ - අරීසඟුන් සිරසින් නමදිමි
අට ගණයක් වූ - අරීසඟුන් සිරසින් නමදිමි
මෙසේ පහන් සිත් ඇති මාගේ - තෙරුවන් වැඳුමෙන් ලත් පින
අනුහසින් නැසූ - අනතුරු ඇත්තේ වැ
අනුහසින් නැසූ - අනතුරු ඇත්තේ වැ
සුපිරි උතුම් දික් සඟියෙහි - දිග සුතුරින් හෙබි
බුදු අනුබුදු වැණූ - සැදැහැ වඩන ගුණ ඇති
බුදු අනුබුදු වැණූ - සැදැහැ වඩන ගුණ ඇති
අරුත් පවසනු පිණිස - පෙර පන්සියක් රහතුන්
සඟහා කොට පසුව යලි - සඟහා කළ අටුවා
සඟහා කොට පසුව යලි - සඟහා කළ අටුවා
මහ මිහිඳු රහතුන් - පසුව හෙළදිව ගෙන ආ
දිව් වැසියනට හිත පිණිස - තබන ලද හෙළබසින්
දිව් වැසියනට හිත පිණිස - තබන ලද හෙළබසින්
මනරම් බසක් වූ - හෙළබස ඉවත්කොට
පෙළ නයට සුදුසු සේ - නිදොස් කොට එයට නගමින්
පෙළ නයට සුදුසු සේ - නිදොස් කොට එයට නගමින්
තෙරවසට පහන් බඳු - සියුම් විනිසක් ඇති
මහ වෙහෙර වැසි - තෙරුන් මත නොඉකුම්වා
මහ වෙහෙර වැසි - තෙරුන් මත නොඉකුම්වා
පුනරුත් අත්හැර - අරුතම පවසන්නෙමි
සුදනන්ට තොස පිණිස - දහම සැරදෙනු පිණිස
සුදනන්ට තොස පිණිස - දහම සැරදෙනු පිණිස
සීලකථා ධුතදහම් - කමටහන් සියල්ලද
සිරිත් විදහන සහිත - දැහැන් සමවත් විසිතුර
සිරිත් විදහන සහිත - දැහැන් සමවත් විසිතුර
සියලු අභිඤ්ඤා - පැන මුසු නිගමන ද
ඛන්‍ධ ධාතු ආයත ඉන්‍ද්‍රිය - සතර ආර්ය සත්‍ය
ඛන්‍ධ ධාතු ආයත ඉන්‍ද්‍රිය - සතර ආර්ය සත්‍ය
පච්චයාකාර දේසනා - සුපිරිසිදු සියුම්නයින්
පෙළමගින් නොමිදුණු - විදසුන් බවුන් ද
පෙළමගින් නොමිදුණු - විදසුන් බවුන් ද
මෙසේ මේ සියල්ල - මවිසින් විසුදුමගෙහි
සුපිරිසිදුව කියන ලද බැවින් - මෙහි එය නොවිමසමි
සුපිරිසිදුව කියන ලද බැවින් - මෙහි එය නොවිමසමි
සඟි සතර මැද මේ - විසුදුමග වේ
එහි සිට පැවසේ - අරුත් කී පරිදිම
එහි සිට පැවසේ - අරුත් කී පරිදිම
මෙසේ කරන ලද බැවින් - එයද මේ අටුවාවෙහිම ගෙන
දික්සඟිය ඇසුරු කළ - අරුත දැනගනු මැනව.
දික්සඟිය ඇසුරු කළ - අරුත දැනගනු මැනව.
නිදානකථා
එහි දීඝාගමො නම් සීලක්ඛන්‍ධ වග්ගය, මහා වග්ගය, පාටික වග්ගය යැයි වර්ග වශයෙන් වර්ග තුනක් වෙයි. සූත්‍රාන්ත වශයෙන් සංග්‍රහ තිස්හතරකි. එහි වර්ගයන් අතර සීලක්ඛන්‍ධ වග්ගය පළමුවැන්නය. සූත්‍රයන් අතර බ්‍රහ්මජාලය පළමුවැන්නය. බ්‍රහ්මජාලයෙහි ද එවම්මෙසුතං ආදිකොට ඇත්තේ ආයුෂ්මත් ආනන්ද හිමියන් විසින් ප්‍රථම සංගීතියෙහි දී කියන ලද නිදානය යි.
මෙම ප්‍රථම සංගීතිය ද විනය පිටකයෙහි පෙළට ඇතුළත් කරන ලදි. නිදාන කෞශල්‍යයෙහි අර්ථය මෙහිද මෙසේ දතයුතුය. ධම්මචක්කප්පවත්තන සූත්‍රය ආදිකොට සුභද්ද පිරිවැජියා හික්මවීම තෙක් කරන ලද බුදුකුස කුසිනාරා නුවර මල්ලයන්ගේ උපවර්තන සල් වනයෙහි සල්රුක් දෙක අතර වෙසක් පුණු පොහෝදා අලුයම් වේලෙහි අනුපාදිසේස නිර්වාණ ධාතුවෙන් ලෝකනාථ වූ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු බෙදන දවසෙහි රැස්වූ සත්සිය දහසක් භික්‍ෂූන් අතර සංඝ ස්ථවිරයන් වූ ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ බුදුන් පිරිනිවි සත්දිනකින් සුභද්ද නම් බුඩ්ඪ පබ්බජිතයා විසින් ඇවැත්නි ශෝක නොකරවු. නොවැළපෙවු. අපි මහා ශ්‍රමණයාගෙන් සම්පූර්ණයෙන් මිදුනෝ වෙමු. ‘මෙය කැපය, මෙය අකැප යයි අපි පීඩාවට පත්කරනු ලැබුවෝ වෙමු. දැන් අපි යමක් කැමැත්තෙමු නම් එය කරන්නෙමු. යමක් අකමැත්තෙමු නම් එය නොකරන්නෙමු’යි කියන ලද වචන සිහිකරන්නාහු එබඳු සඟ හමුවක් නැවත දුර්ලභ යයි සිතන්නාහු, ධර්මය ශාස්තෲන් වහන්සේ සමගම නැතිව ගියේයැයි සිතන පාපී භික්‍ෂූන් කොටස්වලට බෙදී නොබෝ කලෙකින් ම සද්ධර්මය අතුරුදහන් කරනු ඇතැයිද, ධර්මවිනය පවත්නා තාක් ධර්මය ශාස්තෲන් වහන්සේ සමගම වන්නේය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය කියන ලද්දේය.
‘ආනන්ද, මා විසින් යම් ධර්මයක් ද විනයක් ද දේශනා කරන ලද්දේ ද පනවන ලද්දේද, මාගේ ඇවෑමෙන් එය තොපට ශාස්තෲ වන්නේ යැයි
ශාසනය යාමට සුදුසු මාර්ගයක් ද බොහෝකල් පවත්නා තැනක්ද වන සේ ධර්මයද විනයද සංගායනා කරන්නේ නම් මැනවි.
භාග්‍යවතුන් වහන්සේ විසින්
‘කස්සප, ඉවතලන ලද වැහැරියෙන් තැනූ පංසුකූල හඳන්නැ’යි කියා සිවුරු සාධාරණ ලෙස පරිභෝගයෙන් ද