6. පාසාදික සූත්ර වර්ණනාව
පාසාදික සූත්රය මා විසින් මෙසේ අසන ලදී. එහි මේ ගැඹුරු පද වර්ණනාවයි. වෙධඤ්ඤා නාම සක්යා - දුනු ශිල්පයෙහි කරන ලද පුහුණුව ඇති වෙධඤ්ඤා නම් එක් ශාක්යයෙක්, ඔවුන්ගේ අඹ වනයෙහි. පාසාදෙ - ඔවුන්ගේ අඹ වනයෙහි ශිල්ප ඉගණීම සඳහා කරන ලද දිග පහයක් ඇත. එහි වාසය කරති. අධුනා කාලකතො දැන් කළුරිය කෙළේ. දෙවධික ජාතා - දෙවජඣා ජාතා - භාග දෙකක් හට ගත්තේය. භාණ්ඩ ආදියෙහි භණ්ඩනං - වේ. පූර්ව භෝගයයි. කලහො - දඬුවම් දීම් වශයෙන් පණවා ඇති නීති උල්ලංඝනය කිරීම් වශයෙන් වර්ධනය වූ කලහ. “මේ ධර්ම විනය නොදන්නේ ද ආදි නයින් විරුද්ධ වචන විවාදො - වේ. විතුදන්තා - විදින්නේ. සහිතං මෙ - මගේ වචන අර්ථ සහිතය. ආචිණ්ණං තෙ විපරාවත්තං - ඔබේ ආවීර්ණ කාලයක් පුහුණු කළ එය මගේ වාදයට පැමිණ නැවතුණේය. ආරොපිතො තෙ වාදො - ඔබ මත මවිසින් දෝසය (වරද) ආරෝපනය කරන ලදී. චර වාදපමොක්ඛාය - බත් මුලක් රැගෙන තැන් තැන්වල ගොස් වාදයෙන් මිදීම සඳහා උත්තර සොයමින් හැසිරෙව. නිබ්බෙඨෙහි වා - නැතහොත් මවිසින් ආරෝපිත වරදින් තමා මුදවා ගනු. සචෙ පහොසි - ඉදින් හැකිවෙහි. වධොයෙව - මරණයම. නාථපුත්තියෙසු - නාථපුත්තගේ අතවැසියන් කෙරෙහි නිබ්බිනන රූපා - කලකිරුණු ස්වභාවය. වැදීම් ආදිය නොකරති. විරත්ත රූපා - ප්රේමය නැති. පටිවානරූපා - ඔවුන්ගේ සැලකීම්වලින් නැවතුණු සභාව ඇති. යථාතං - යම්සේ නොමනා ලෙස කියන ලද ස්වභාව ඇති ධර්ම විනයෙහි කලකිරුණු, නොඇළුණු, පටිවානරූපවලින් විය යුතුය. එසේ නැති වී යයි අරුත් වේ. දුරක්ඛාතෙ - නොමනා කී කල්හි. දුප්පවෙදිතෙ - නරක ලෙස කී කල්හි. අනුපසම සංවත්තනිකෙ - රාගාදිය සමනය කර ගැනීමට අසමත්. භවා ථුපය හේ බිඳින අදහස. එහෙයින් සන්ත ථුපෙ යයි කියන ලදී. අප්පටිසරණෙ - ඔහුගේ අභාවයෙන් පිළිසරණක් නැති.
නාථ පුත්ත නාලන්ද වාසියකි. කුමක් හෙයින් හේ පාවාහි කළුරිය කෙළේද? හේ වනාහි උපාලි ගෘහපති විසින් පිළිවිදි සත්යයෙන් ගාථා දහයක් කී කල්හි බුදුගුණ අසා උණු ලේ දැම්මේය. ඉක්බිති අපහසු වූ ඔහු ගෙන පාවා නගරයට පැමිණියහ. එහිදී ඔහු කළුරිය කෙළේය. කළුරිය කරන්නේම සිතීය. මගේ ලබ්ධිය අපාය පුරවන්නක් විය. ඉදින් මම මගේ සාසනය අනිර්යානිකයි කියන්නෙමි නම් නො අදහති. ඉදින් මම දෙදෙනෙකුට ඒකාකාරයෙන් නුගැන්වූවෙක් මගෙන් පසු ඔව්හු ඔවුනොවුන් වාද කරන්නාහ. ශාස්තෲන් වහන්සේ ඔව්හු සාසනයෙහි මහත් බව දන්නෝය.
ඉක්බිති එක් අන්තෙවාසිකයෙක් පැමිණ ඔහුට කීය. ස්වාමීනි, ඔබ දුබලය. මේ ධර්මයෙහි සාරය මට කියන්න. ඇවැත්නි තෙපි මා ඇවෑමෙන් “සාස්වත” යයි ගන්න, වෙනෙකෙක් ද පැමිණියේය. ඔහුට උච්ඡේදය ගැන්වීය. මෙසේ දෙදෙනා ඒක ලබ්ධික නොකොට බොහෝ විවිධ ආකාරවලින් උගන්වා කළුරිය කෙළේය. ඔව්හු ඔහුගේ ශරීර කෘත්යය කොට රැස්වූවෝ ඔහු ඇසූහ. ඇවැත්නි සාරාංශය කීවේ කාටද? එකෙක් නැගිට මට යයි කීය. කුමක් කීවේද? සාස්වතය. අනිකා ඔහු වලකා මට සාරය කීවේ යයි කීය. මෙසේ සියල්ලෝම මට සාරය කීවේය. මට සාරය කීව්වේ යයි මම ජෙෂ්ඨයා යයි ඔවුනොවුන් විවාද කොට ආක්රෝස ද අපහාස ද අත්පා වලින් පහරදීම් ද පවත්වා එක මගින් දෙදෙනෙක් නොයන්නේ නොයෙක් දිසාවලට ගියහ.
අථ ඛො චුන්ද සමණුද්දෙසො - මේ ස්ථවිර ධම්ම සේනාපතිගේ කනිටු සහෝදරයාය. ඒ භික්ෂුව අනූපසම්පන්න කාලයෙහි චුන්දො සමණුද්දෙසො යයි ව්යවහාර කොට ස්ථවිර කාලයෙහි ද එසේම ව්යවහාර කළහ. එහෙයින් චුන්දො සමණුද්දෙසො යයි කියන ලදී.
පාවායෙහි වස් විසූ සමාගමේ ආනන්ද හිමියන් වෙත පැමිණියේය. කුමක් හෙයින් පැමිණියේද? නාථපුත්ත කළුරිය කල කල්හි දඹදිව මිනිස්සු ඒ ඒ තැන්වල කථා කළහ. නිගණ්ඨනාථපුත්ත එක් ශාස්තෲවරයෙක් යයි ප්රසිද්ධය. ඔහුගේ කළුරිය කිරීමෙන් පසු ශ්රාවකයන් අතර මෙබඳු විවාදයක් ඇතිවිය. ගෞතමයෝ දඹදිව චන්ද්රයා මෙන් හිරු මෙන් ප්රකටය. ශ්රාවකයෝ ද ප්රකටය. උන්වහන්සේගේ පිරිනිවීමෙන් ශ්රාවකයන් අතර කෙබඳු විවාදයක් වන්නේදැයි කතා කළහ. චුන්ද ස්ථවිර තෙමේ ඒ කතා අසා සිතීය. මේ කථා දසබල බුදුන්ට දන්වන්නෙමි. ශාස්තෲන් වහන්සේ මෙය මුල්කොට එක් දේසනයක් පවත්වන්නාහ. හේ නික්ම ආනන්ද හිමියන් වෙත පැමිණියේය.
සාමගාමො - සාමයට කැමති බව උත්සන නිසා ඒ ගමට ඒ නම ඇතිවිය. යෙනායස්මා ආනන්දො - කෙලින්ම භාග්යවතුන් වහන්සේ ලඟට නොගොස් ඔහුගේ උපාධ්යාය ආනන්ද හිමි වෙත පැමිණියේය. .