10. සංගීති සූත්‍ර වර්ණනාව
සංගීති සූත්‍රය මා විසින් මෙසේ අසන ලදී. මේ එහි පෙර නො ආ පද වර්ණනාවයි. චාරිකං චරමානො - නිබඳ වූ චාරිකාවේ හැසිරෙන්නේ එදා වනාහි ශාස්තෲන් වහන්සේ දස දහසක් සක්වල නුවණ දැල එලා ලෝකය දෙස බලන්නේ පාවා නගරවාසී මල්ල රජවරුන් දැක, මේ රජවරු සර්වඥතා ඤාණ ජාලයට ඇතුළත්ව පෙනීයති. කුමක්දැයි ආවර්ජනා කරන්නේ. රජවරු එක් සන්ථාගාරයක් කර වූහ. මා ගිය කල්හි මංගල කියවන්නෝය. ඔවුන්ට මංගල කියා උනන්දු කරවා භික්ෂු සංඝයාට ධර්ම කථාවක් කියන්නැයි සැරියුන්ට කියන්නෙමි. සාරිපුත්ත තුන් පිටකයම සම්මර්ශනය කොට තුදුස් පැන අධික වූ පන්දහසක් අලංකාර කොට භික්ෂු සංඝයාට සංගීති සූත්‍රය කියන්නේය. සූත්‍රාන්තය ආවර්ජනා කොට පන්සීයක් භික්ෂුන් වහන්සේ සිව් පිළිසිඹියා, සහිතව රහත් බවට පැමිණෙන්නෝය. මේ අර්ථය දැක චාරිකාවට පිටත් වූහ. එහෙයින් කියන ලදී. “මල්ලෙසු චාරිකං චරමානො”.
උබ්හටකං - ඔහුගේ නම උස් බැවින් ද මෙසේ කියන ලදී. සන්ථාගාරං - නගරය මැද රැස්වීම් ශාලාව. සමණෙන වා - මෙහි යම් ගෘහයක් ආරම්භ කරන කාලයෙහිම දෙවියෝ තමන් වසන තැන ගනිති, එහෙයින් දෙවෙන චා නොකියා ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනුෂ්‍ය වූ කවරෙක් හෝ යයි කියන ලදී. යෙන භගවා තෙනුපසංකමිංසු - භාග්‍යවතුන් වහන්සේ පැමිණීම අසා අප විසින් හෝ දූතයන් විසින් හෝ ආරාධනා කොට වැඩමවීම නොකරන ලදී. උන් වහන්සේම මහා භික්ඛු සංඝයා පිරිවරා අප වසන තැනට වැඩියහ. අප විසින් ද සන්ථාගාර සාලාව කරවන ලදී. මෙහි අපි බුදුරදුන් වැඩමවා මංගල කියවන්නෙමු යයි සිතා පැමිණියහ.
යෙන සන්ථාගාරං තෙනුපසංකමිසු - එදවස වනාහි සන්ථාගාරයෙහි චිත්‍රකර්ම නිමවා අටල්ල සැකසීමට පමණක් තිබිණි. බුදුවරු නම් අරණේ අදහස් ඇති වනයට ඇළුණු නිසා ඇතුළුගම වසතිද නොවසතිදැයි දැනගැනීමට ඔව්හු බුදුන් වහන්සේ වෙත පැමිණියහ. දැන් වනාහි අදහස් දැන පිළිදැගුම් කරනු කැමැත්තේ සන්ථාගාරය වෙත පැමිණියහ. සබ්බ සන්ථරිතං - සියල්ල ඇතිරි අතුරා. මෙසේ ඒ රජවරු සන්ථාගාරය සකස් කොට නගරවීථි ඇමදවා පිරිසිදු කරවා කොඩි ද ඔසවා ගෙවල් දොරකඩ පුන් කුඹු සහ කෙසෙල් ගස් තබා සියළු නගරය දීපමාලාවෙන් විසුරුණු තාරකා මෙන් කොට කිරිබොන දරුවන් කිරි පොවව, දහර ළමයින් වහ වහා කවා නිදිකරව උස් ශබ්ද නොකරව අද එක රැයක් ශාස්තෲන් වහන්සේ ඇතුළුගම වැඩ වසති. බුදුවරු නිහඬබවට කැමති වෙතියි බෙර හසුරුවා තෙමේ දඬු පහනක් ගෙන බුදුන් වහන්සේ වෙත පැමිණියහ.
භගවන්තංයෙව පුරක්ඛත්වා - භගවත් බුදුරජ පෙරටුකොට, එහි බුදුරජ භික්ෂූන්ට හා උපාසකවරුන්ට මැද වැඩ සිටියේ අතිශයින් බබළති. සියල්ලන් පහදවන්නා වූ රන්වන් වූ ලස්සන වූ දර්ශනීය වූ ශරීරය ඉදිරිපසින් රන්වන් රස් නැගී අසූ රියනක් තැන පැතිරේ. ශරීරය පිටුපසින් ද දකුණු අතින් වම් අතින් රන්වන් රස් නැගී අසූ රියන් තැන් පැතිරේ. උපරිම කෙස් අග පටන් කෙලින් මයුර ගීව වර්ණ නැගී ගුවන් තලයෙහි අසූරියන් තැන් පැතිරේ. යටි පතුලෙන් පබළුවන් රස් නැගී ගණ පොළොවෙහි අසූරියන් තැන් පැතිරේ. මෙසේ හාත්පස අසූරියන් තැන් සවණක් බුද්ධ රශ්මි බබළමින් ස්පන්දනය වෙමින් දිව යයි. සියළු දිසාභාග රන්වන් සල් කුසුම් විසුරුවන්නා මෙන් රන්වන් කුඩුවලින් නික්මෙන රුවන් රසධාරා ඉසින්නාක් මෙන් පැතුරුණු රන්වන් පටකින් වටකළා මෙන් වේරම්භ වාතයෙන් විසුළ කිකිණි කිණිහිර කුසුම් රේණු ගැවසුණා සේ ප්‍රකට වේ.
භාග්‍යවතුන් වහන්සේ ද අසූ අනුව්‍යඤජන ව්‍යාම ප්‍රභා දෙතිස්මහ පුරිස් ලකුණුවලින් බබළන්නේ ශරීරය ගුවන් තලයේ පැනනැගුණු තරුවක් සේ විකසිත පියුම් වනයක් සේ, යොදුන් සියයක් වූ පාරිජාත වෘක්ෂ මලින් පිරීගියා සේ පිළිවෙළින් තබන ලද දෙතිස් සඳක් සේ දෙතිස් හිරු සේ දෙතිස් සක්විත්තන් සේ දෙතිස් දෙව් රජුන් සේ දෙතිස් මහාබ්‍රහ්මයින් ගේ සිරිය අභිභවනය කරන්නාක් මෙන් බබළයි. පිරිවරා සිටි භික්ෂූහු ද අපි සතොස් පවිවෙක වූ අමිශ්‍රව ඇරඹු වීරියෙන් යුත් වූ වචනක්‍ෂම වූ පවට ගැරහූ සීලසම්පන්න වූ සමාධි සම්පන්න වූ - පඤ්ඤා විමුක්ති විමුක්ති ඤාණ සම්පන්න වූ ඔවුන් විසින් පිරිවරන ලද භාග්‍යවතුන් වහන්සේ රතු කම්බිලියකින් වටකරන ලද්දක් මෙන් රන් කඳක් රත්පියුම් වනයක් මැදට පැමිණියා සේ රන් නැවක් පබළු වේදිකාවෙන් වටකරන ලද්දාක් මෙන් රන් පහයක් මෙන් බබළයි.
අසූමහ ශ්‍රාවකයෝ ද ඒ මේවන් පංසුකූල චීවර පෙරහා මැණික් සන්නාහ සන්නද්ධ වූවා මෙන් මහා භික්ෂූන් පිරිවැරූහ. රාගය වමෑරූ කෙලෙස් බින්ඳා වූ ජටා විජටනය කළා වූ බැමි සිඳළු කුලයෙහි හෝ ගණයෙහි නොඇළුනා වූ ගුණ ඇත්තාහ. මෙසේ බුදුන් වහන්සේ තමන් වහන්සේ වීතරාගීන් විසින් වීත දෝසව වීත දොසින් විසින් වීතමෝහව වීත මෝහීන් විසින් නිෂ්තෘෂ්ණාව තෘෂ්ණා නැත්තන් විසින් නික්ලේශව නික්ලේශීන් විසින් ස්වයං බුද්ධව බහුසසුත බුදුවරුන් විසින් පිරිවරන ලද්දේ සිංහයා සිංහයන් විසින් පිරිවැරුවා සේ කර්ණිකා අටදහසක් ඇතුන් පිරිවැරුවැමෙන් ජද්දන්ත ඇත් රජ අනූ දහසක් හංසයින් පිරිවැරුවා සේ ධ්‍රතරාෂ්ට්‍ර හංස රජ සේනාව පිරිවැරුවා මෙන් සක්විති දිව්‍ය සමූහයා පිරිවැරුවා මෙන් සක්දෙව් රජු බ්‍රහ්ම සමුහයා පිරිවැරුවා මෙන් හරිත මහා බ්‍රහ්මයා බුදු වෙසින් මෙන් අසම වූ අප්‍රමාණ වූ බුද්ධ විලාසයෙන් ඒ පිරිසෙහි වැඩ සිටින්නේ පාවෙය්‍යක මල්ලයන් රාත්‍රියේ බොහෝ වේලාවක් දැහැමි කථාවෙන් විස්තර කොට පිටත් කළහ.