පධානියංගානි - පධාන වීර්යයි. වීර්ය ඇත්තා පධානිය - ප්‍රධානිය භික්ෂුවගේ අංග. සද්ධො - සද්ධාවෙන් යුත්. එය ආගමන, අධිගමන, ඔකප්පන, පසාද යයි සිව්වැදෑරුම් බෝධිසත්වයන්ගේ සද්ධාව ආගමන සද්ධා වේ. අරිය සාවකයන්ගේ සද්ධා අධිගම සද්ධා වේ. අචල සද්ධා ඔකපන්න සද්ධා වේ. ප්‍රසාදයට හේතුව සද්ධා පසාද සද්ධා වේ. මෙහි ඕකප්පන සද්ධා අහස් කරයි. බොධිං - චතුමග්ග ඤාණය, තථාගතයන් වහන්සේ එය ඉතා හොඳින් අවබෝධ කෙළේ යයි අදහයි. මෙය දේසනා සීසය. මේ අංගයෙන් වනාහි ත්‍රිවිධ රත්නයෙහි සද්ධා අදහස් කෙරේ. බුද්ධාදීන් කෙරෙහි යමෙකුගේ ප්‍රසාදය බලවත් වේද ඔහුගේ ප්‍රධාන වීර්යය ඉටුවේ. අප්පාබාධො - අරෝගය. අප්පාතංකො- නිදුක්. සමවෙපාකිනියා - සමවිපාක, ගහණියා - කම්මජ තේජෝ ධාතුවෙන්. නාතිසීතාය නාචවුණ්හාය - අතීසිත ගන්නා සිතට බිය වේ. අති උනුසුම් ගන්නා උනුසුමට බිය වේ. ඔවුන්ගේ ප්‍රධානය වීර්ය ඉටුනොවේ. මධ්‍යම ග්‍රහකයාගේ ඉටුවේ. එයින් කීහ. මධ්‍යමයාගේ වීර්ය අක්ෂමාය පිණිස වේ. යථාභූතං අත්තානං ආවිකත්ත - ඇති සැටි තමාගේ අගුණ ප්‍රකාශ කරන ලදී. උදයත්ථගාමිනියා - උදාවීමද අස්ථංගමය ද යෑමට පිරිසිඳීමට සමර්ථ. පනස් පරිග්‍රහ ලකුණු උදයව්‍යය ඤාණය මෙයින් කියන ලදී. පිරිසිදු වූ. නිබ්බෙධිකාය - නොබිඳුණු පෙර ලෝභ ස්කන්ධ ආදිය විනිවිද යෑමට සමත්. සම්මා දුක්ඛක්ඛය ගාමිනියා - තදංග වශයෙන් දේශ ප්‍රහීන කළබැවින් යම් දුකක් ක්ෂයවීම සඳහා මෙසේ මේ සියළු පදවලින් විපස්සනා පඤ්ඤාවම කියන ලදී. දුප්පඤ්ඤයාට පධාන ඉටු නොවේ.
සුද්ධාවාසා - සුද්ධා මෙහි විසූහ. වසති, වසන්නාහ යයි සුද්ධාවාස වේ. සුද්ධා - කෙලෙස් මල රහිත. අනාගාමී ඛීණාසවයා. අවිහ ආදියෙහි කිවයුතු දේ මහාපදානයෙහි කියන ලදී.
අනාගාමීන්ගේ ආයුෂ මැද දී නොඉක්මවා කෙලෙස් පිරිනිවී රහත්වනතුරු පැවතීම අන්තරා පරිනිබ්බායි - නම් වේ. මැද ගැටී ඉක්මවා පැමිණියේ උපහච්ච පරිනිබ්බානයි - නම් වේ. අසංඛාරයෙන් අප්‍රයෝගයෙන් ක්ලාන්ත නොවී සැපයෙන් පැමිණියේ අසංඛාර පරිනිබ්බායි - නම් වේ. සසංඛාරයෙන් ප්‍රයෝග සහිතව ක්ලාන්තව දුකින් පැමිණියේ සසංඛාර පරිනිබ්බායි - නම් වේ. මේ සතර පංච සුද්ධාවාසවල ලබති. උද්ධං සොතො අකනිට්ඨගාමී - මෙහි වනාහි චතුක්කයක් දත යුතුය. යමෙක් අවිහයෙහි පටන් සතර දෙව් (බඹ) ලෝ සොයා අකනිටාවට ගොස් පිරිනිවන් පායි. මෙතෙම උද්ධංසොත අකනිට්ඨගාමී නම් වේ. යමෙක් අවිහයෙහි පටන් දෙවෙනි හෝ තෙවන හෝ සතරවන හෝ දෙව්ලොවට ගොස් පිරිනිවන් පායි. මෙතෙම උද්ධංසොතො න අකනිට්ඨගාමී - නම් වේ. යමෙක් කාමභවයෙන් අකනිට්ඨයෙහි ඉපදී පිරිනිවන් පායි. මෙතෙම න උද්ධංසොත - අකනිට්ඨගාමී නම් වේ. යමෙක් යට දෙව්ලෝ සතරෙහි ඉපදී පිරිනිවන් පායි. මෙතෙම න උද්ධංසොතො න අකනිට්ඨගාමී - නම් වේ.
චෙතොඛිල - සිතේ තද බව, සත්ථරි කංඛති - ශාස්තෲ ශරීරයෙහි හෝ ගුණයෙහි හෝ සැක කරයි. ශරීරය ගැන සැක කරන්නේ දෙතිස් උතුම් පුරිස් ලකුණ ඇතිදැයි නැතිදැයි සැක කරයි. ගුණය ගැන තෙකල් දන්නා සර්වඥ ඤාණය ගැන සැක කරයි. ආතප්පාය - විරිය කරනු පිණිස. අනුයොගාය - නැවත නැවත යෙදීම සඳහා. සාතච්චාය - නිතර කිරීම පිණිස. පධානාය - වීර්ය කිරීම සඳහා. අයං පඨමො චෙතොඛිලො - මේ ශාස්තෲන් කෙරෙහි විචිකිච්ඡා සංඛ්‍යාත සිතේ පළමු තදබව. ධම්මෙ - පරියත්ති පටිපත්ති පටිවෙධ ධර්මයෙහි. පරියාප්ති ධර්මයෙහි සැක කරන්නා. ත්‍රිපිටක බුද්ධ වචනය - අසූහාර දහසක් ධර්ම ස්කන්ධ යයි කියති. මෙය ඇත්දැයි නැත්දැයි සැක කරයි. ප්‍රතිවෙධ ධර්මයෙහි සැක කරන්නා විපස්සනාවෙන් මාර්ගය ද මාර්ගයෙන් ඵලය ද ගලා එයි. සියළු සංස්කාර අත්හැරීමෙන් නිවාත යයි කියති. එය ඇත්ද නැත්ද සැක කරයි. සංඝෙ කංඛති - උජුපටිපන්නො ආදි පද වශයෙන් මෙබඳු වූ ප්‍රතිපදාවට පිළිපන්නේ සතර මාර්ගයට පැමිණි සතර පලයට පැමිණි අෂ්ට පුද්ගලයින්ගෙන් යුක්ත වූ සංඝයා සිටී ද නැද්ද යයි සැකකරයි. සික්ඛාය කඞඛමානො - අධිසීල සික්ඛා, අධි චිත්ත සික්ඛා, අධිපඤ්ඤා සික්ඛා නමැයි කියති. ඒවා ඇත්ද නැද්දැයි සැක කරයි. අයං පඤ්චමො - මෙය සබ්‍රහ්මචාරීන් කෙරෙහි කෝප සංඛ්‍යාත පස්වැනි. සිතේ තද බවයි. කසල බවයි, කණු බවයි.