තෙ භික්ඛු - එහි පිවිසි ධර්ම ප්‍රතිග්‍රාහක භික්ෂූහු. අත්තදීපා - තමා පහනක්, රැකීමක්, පරායණයක් ප්‍රතිෂ්ඨාවක් කොට වාසය කරත් යන අර්ථය වේ. අත්තසරණා - මෙය එහිම පර්යාය වචනයකි. අනිකෙකුට අනිකෙකුගේ පිහිටක් නැත. යනු අනඤ්ඤ සරණ වේ. මෙය අන්‍ය සරණ ප්‍රතික්ෂේප කරන වචන වේ. අනිකෙක් අනිකෙකුට සරණ නොවේ. අනෙකෙකුගේ උත්සාහයෙන් අනෙකකුට සිදු නොවේ. කියන ලදී. තමාගේ නාථයා තමාමය. අන්‍ය වූ නාථයෙක් කොහි වේද? එහෙයින් “අනඤ්ඤ සරණා” යයි කීහ. මෙහි අත්තා කවුරුද? ලෞකික ලෝකෝත්තර ධර්ම වේ. එයින් කීහ: ධම්මදීපා, ධම්මසරණා අනඤ්ඤ සරණා. “කායේ කායානුපස්සී” යයි මහා සතිපට්ඨාන සූත්‍රයෙන් විස්තර කරන ලද්දේය.
ගොචරෙ - හැසිරීමට සුදුසු ස්ථානයෙහි සකෙ - තමා සන්තකයෙහි. පෙත්තිකෙ විසයෙ - පියාගෙන් පැමිණි විෂයෙහි චරතං - හැසිරෙන්නන්ගේ. “චරන්තං” යන පාඨයි. ඒ අර්ථයම වේ. න ලච්ඡති - නො ලබන්නේය. නො බලන්නේය. මාරො - දේවපුත්ත මාර. මෘත්‍යු මාර, කිලෙස මාර තිදෙනා. ඕතාරං - රන්ධ්‍ර. සිදුරු, විවර. මෙය වනාහි මෙහි ගලවැටෙන ස්ථානයෙන් නික්ම තොරණෙහි හිඳ තරුණ හිරුරස් තපින්නේ කැටකුරුල්ලා ගෙනහුන් උකුසු කුරුළු වස්තුව දැක්විය යුතුය.
මහණෙනි, පෙර උකුස්සෙක් වහා බැස කැටකුරුල්ලකු ඩැහැගත්තේය. මහණෙනි, ඉක්බිති කැටකුරුල්ලා උකුස්සා ගෙනයනු ලබන්නේ මෙසේ වැලපුනේය. මගේම අවාසනාව, මගේ පින් අඩුකම මම අගෝචර පර විෂයෙහි හැසුරුනෙමි. ඉදින් අද මම මගේ පියවරුන්ගේ විෂයෙහි හැසිරුනේ නම් උකුස්සාගේ දඬුවමට අසු නොවන්නේය, ලාපය, ඔබේ ගොචර පියාගේ විෂය කොහේද එය මේ නගුලෙන් හාන ලද ගලක් විසිකරන දුර. ඉක්බිති මහණෙනි, උකුස්සා, ස්වකීය බලයෙහි උඩගු නොවී ස්වකීය බලයෙහි හේතු රහිතව කුරුල්ලා මුදා හැරියේය. ලාපය, යව, එහි ගොස් නොමිදෙව,
මහණෙනි ඉක්බිති කැට කුරුල්ලා හාන මැටි තිබෙන ස්ථානයට ගොස් ලොකු මැටි කැටයකට නැගි උකුස්සාගෙන් බේරීමක් නැතිව සිටියේය. උකුස්සා, දැන් එයි දැන් එයි. උකුස්සා සිය බලයෙහි උඩඟු නොවී උභය පක්‍ෂවලින් සන්නදධව කැටකුරුල්ලා ලඟට වහා පැමිණියේය. මහණෙනි, කැට කුරුල්ලා උකුස්සා පැමිණියේ යයි දැන මැටි කැටයේ ඇතුළට පැමිණියේය. ඉක්බිති උකුස්සා ඒ මැටි කැටයේ ම පපුව ගෑවිය. මහණෙනි, මෙය මෙසේ විය.
මහණෙනි අගෝචර පරවිෂයෙහි නොහැසිරෙන්න. මහණෙනි, අගෝචර පර විෂයෙහි හැසිරෙන විට මාරයා ඉඩ ලබන්නේය. සිදුරු ලබන්නේය. අරමුණු ලබන්නේය. මහණෙනි. භික්ෂූන්ට අගොචර පරවිෂය කුමක්ද? යම් මේ පංචකාම ගුණ කුමන පසක්ද? ඇසෙන් දකින රූප. ඉෂ්ඨ කාන්ත, මනාප ප්‍රිය රූප, කාමයට හේතුවන ඇලෙන... කයෙන් දැනෙන ස්පර්ශ... ඇලෙන, මහණෙනි. මෙය භික්ෂූන්ට අගොචර පර විෂය වේ.
ගොචරයෙහි මහණෙනි. හැසිරෙන්න. එහි මාරයාව අරමුණු නො ලැබේ. තමාගේ පියාගේ විෂය වූ ගෝචරය කුමක්ද? මේ සතර සතිපට්ඨානයයි. ඒ සතර මොනවාද මහණෙනි, මෙහි භික්ෂුව කයේ කය අනුව බලමින් වාසය කරයි.... ස්වකීය පියාගේ විෂයයි**.
කුසලානං - අනවද්‍ය ලක්‍ෂණයන්ගේ, සමාදාන හෙතු - සමාදන්ව පවත්වන හේතු. එවමිදං පුඤ්ඤං පවඩ්ඪති** - මෙසේ ලෞකික ලෝකෝත්තර පින්ඵල වැඩේ. පුඤ්ඤපල යයි මතු මත්තෙහි පින් ද පින් විපාක ද දත යුතුය.
එහි කුසල් දෙයාකාරය. සසර ගමනට හේතුවන සහ නිවනට හේතුවන වශයෙනි. එහි වට්ටගාමි කුසලය නම් මාපියන් දූ පුතුන් කෙරෙහි ද දූ පුත්තු මාපියන් කෙරෙහි ද ස්නේහ වශයෙන් මෘදු මද්දව සිතයි. විවට්ටගාමී කුසල නම් සතර සතිපට්ඨානයාදි වූ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වේ. ඒවායින් වට්ටගාමි කුසලයේ අවසාන පලය මනුෂ්‍ය ලෝකයෙහි සක්විති සැපතයි. විවට්ටගාමි කුසලයේ අවසාන පලය මාර්ගඵල නිර්වාණ සම්පත්. එහි විවට්ටගාමි කුසලයේ විපාක සූත්‍රය අවසානයේ දක්වන්නේය.