විවාද මූලානි - විවාදයට මුල් වූ. කොධනො - කිපෙන ලක්ෂණයේ ක්‍රෝධයෙන් යුක්ත වූ උපනාහී - වෛරය අත්නොහැරිය ලක්ෂණ උපනාහයෙන් යුක්ත වූ. අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං - භික්ෂූන් දෙනමකගේ විවාද කථා දෙව්මිනිසුන්ගේ අහිත පිණිස දුක් පිණිස පවතී. කොසම්බක්ඛන්ධකයෙහි මෙන් භික්ෂූන් දෙනමක් විවාදයට පැමිණි කල්හි ඒ විහාරයෙහි ඔවුන්ගේ අතවැසියෝ විවාද කරත්. ඔවුන්ගේ අවවාද ගන්නා භික්ෂුණීහු වාද කරති. එයින් ඔවුන්ගේ උපස්ථායකයෝ විවාද කරති. ඉක්බිති මිනිසුන්ගේ ආරක්ෂක දේවතාවෝ කොටස් දෙකක් වෙති. එහි ධම්මවාදීන්ගේ ආරක්ෂක දෙවියන්ගේ මිත්‍ර භූමි දෙවියෝ බෙදෙති. මෙසේ පරම්පරාවෙන් ආර්යභූමිය හැර බ්‍රහ්ම ලෝකය දක්වා බෙදෙති. අධම්මවාදීහු බොහෝ වෙති. ඉක්බිති බොහෝ දෙනා විසින් ගන්නා ලද එය සත්‍ය (තච්ඡන්ති) යයි ධර්මය අත්හැර අධර්මය ගනිති. ඔව්හු අධර්මය පෙරටුව හැසිරෙන්නෝ අපායවල උපදිති. මෙසේ භික්ෂූන් දෙනමගේ විවාදය දෙව්මිනිසුනට අහිත පිණිස දුක් පිණිස පවතී.
අඡඣත්තං වා - ඔබගේ අභ්‍යන්තර පිරිසේ. බහිද්ධා - පර පිරිසේ
මක්ඛී - අනුන්ගේ ගුණ මකන ලක්ෂණයෙන් මැකීමෙන් යුක්ත වූ පලාසී - යුගග්ගාහ (එකට එක කිරීම) ලක්ෂණයෙන් යුත් පලාසයෙන්. ඉසසුකී - පර සත්කාර ආදි නොඉවසන ලක්ෂණයෙන් යුත්. මච්ඡරී - ආවාස මසුරුකම් ආදී. සඨො - කයිරාටික. මායාවී - කරන ලද පාපය සඟවන. පාපිච්ඡො - දුස්සීල. විච්ඡාදිට්ඨි - නාස්තිවාදී, අහේතුවාදී, අකිරියවාදී, සන්දිට්ඨි පරාමාසි - තමන් දුටුදේම ස්පර්ශ කරයි. ආධාන ගාහී - දෘඩගාහී. දුප්පටිනිස්සගනී - ගත් දේ අත්හළ නොහැකි.
පඨවිධාතු - පිහිටි ධාතු. ආපොධාතු - බඳින ධාතු. තෙජොධාතු - පැසෙන ධාතු වායොධාතු - පුම්බවන ධාතු. ආකාස ධාතු - අස්පර්ශ ධාතු. විඤ්ඤාණ ධාතු - දැනගන්නා ධාතු.
නිස්සාරණීය ධාතුයො - අත්හළ ධාතු. පරියාදාය තිට්ඨාති - මැඩ නසා සිටියි. මාහෙවන්තස්ස වචනීයො - යම් හෙයකින් නොවූ දෙයක් ප්‍රකාශ කෙරේ නම් එසේ නොකිව යුතුයයි කිව යුතුය. යදිදං මෙත්තා චෙතො විමුත්ති - මෙය මෙත්තා චේතොවිමුත්තියයි. ව්‍යාපාදයේ මෙය නිස්සරණයයි. යමෙක් තෙවන සිව්වන ධ්‍යානවලින් නැගිට සංස්කාරයන් සම්මර්ෂණය කොට තුන්වන මාර්ගයට පැමිණ යළි ව්‍යාපාදය නැතැයි තුන්වන ඵලයෙන් නිවන් දකී. ව්‍යාපාදයේ අත්‍යන්ත නිස්සරණය.
අනිමිත්තා චෙතො විමුත්ති - රහත්ඵල සමාපත්ති. එය රාග නිමිත්ත ආදියේ ද රූප නිමිත්ත ආදියේ ද නිත්‍ය නිමිත්ත ආදියේ ද අභාවයෙන් අනිමිත්ත යයි කියනු ලැබේ. නිමිත්තානුසාරී - කියන ලද ප්‍රභේද ඇති නිමිති සිහි කෙරේ යනු නිමිත්තානුසාරී වේ.
අසමි - අසමි මානය. අයමහමස්මි - පංචස්කන්ධයෙහි අයං අහං නම් මම වෙමි. මෙපමණකින් අර්හත්වය විස්තර කරන ලදී. විචිකිච්ඡා කථං කථා සල්ලාපං - විචිකිච්ඡා වූ කථා කථා සල්ලාප. මාහෙවන්තස්ස වචනීයො - ඉදින් ඔබට පළමු මග වැරදුන හොත් විචිකිච්ඡා උපදී. අරහත්ත විවරණ මිථ්‍යා වෙයි. එහෙයින් අභූත නොකියවයි වැලැක්විය යුතුය. අස්මිමාන - සමුග්ඝාතො - අරහත්ත මග. රහත් මාර්ග පල වශයෙන් නිවන් දුටු විට යළි අස්මිමාන නැති නිසා අරහත්ත මග්ග අස්මිමාන සමුග්ඝාත යයි කියන ලදී.
අනුත්තරියානි - අනුත්තරානි, ජෙට්ඨකානි. දර්ශනයෙහි අනුත්තර දස්සනානුත්තරියං වේ. සෙසු පදවල ද මෙම නයමයි. එහි හත්ථි රතන ඇත් රුවන් ආදිය දස්සනානුත්තරිය නොවේ. බුදුරදුන්ගේ හෝ බික් සඟනගේ කසින අසුභ නිමිති ආදි යම් දසුනක් දස්සනානුත්තරිය වේ. ක්ෂත්රියාදීන්ගේ ගුණ කථා ඇසීම සවණානුත්තරිය නොවේ. රත්නත්‍රයේ ගුණ කථා ඇසීම ත්‍රිපිටක බුද්ධ වචනය හෝ ඇසීම සවණානුත්තරිය වේ. මැණික් රුවන් ආදි ලාභ ලාභානුත්තරිය නොවේ. සප්තවිධ ආර්ය ධනලාභ ලාභානුත්තරිය නම් වේ. ඇත් ශිල්පාදි ශික්ෂණ සික්ඛානුත්තරිය නොවේ. ශික්ෂා තුන පරිපූරණය කිරිම සික්ඛානුත්තරිය වේ. ක්ෂත්රියාදීන්ගේ පාරිචර්යාව පාරිචරියානුත්තරිය නොවේ. රතන්ත්‍රයේ පාරිචරියාව පාරිචරියානුත්තරිය නම් වේ. ක්ෂත්රිය ආදීන්ගේ ගුණ සිහි කිරීම අනුස්සුතානුත්තරිය නොවේ. රතන්ත්‍රයේ ගුණ සිහි කිරීම අනුස්සුතානුන්තරිය නම් වේ. මෙම