නාලං සල්ලාපාය - අල්ලාප සල්ලාපයේ යෙදීමට අසමර්ථය. අන්තමන්තානෙව - කිසිවෙක් මගෙන් ප්‍රශ්න විචාරයි. ප්‍රශ්නයට බිය වී ඈතින් ඈතින් තිබෙන ප්‍රාන්ත සේනාසන සේවනය කරයි. ගොකාණා - එක් ඇසක් නට කණ එළදෙන. ඇය වනාහි කෙළවර හැසිරෙන්නී වේ. ඈත ඈතම සේවය කරයි. ඇය කණ ඇස් ඇති බැවින් වනාන්තරය අභිමුඛ වූවද යැමට නොහැකි වේ. කුමක් හෙයින්ද? යම් හෙයකින් පත්‍රයකින් හෝ ශාඛාවකින් හෝ කටුවකින් හෝ පහරට බිය වේ. ගොනුන් අබිමුවට යෑමට ද නොහැකි වේ. කුමක් හෙයින්ද? යම් හෙයකින් අඟින් හෝ කනෙන් හෝ වලිගයෙන් හෝ පහරට බියෙනි. ඉංඝ - චෝදනාර්ථයෙහි නිපාතයකි. සංසා දෙය්යාම - එක් ප්‍රශ්නයක් අසන විටම ගිලීගිය විසාදයට පැමිණේ. තුච්ඡකුමභී ව නං - ඔහු හිස් කළයක් මෙනි. ඔරොධෙය්යාම - වෙලන්නෙමු. පිරුණු කළය එහෙ මෙහෙ පෙරළා ඔතා බැඳීමක් නොවන්නේය. හිස් කළය රුචි සේ පෙරළා වෙලීමට හැකිවේ. එසේම නසන ලද ප්‍රඥාව ඇති හිස් කළය සමාන ශ්‍රමණ ගෞතමයා වාද වෙළීමෙන් හාත්පසින් වෙලන්නෙමු යයි කියයි.
මෙසේ පිරිවැජිය, ශාස්තෲන්ගේ රන්වන් නලාට මණ්ඩලයට නින්දා කරන්නේ දසබල බුදුන්ගේ පරාමුඛයෙහි තමාගේ බලය දක්වන්නේ අසම්භින්න වූ ක්ෂත්රිය කුමාරයාට ජාතියෙන් ගටන්නේ සැඩොල් පුතකු මෙන් බිය නැති කේසර සිංහ මෘග රජුගේ වීර්යයෙන් ගටන ජර සිවලකු මෙන් ද නානාප්‍රකාර හිස් ගැජුම් ගැජි, (ශබ්ද පැවැත්වී) උපාසක ද සිතීය. මේ පිරිවැජියා අතිශයින් ගර්ජනා කරයි. අවීචිය ස්පර්ශ කිරීමට පය ද භවාග්‍රය ගැනීමට අත ද ප්‍රසාරණය කරන්නා මෙන් නිරර්ථකව උත්සාහ කරයි. ඉදින් මාගේ ශාස්තෲන් වහන්සේ මෙතනට පැමිණෙන්නේ නම් මේ පිරිවැජියාගේ භවාග්‍රය දක්වා ඔසවා ඇති මාන කොඩිය ස්ථාන වශයෙන් පත් වන්නේය.
භාග්‍යවතුන් වහන්සේ ද මේ කථා සල්ලාපය ඇසුවේමය. එහෙයින් කියන ලදී: “අස්සොසි ඛො ඉමං කථා සල්ලාපං”
සුමාගධාය - සුමාගධා නම් පොකුණ. එහි ඉවුරෙහි සිටින්නේ. එක්තරා පුරුෂයෙක් පියුම්නාල අතරෙන් අසුරභවනයට පිවිසෙන අසුර සේනාව දැක්කේය. මොරනිවාපො - නිවාප යනු බත්ය. මොනරුන්ට අභය සමග නිවාප දුන් ස්ථානය යන අර්ථයයි. අබ්භොකාසෙ - මිදුලෙහි අස්සාසප්පත්තා - සතුටට පැමිණ, සොම්නසට පැමිණ අජඣාසයං - උතුම් නිශ්‍රය වූ ආදි බ්රහ්මචරියං - පුරාණ ආදි ම චරිය වූ ආර්ය මාර්ගය, පුරා රහත් අධිගම වශයෙන් සතුටට පැමිණ දැනගනී.
විප්පකතා - මාගේ පැමිණීමේ හේතුවෙන් අවසන් නොවී සිටී. කියව මම එය අවසන් කොට මුදුන් පමුණුවා දක්වමියි සර්වඥ පවාරණයෙන් පැවරූහ.
භාග්‍යවතුන් වහන්සේ පිරිවැජියාගේ වචනය අසා මේ පිරිවැජියා මා විසින් ශ්‍රාවකයන්ට දෙසිය යුතු දහම් ඔවුන් විසින් පුරනු ලබන ප්‍රතිපත්ති විචාරයි. ඉදින් මම ඔහුට මුල් පටන් කියන්නේ එසේ කීවද නොදැන ගන්නේය. මෙතෙම වනාහි වීර්යයෙන් පාපයට පිළිකුල් කරන වාද ඇත්තෙකි. මම ඔහුගේ විෂයෙන්ම ප්‍රශ්නයක් විචාරා වෙන් වූ ශ්‍රමණයන්ගේ ලබ්ධියේ නිරර්ථකභාවය දක්වන්නෙමි. ඉන්පසු මේ ප්රශ්නය පැහැදිලි කරන්නෙමියි සිතා “දුජ්ජානං” යනාදිය කීහ. එහි සකෙ ආචරියකෙ - තමාගේ ආචරිය වාදයෙහි. අධිජෙගුච්ඡෙ - වීර්යයෙන් පාප ජිගුච්ඡනය. පව් දුරු කිරීම. පරිපුණ්ණා - පිරිසිදු. කථං අපරිපුණ්ණා - කෙසේ අපිරිසිදුවේදැයි මෙසේ විචාරයි. යත්‍රහි නාම - යමෙක් නම්,
අප්පසද්දෙකත්වා - රාවය නැති අල්ප ශබ්ද කොට, හේ සිතීය. ශ්‍රමණ ගෞතමයා එක ප්‍රශ්නයක්වත් නොකියයි. ඔහුගේ සල්ලාප කථා ද බොහෝ නැත. මොව්හු වනාහි මුල පටන් ම ශ්‍රමණ ගෞතමය අනුව පවතිත් ප්‍රශංසා ද කරත්. මම මොවුන් නිශ්ශබ්ද කොට තමාම කියමි. හේ එසේ කෙළේය. එහෙයින් “අප්ප සද්දෙ කත්වා” යි කියන ලදී. තපොජිගුච්ඡවාදා - ආදියෙහි තපො ජිගුච්ඡ කියමි. මනසද එයම සාරකොට ගෙන හැසිරෙමු. කයින් ද එහිම ඇලී නානාප්‍රකාර අත්තකිලමථානු යුක්තව වාසය කරමු යන අර්ථයයි.