චෙතසො උපක්කිලෙසො - පංච නීවරණ සිත කෙළෙසති. කිලිටි කරති. තවත්, වෙහෙසති. එහෙයින් චෙතසො උපක්කිලෙසෙහි කියනු ලැබේ. පඤ්ඤාය දුබ්බලී කරණෙ - නීවරණ උපදිමින් නූපන් ප්‍රඥාවට ඉපදීමට නොදේ. එනිසා නුවණ දුර්වල කෙරේ යයි කියනු ලැබේ. සුපතිට්ඨිත චිත්තා - සතර සීවටන්වල හොඳින් පිහිට වූ සිත, සත්තබොජඣංගෙ යථාභූතං - සප්ත බොධ්‍යංග යථා ස්වභාවයෙන් වඩා. අනුත්තරං සම්මා සම්බොධිං - සර්වඥතා ඤාණය පිළිවිදියේ යයි දක්වයි.
තවද මෙහි සතිපට්ඨානා - විදර්ශනා සම්බෝධ්යංගය. අනුත්තර සම්මා සම්බෝධිය අරහත් වේ. සතිපට්ඨාන හෝ මාර්ග හෝ බොධ්‍යංග මිශ්‍ර වූ සම්මා සම්බෝධිය රහත්ම වේ. දීඝභාණක මහා සිව තෙරහු කීහ සතිපට්ඨානයෙහි විපස්සනා යයි ගෙන බොජඣඞග මාර්ගයෙහි ද සබ්බඤ්ඤුත ඤාණ යයි ගත් කල්හි සුන්දර ප්‍රශ්නයක් වන්නේය. මෙසේ වනාහි නොගත යුතුයයි මෙසේ ස්ථවිරයන් වහන්සේ සියළු බුදුවරයින්ගේ නීවරණ ප්රහාණයෙහි සතිපට්ඨාන භාවනාවෙන් සම්බෝධිය ද මධ්‍යයෙහි බිඳුණු රන්රිදී මෙන් නානත්ත බව පෙන්වයි.
මෙහි සිට උපමා සැසඳිය යුතුය. ආයුෂ්මත් සාරිපුත්ත හිමි ප්‍රත්‍යන්ත නගරය දැක්වීය. ප්‍රාකාරය දැක්වීය. පරියාය පථය දැක්වීය. ද්වාරය දැක්වීය. පණ්ඩිත දෝවාරිකයා දැක්වීය. නගරයට පිවිසෙන නික්මෙන ඕලාරික ප්‍රාණින් දැක්වීය. පණ්ඩිත දෝවාරිකයාට ඒ ප්‍රාණීන් ප්‍රකට බව දැක්වීය. එහි කිම කුමකින් සමානදැයි, නගරය මෙන් නිවණ, ප්‍රාකාරය මෙනි සීලය. පරියාය පථය මෙනි සමථය, ද්වාරය මෙනි අරිය මග්ග, පණ්ඩිත දෝවාරික මෙනි ධම්ම සේනාපති, නගරයට පිවිසෙන පිටවෙන ඕලාරික ප්‍රාණීන් මෙන් අතීත අනාගත වර්තමාන බුදුවරුන්ගේ සීලසමථාදියේ ප්‍රකට බව. මෙපමණකින් තෙරුන් භාග්‍යවතුන් වහන්සේට, මෙසේ මම සාවක පාරමී ඤාණයෙහි සිට ධර්මත්වයෙන් නය ගැනීමෙන් තමාගේ සිංහ නාදයට අනුයෝගය දෙන ලදී.
“ඉධාහං භන්තෙ යෙන භගවා” යයි මේ දේශනාව කුමක් හෙයින් ආරම්භ කරන ලද්දේද? සාවක පාරමී ඤාණය නිෂ්පත්තිය දැක්වීම සඳහා එහි අදහස මෙය: මම සාවක පාරමී ඤාණය ලබන්නේ හෝ වෙත පැමිණ නො ලැබුවෙමි. ඔබ වෙතම පැමිණ ඔබ ඇසුරු කරන්නේ ලැබුවෙමි, එහි ඉධ යනු නිපාත මාත්‍රයකි. ඔබවහන්සේ වෙත පැමිණියේ චීවරාදි හේතු නිසා නොව ධර්ම ශ්‍රවණය සඳහාය. මෙසේ පැමිණ ශ්‍රාවක පාරමී ඤාණය ලැබුවෙමි. තෙරුන් කවදා ධම්ම සවණ සඳහා පැමිණියේද? සූකර කත ලෙනෙහි බෑණා වූ දීඝනඛ පිරිවැජියාට වේදනා පරිග්‍රහ සූත්‍රාන්තය දේශනා කරන දිනයේය. එදාම සාවක පාරමී ඤාණය ලැබීය. එ දවස ස්ථවිරයෝ තට ගෙන භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් සිටියේ ඒ දේශනාව අසා එහිම සාවක පාරමී ඤාණය අත්පත් කෙළේය. උත්තරුත්තර පණීත පණීතං - වඩ වඩා උසස් සහ වඩ වඩා ප්රණීතව දෙසූහ. කණ්හ සුක්ක සප්පටිභාගං - කළු මෙන්ම සුදුද. එය ද විපාක සහිත කොට. කළුහැර සුදු සුදු හැර කළු යයි මෙසේ පටිබාග කොට කළු සුදු දෙසූහ. සුදු (හොඳ) දේශනා කරන්නේ ද උත්සාහ සහිතව විපාක සහිතව දෙසූහ.
තස්මිං ධම්මෙ අභිඤඤා ඉධෙකචචං ධම්මෙසු නිට්ඨමගමං - මෙහි උන්වහන්සේ දෙසූ ධර්මයෙහි ඇතැම් සාවක පාරමී ඤාණය දැන ධර්මවල නිෂ්ටාවට එළඹේ. කවර නම් ධර්මවලද? චතුසච්ච ධර්මවල මෙහි මේ තෙරවරුන්ගේ සංවාදයකි කළුවැල් වාසී සුම්ම තෙර පළමුව කියයි. චතුස්සත්‍ය ධර්මවල දැන් නිෂ්ටාවට යෑමට කරුණක් නැත. අස්සජි මහතෙරුන් දුටු දිනයේ උන්වහන්සේ පළමු මාර්ගයෙන් චතුසච්ච ධර්මවල නිෂ්ටාවට ගියහ. පසුව සූකරකත ලෙණෙහි ඉහළ තුන් මගින් චතුසච්ච ධර්මවල නිෂ්ටාවට ගියහ. මේ ස්ථානයෙහි බුදු ගුණවල - නිෂ්ටාවට ගියහ. තිලොක නගරවාසි චූලසීව තෙර සියල්ල එසේ කියා මේ ස්ථානයෙහි ධම්මෙසු - යනු රහත් බවෙහි නිෂ්ටාවට ගියහයි කීය. දීඝ භාණක තිපිටක මහාසිව තෙර වනාහි පළමු වාරය කියා මේ ස්ථානයෙහි ධම්මෙසු - සාවක පාරමී ඤාණයෙහි නිෂ්ටාවට ගියේ යයි කියා බුදුගුණ නය මගින් පැමිණියේ යයි කීහ.